(යොහාන් භාසුර සහ මුදිතා දයානන්ද)
ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාට විරෝධය දක්වමින් හෙට (4) කොළඹදී පැවැත්වීමට නියමිත විරෝධතාවට සමගාමීව මරදාන එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිට අරගගකරුවන් පිරිසක් ‘කොහේ තියෙන නිදහසක්ද?’ යන තේමාව යටතේ අද (3) පස්වරුවේ ආරම්භ කළ සත්‍යග්‍රහයට රාත්‍රී 9.00 ට පමණ දැවන්ත ජල සහ බැටන් ප්‍රහාරයක් එල්ල කර පොලිසිය එම ස්ථානයෙන් පිරිස පන්නා දැමීය.
විනාඩි 30 ක් පමණ ජල ප්‍රහාරයක් ක්‍රියාත්මක කිරීම නිසා එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිට ජලයෙන් පිරී ගිය අතර ජල ප්‍රහාරය මධ්‍යයේ ද අගලකරුවෝ එම ස්ථානයේ රැදී සිටියහ.
ඉන් පසුව පොලිසිය සහ පොලිස් කැරලි මර්දන කණ්ඩායම් එම පිරිසට එළව එළවා පහර දෙමින් එම ස්ථානයෙන් ඉවත් කළ අතර අරගලකරුවෝ එම ස්ථානයෙන් ඉවත්ව වෙනත් ස්ථානයක රැස්වූහ.
එම ප්‍රහාරයට පෙර පොලිස් නිලධාරීන් එම ස්ථානයට පැමිණ අධිකරණ නියෝගයක් පෙන්වා එම ස්ථානයෙන් ඉවත් වන ලෙස බල කළ ද එහිදී නීතිඥායන් ඇතුළු පිරිස සාමකාමීව ක්‍රියාත්මක එම සත්‍යග්‍රහයෙන් ඉවත්වන ලෙස නියෝගයක් අධිකරණය දී නොමැතිව බව පෙන්වා දුන්හ.
ඒ අනුව පොලිසිය එම ස්ථානයෙන් ඉවත්ව ගිය පසු මැර කණ්ඩායමක් පැමිණ සත්‍යග්‍රහයට පහර දුන් බව ද වාර්තා වේ. මැර කණ්ඩායම ඉවත්ව ගිය පසු පොලිසිය දැවැන්ත ජල ප්‍රහාරය ක්‍රියාත්මක කළ බවත් ඉන් පසුව එළව එළවා පහර දුන් බවත් අලගකරුවෝ පැවසූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
Good good very good
මේ පිනාධිපති හිටලර්ට වඩා දූෂිතයෙක්. හැකි ඉක්මනින් පන්නා දැමීමට සියලු ජනතාව එක් වෙමු. මේ සිදුකළ ම්ලේච්ඡ ප්‍රහාරය පිළිඳවට ජාත්‍යන්තරය දැනුවත් කරමු.
චන්ද්‍රිකාට, මහින්දට, සිරිසේනට, ගෝඨාට බලය අරන් දීපු ජේවීපි එක කෘෂිකර්ම ඇමතිකම කරද්දි වැව් 1000 ක් ගොඩ දැම්ම හැටි අපි දැක්කනේ. ජේ.වී.පීකාරයෝ බලය අරන් දුන්න ඔක්කොටම නිදහස සමරන්න හොඳයි. රනිල් ජනාධිපති කළොත් නරකයි. කුහකකම් අත් හැරපල්ලා. ඒ මනුස්සයා නිසා තමයි මේ දූපත දැන් රැකිලා තියෙන්නේ. ජේ.වී.පීකාරයෝ නිෂ්ශබ්ද මොක බැලුවා. මේ නැටමට තමයි අර ඇඳලා තියෙන්නේ හූ...
අන්න ඒකයි අපි රනිල් මහත්කයට කැමති! බොරැ අරගලකාරයින්ට තේරෙන බාසාවෙන් උත්කර දෙන නිසා.
අපගේ නිවෙස්වලට ඡන්දය හිඟාගෙන පිනාධිපතිගේ සහ මයිනන් දෙදෙනාගේ මැරයන් පැමිණියහොත් ඔවුන්ට සලකන්නේද මේ ආකාරයෙන්ම තමා. ඔවුන් මේ පාර එසේ නොපැමිණෙන බව මට විශ්වාසයි.
ඒකනේ කියන්නේ. තුංඩු කෑල්ලෙන් ලයිට් නිවාගෙන, බස් නැතිව හැත්ක්ම ගණන් පයින් ඇවිදගෙන ගිය කාලයේ අපිට කොයිතරම් නිදහසක් තිබුණාද? ඔනාවට වඩා කට ඇරියොත් ගල් කටස්, චන්දේ දැම්මොත් ....වෙල මැද්දේ පහුවදා බුදි...අපි ආයෙත් ඒ නිදහස් යුගයට පා නගමු. ලංකාවේ බුද්දි(යගෙන)මත්(වූ) මිනිසුන්ගේ අරගලයට ජය වේවා!
අරගලකාරයෝ උන්ගේ අවශ්‍යතාවයන් ඉෂ්ටකර ගන්න අපෙනිදහස ඇපයට ගන්නවානම් උන්ට ජල ප්‍රහාර නොවෙයි වෙඩි ප්‍රහාර දීලා අපේ නිදහස රැකදෙනවානම් එකයි අපේ නිදහස? අරගල කාරයෝ රටේ 2/5 දෙනවාට අරගල කරන්නේ නැහැ නේද? අරගල කාරයෝ අරගල කරන්නේ ජෙප්පෝ බලයට ගෙන එන්න.
අරගල කියලා කරන්නේ ජේවීපී එකට කඩේ යන එක. ඒ අය කැමති නෑ රට දියුණු වෙනවට.. මොන දේ කලත් කුහක කම.
දෙවියනේ... කෝ මේ එදා අරගලවලට මුර දේවතාවුන් ලෙස පූර්ණ රැකවරණ දීපු බටහිර තානාපතිවරු ටිකයි, ටයි කෝට් සාරි ඔසරි ඇඳගත්තු නෝනා මහත්වරු ටිකයි...
ඕකුන්ට ගහලා එළවන්න ඕනි. හරිම හොඳයි.
උඩින් කමෙන්ට් කරලා තියෙන කුලියට ලියන්නො හිතාගෙන ඉන්නේ රනිල් ආවට පස්සේ රට සුරපුරයක් වෙලා තියෙන්නේ කියලා.තොපි වගේ වහල්ලු හින්දා අපේ දරුවො අපා දුක් විඳිනවා.තොපිට ඒ යතාර්තය පේන්නෙ නැහැ.ලැජ්ජා වෙයල්ලා.උදේට අභිමානය.රෑට කළුවරේ.ඉස්පිරිතාලෙ බෙහෙත් ටික නැහැ.අසරණ මිනිස්සු සල්ලි වලට ගන්නේ.තොපි මෙතන වහල්කම් කරනවා.අපිව මේ වලපල්ලට දාපු පාලකයන්ට සහ උන්ට බැලමෙහෙවරකම් කරන තොපි වගේ සට්ටම්බිරාළලාටත් ශාප කරනවා ඇර වෙන කරන්න දෙයක් නැහැ
අරගල කරුවන්ට බැටන් ප්‍රහාරය දෙන්නේ සාමාන්‍ය ජනතාවගේ නිදහස පිණිසයි.