
(අංජුල මහික වීරරත්න)
රට බංකොළොත්භාවයෙන් ගොඩගැනීමට තමා නිසැකවම කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ණය බරින් නිදහස් වූ මෙන්ම ණය ගෙවීමට හැකි ආර්ථිකයක් ගොඩනඟන බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා ජපන් සබඳතාවලට 70 වසරක් සපිරීමට සමගාමීව ටොයෝටා ලංකා සමාගම කඩවත ප්‍රදේශයේ ඉදිකළ මෝටර් රථ අමතර කොටස් සැපයුම් මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.
"අද වියට්නාමයේ ආර්ථිකය ෆෝමියුලා වන් රේසින් කාර් එකක් වගේ. අපේ ආර්ථිකය තාම ත්‍රීවිල් එකක් වගේ. ඉතින් අපි කොහොමද සිංගප්පූරුවේ ධාවන තරගයට යන්නේ. අනෙක් රටවලට තියෙනවා ෆෝමියුලා වන් රේසින් කාර්. අපිට පුළුවන් ද ත්‍රීවිල් එකකින් ගිහින් තරග කරන්න. මේක හොඳයි ජනතාවට එදිනෙදා ගමන් යන්න. ඒකට කිසිම ප්‍රශ්නයක් නෑ. මම නැවතත් එය හොඳයි කියලා කියනවා. ඒත් රේස් එකට හරි යන්නේ නෑ. අපි කොහොමද දිනන්නේ. එහෙම නම් අපිත් රේසින් කාර් එකක් හොයා ගන්න ඕනේ. හොඳ එංජිමක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ හොඳ ආර්ථිකයක්. ඒ ආර්ථිකය තමයි අපි දැන් ගොඩනගමින් සිටින්නේ යනුවෙන් ද ජනාධිපතිවරයා කීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැතුව නැතුව, රනිල් මේ රට ගොඩදානවා. ආර්ථිකයත් දියුණු කරනවා. අවුරුදු 45ක් පාර්ලිමේන්තුවේ හිටියත් මේ පාර තමයි හරියටම රනිල් වැඩ පටන් ගන්නේ... ජනතාව කිසිම දේකට බය වෙන්න එපා. 2048 තමයි රනිල්ගේ ආර්ථිකයේ ප්‍රතිලාභ සියලු දෙනාටම ලැබෙන්නේ.. පොඩ්ඩක් ඉවසලා ඉන්න 2048 වනතුරු...
මෙයාගේ අවුරුදු 45ක දේශපාලන ජීවිතේදී රටට පලදායි කිසිම වැඩක් කරලා නැහැ.
එතුමාට විශ්වාසක් ඇති අපටනම් නැහැ.
කොහෙන් හරි ණයක් අරගෙන එදා වේල ගැටගහ ගැනීම හැර, මෙයා දන්නා වෙන දෙයක් නැහැ.
හොරු රකිමින් රටක් දියුණු කරන රට වේවි..!
ගොඩගන්නවා කියනවා. ඒත් වැඩපිළිවෙලක් නැහැ. කරන්නේ මොකක්ද කියන්නේ නැහැ.
රට ගොඩ දමන්න නිශ්චිත වැඩපිළිවෙලක් තවම ඉදිරිපත් කර නැහැ. නුදුරේද ඉදිරිපත් වෙන්නේද නැත.
රට බංකොලොත් බවෙන් මුදාගෙන ගොඩ දැමීමේ තීරණය අගය කළ යුතුයි. ඒත්, අපට තිබෙන ගැටළුව වන්නේ රටම හොරා කෑ සාටක හොර නඩය ලංකරගෙන එසේ කරන්නේ කෙසේද කියලයි. ඔවුන්ගේ හොරකම් හා රට බංකොලොත් කළ වැඩ වලට විරුද්ධව පාරට බැස්ස අයට දඬුවම්. ඒත්, හොරුන් නිදැල්ලේ. මොල හතානෝ හෙවත් රටට කෙළෙව්වා නෝ ආයේ ඇවිදින්. හොර නඩය ද ආයෙත් කළ එළි බැහැලා. අනේ මන්දා මේවා ...
සමනල රෑනක් හිටු කියලා unlike කරනවා.ලැජ්ජයි නේ....
අනේ සර් එහෙනම් කොහොම හරි කරලා අපිට ශ්‍රමිකයන් විදියට වියට්නාමෙට යන්න මාර්ග හදලා දෙන්න...
තව බිලියන 5ක් නය ගනන්වලු ලබන අවුරුද්දෙ. . රජ්ය සම්පත් " ප්‍රතිව්‍යහගත කරල තව බිලියන 3ක් හොයා ගන්නවලු. . සිංහල තේරෙන අපි නම් දනන්ව පින් ගොනා හැරෙද්දි පොල් පැලෙයි කෙහෙල් පැලෙයි දෙකටම කෙලලා යයි කියලා.. එ අස්සෙ කියනව නය බරින් තොර රටක් ගොඩ නගනවලු... වල පයයි ගොඩ පය කාලයි තියෙන මිනිහෙක් රටක අනාගතයක් ගැන ලොකු කතා කියද්දි මට නම් මතක් වෙන්නෙ ඇනස්ලි බර්ටි සැමුවෙල් තුන්දෙනාව
ආසියාවේ ආශ්චර්යයයි, සෞභාග්‍යයේ දැක්මයි පෙන්වනවා කියපු උන්දැලාටත් බැරි වෙච්චි එකේ රනිල් කොහේ කරන්නද? දූෂිත පවුල් පාලනේ අයව රකින එක නම් කරයි, වෙන මොනවා නැතත්...
බම්බුව තමයි නයට කාල දැන් ගොඩ දානවලු.