
(අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර)
රටේ ආර්ථිකය ගොඩ නැගීමට යැයි කියමින් ඇඹිලිපිටිය ප්‍රදේශයේ අක්කර දස දහසක ගංජා වගාකිරීමට ඇති සුදානමට ඇඹිලිපිටියේ මහා සංඝරත්නයත්, බෞද්ධ පිංවතුනුත් කිසිසේත් ම ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ඕමල්පේ සෝභිත හිමියෝ ඇඹිලිපිටියේ දී පැවසූහ.
‘අද ඇඹිලිපිටිය භෞතික සම්පත්වලින් සීග්‍රයෙන් දියුණුවන නගරයක් බවට පත්වෙලා තියනවා. ඇඹිලිපිටිය කියනකොට ඉස්සර තිබුණේ නරක චිත්‍රයක්. ප්‍රදේශයේ මහා සංඝරත්නය, බෞද්ධ පින්වතුන් එක්වෙලා අඹිලිපිටියට ආධ්‍යාත්මික සියුණුවක් ලබාදීපු බව කිව යුතුමයි. හැත්තෑව වනතෙක් ම අඹිලිපිටිය ප්‍රසිද්ධව තිබුණේ ගංජාවලට. මැලේරියාවට. අඩුකුලියට කුලීකරුවන් සපයාගන්නා මධ්‍යස්ථානය හැටියට. දඩ මස්වලට. මිනීමස් වලටත් ප්‍රසිද්ධියක් තිබුණා.
‘ඒ අතීතය බුදුදහමේ ආභාෂය ලබාදෙමින් පරිවර්ථනයට පත්වුණා. ඒ කාලේ අපි ගමනක් යන කොට ඇඹිලිපිටියේ කිව්වාම උපහාසාත්මකව බැලීමක් තිබුණා. ඇඹිලිපිටියේ අපි ඈත පළාත්වල ගියාම ඒ පැතිවල තරුණයෝ අපිව ඔලොක්කුවට අරගෙන කුරුලූ බැදිදේ ගීතය ප්‍රතිසංවිධානය කරමින් ‘ඇඹිලිපිටියේ ගිහිල්ලා බඩු මිටියක් ගෙනැල්ලා තාලයකට තියාලා පොඩි සුරුට්ටුවක් ඔතාලා’ කියලා ගායනා කරමින් කිව්වා. එවන් තත්ත්වයක් තිබුණු ඇඹිලිපිටිය අද ආධ්‍යාත්මික වශයෙන් දියුණුවී බෞද්ධාගමික පරිසරයක් ගොඩනැගී ඇති බව කිව යුතුයි.
‘මෙවන් පරිසරයක අපට ඇහෙනවා කණකොක් හඬක්. ඇඹිලිපිටිය යළිත් වරක් ගංජා පුරවරයක් බවට පත්කිරීමේ උත්සාහයක් දැන් ඉදිරිපත් වෙලා තියනවා. දේශීය වෛද්‍ය ඇමතිවරයා පසුගියදා කියනවා ගංජා වගාවට ඇඹිලිපිටිය ප්‍රදේශයේ අක්කර දහදාහක් වෙන් කරන්න යනවා කියලා. හැබැයි ජනාධිපතිවරයා ඒ කියන්නේ ගංජා කියලා නෙවෙයි. ත්‍රෛලෝක විජය පත්‍ර කියලා. හොඳ බුදධිමතුන් පිරිසක් ඒ නම තියලා තියෙන්නේ. ත්‍රෛලෝක විජය පත්‍ර කියන්නේ තුන්ලෝකය ජයග්‍රහණය කළ කියන එක. කංසා බීලා මත්වුණ කෙනෙකුට හිතෙන්නේ තමන් තුන් ලෝකේ ලොක්කා කියලා යැයි ඒ හිමියෝ පැවැසූහ
ඉත්තෑදෙමළියේ ධම්මසිරි හිමියන්ට සද්ධර්ම කීර්ති සොනුත්තර කොළොන්න කෝරලයේ ප්‍රධාන සංඝනායක පදිවිය පිරිනැමීම නිමිත්තෙන් ඇඹිලිපිටිය බුද්ධි මණ්ඩපයේ පැවති උත්සව සභාවකදී උන් වහන්සේ මේ බව පැවසුහ.
COMMENTS
කවදාවත් රටේ හොඳක් වෙනවට කැති නැති මේවගේ අය නිසා තමයි ලංකාව අද මේ තත්ත්වයට වැටුණේ. මහන කමට නිගානොකර ඉන්න අපේ හාමුදුරුවනේ.
ගෞරවනීය ස්වාමීන් වහන්ස, ඇඹිලිපිටියේ නෙවෙයි, ලංකාවේ කොහේ වුණත් මේ ගංජා වවන්න ඉඩදෙන්න එපා. එසේ කළොත් එය ජාතියේ විනාශය වේවි...!
කංසා බොන අය තමයි කංසා වගාව යෝජනා කරලා තියෙන්නෙත්...
ඕක ඔබවහන්සේගේ නොදන්නාකමද, මෝඩකමද, එහෙමත් නැත්තං ගොන්කමද කියලා දන්නේ නෑ මම... ඇයි ඔය දර්ශනය අරක්කු සහ සිගරට්වලට නැත්තේ...?
දැනටත් වෙන්නේ මේ උන්නාන්සේලා අවසරය අරගෙන වෙන්න ඇති...!
ශාසනය නගා සිටුවනවා කියන්නේ ,, බෝගයකට අකුල් හෙලන එකද ?
ගඟේ ගසාගෙන යන මිනිහා තණකොළ පැලෑටියක් දැක්කම ඒකෙත් එල්ලෙනවා මොකද බේරෙන්න පුළුවන් කියලා හිතලා.ඔබ වහන්සේ ජාත්‍යන්තර පාසැලක් කරන ගොඩනැගිල්ලෙ ඉස්සර ජනරංජන හෝටලේ තිබුනා කියලා අහල තියෙනවා ඒකෙ නැති දෙයක් නෑ කියලා අහලා තියෙනවා දැන් ඒක නැතිවීම හොදයි ඒත් හාමුදුරුවනේ රජය මගින් වගාව සදහා බලපත්‍ර දීලා මිනිස්සු තම තමන්ගෙ ඉඩම්වල කංසා නැත්නම් ගංජා වගාව කලොත් මොකද කරන්නෙ රජයට අක්කර දාහක් බැරිවුනොත් කෙනා දෙන්නා අක්කර කාලක් බාගයක් ලෙසට වැව්වොත් කොහොම නතර කරන්නද ඉක්මනින් ධනවතුන් වෙන්න කවුද අකමැති . සතෙන් සතේ රුපියල් වෙනවා නේද
ඇඹිලිපිටිය ඔහුට අයිතිද? කවදා සිටද ?
එතකොට පන්සල්වල සාමාන්‍යයෙන් දුෂණයට ඉඩ දෙනවද ?
මේ රටේ ලෙඩ රෝග නිවාරණය කර ගැනීමට නො හැකි වූයේ ගංජා වගාව නැති නිසා නොවේ. ආයුර්වේදය ඖෂධ සඳහා දේශීය (නීති විරෝධී) වගා තුලින් සපුරා ගත්ත ද මේ රටේ සමස්ත ලෙඩ රෝග නිවාරණ වැඩ පිළිවෙළ ගංජා තුලින් සාර්ථක කර ගෙන නැත. ඒ එසේ වුව ද දේශීයව වගා කරන ගංජා වගාකරුවන්ගේ ඉලක්කය වනුයේ ඖෂධ සඳහා නොව මත් කාරකයක් ලෙස නීති විරෝධීව අලවි කිරීමට ය. ඒ තුලින් පෙනී යන්නේ මෙරට, ඖෂධ කාරකයකට වඩා මත් කාරකයක් ලෙස ගංජා ව්‍යාප්ත වී ඇති බව ය. ආයුර්වේදය තිබෙන මෙරට, ගංජා ඖෂධයකට වඩා මත් කාරකයක් ලෙස භාවිතා කරන්නේ නම් ආයුර්වේද නැති බටහිර රටවල ගංජා ඖෂධයක් ලෙස විශේෂයෙන් ආයුර්වේද ඖෂධයක් ලෙස භාවිතයට ගැනීමට හේතු නැත. වෙනත් බටහිර ඖෂධ නිෂ්පාදනයට ගැනීම සඳහා ගංජා අපනයනය කරනවා' යයි කියන උදවිය එක්සත් ජාතීන්ගේ මත් ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය විසින් නිකුත් කර ඇති ගංජා සම්බන්ධ වර්තා පිළිබඳව අවධනය යොමු කිරීම ද වටී. ඇතැම් බටහිර රටවල ගංජා දුම් උරා බීම තහනම් නැත; විදේශ තුල මත් ද්‍රව්‍යක් ලෙස (දුම් උරා බීමට) ගැනීමට ඉඩ දී ඇත. එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය ගංජා මත් ද්‍රව්‍යයක් වශයෙන් පිළිගෙන ඇති බැවින් සහ සහ විදේශ විනිමය උපැයීමට ගංජා වැවීම හා විකිනීම මෙරට අනාගතය මහත් අපකීර්තියක් සමග වේදනාබර අනාගතයක් උරුම වීමට මඟ පාදනු ඇත. United Nations Office on Drugs and Crime UNODC World Drug Report 2022 highlights trends on cannabis post-legalization, environmental impacts of illicit drugs, and drug use among women and youth "එක්සත් ජාතීන් මත් ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය UNODC ලෝක ඖෂධ වාර්තාව 2022 ගංජා පශ්චාත් නීතිගත කිරීම, නීති විරෝධී මත්ද්‍රව්‍යවල පාරිසරික බලපෑම් සහ කාන්තාවන් සහ තරුණයින් අතර මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳ ප්රවණතා ඉස්මතු කරයි." © UNODC. Vienna (Austria), 27 June 2022 - Cannabis legalization in parts of the world appears to have accelerated daily use and related health impacts, according to the UN Office on Drugs and Crime (UNODC)'s World Drug Report 2022. Released today, © UNODC. "වියානා (ඔස්ට්‍රියාව), 27 ජූනි 2022 - එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය (UNODC) හි 2022 ලෝක ඖෂධ වාර්තාවට අනුව, ලෝකයේ සමහර ප්‍රදේශවල ගංජා නීතිගත කිරීම දෛනික භාවිතය සහ ඒ ආශ්රිත සෞඛ්‍ය බලපෑම් වේගවත් කර ඇති බව පෙනේ. අද නිකුත් කරන ලදී. "According to the report, around 284 million people aged 15-64 used drugs worldwide in 2020, a 26 per cent increase over the previous decade. Young people are using more drugs, with use levels today in many countries higher than with the previous generation "වාර්තාවට අනුව, 2020 දී ලොව පුරා වයස අවුරුදු 15-64 අතර පුද්ගලයින් මිලියන 284 ක් පමණ මත්ද්‍රව්‍ය භාවිතා කළ අතර එය පෙර දශකයට වඩා සියයට 26 ක වැඩිවීමකි. තරුණයින් වැඩි වශයෙන් මත්ද්‍රව්‍ය භාවිතා කරන අතර අද බොහෝ රටවල භාවිතයේ මට්ටම පෙර පරම්පරාවට වඩා ඉහළ ය." Early indications and effects of cannabis legalization Cannabis legalization in North America appears to have increased daily cannabis use, especially potent cannabis products and particularly among young adults. Associated increases in people with psychiatric disorders, suicides and hospitalizations have also been reported. Legalization has also increased tax revenues and generally reduced arrest rates for cannabis possession "ගංජා නීතිගත කිරීමේ මුල් ඇඟවීම් සහ බලපෑම් උතුරු ඇමරිකාවේ ගංජා නීතිගත කිරීම දෛනික ගංජා භාවිතය, විශේෂයෙන් ප්‍රබල ගංජා නිෂ්පාදන සහ විශේෂයෙන් තරුණ වැඩිහිටියන් අතර වැඩි වී ඇති බව පෙනේ. මානසික ආබාධ, සියදිවි නසාගැනීම් සහ රෝහල් ගතවීම් ඇති පුද්ගලයින්ගේ ආශ්රිත වැඩිවීම් ද වාර්තා වී ඇත. නීතිගත කිරීම බදු ආදායම වැඩි කර ඇති අතර සාමාන්‍යයෙන් ගංජා ළඟ තබා ගැනීම සඳහා අත්අඩංගුවට ගැනීමේ අනුපාත අඩු කර ඇත." Key drug trends broken down by region In many countries in Africa and South and Central America, the largest proportion of people in treatment for drug use disorders are there primarily for cannabis "ප්‍රධාන මත්ද්‍රව්‍ය ප්රවණතා කලාපය අනුව බෙදී ඇත අප්‍රිකාවේ සහ දකුණු සහ මධ්‍යම ඇමරිකාවේ බොහෝ රටවල, මත්ද්‍රව්‍ය භාවිතයේ අක්‍රමිකතා සඳහා ප්‍රතිකාර කරන පුද්ගලයින්ගෙන් විශාලතම ප්‍රතිශතය මූලික වශයෙන් ගංජා භාවිතයේ ආබාධ සඳහා වේ." The report further emphasizes the importance of galvanizing the international community, governments, civil society and all stakeholders to take urgent action to protect people, including by strengthening drug use prevention and treatment and by tackling illicit drug supply. "මත්ද්‍රව්‍ය භාවිතය වැළැක්වීම සහ ප්‍රතිකාර කිරීම ශක්තිමත් කිරීම සහ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය සැපයුම මැඩපැවැත්වීම ඇතුළුව ජනතාව ආරක්ෂා කිරීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට ජාත්‍යන්තර ප්‍රජාව, රජයන්, සිවිල් සමාජය සහ සියලුම පාර්ශවකරුවන් පෙළඹවීමේ වැදගත්කම වාර්තාව තවදුරටත් අවධාරණය කරයි." …………………………………… Repercussions of cannabis legalization In North America, legalized cannabis on a state level – especially new potent products containing elevated levels of high-inducing THC - appears to have increased daily usage, particularly among young adults "ගංජා නීතිගත කිරීමේ ප්‍රතිවිපාක උතුරු ඇමරිකාවේ, රාජ්‍ය මට්ටමින් නීතිගත කරන ලද ගංජා - විශේෂයෙන් ඉහළ ප්‍රේරක THC මට්ටම් අඩංගු නව ප්‍රබල නිෂ්පාදන - දෛනික භාවිතය, විශේෂයෙන් තරුණ වැඩිහිටියන් අතර වැඩි වී ඇති බව පෙනේ."
"ගංජා නීතිගත කිරීමේ ප්‍රතිවිපාක උතුරු ඇමරිකාවේ, රාජ්‍ය මට්ටමින් නීතිගත කරන ලද ගංජා - විශේෂයෙන් ඉහළ ප්‍රේරක THC මට්ටම් අඩංගු නව ප්‍රබල නිෂ්පාදන - දෛනික භාවිතය, විශේෂයෙන් තරුණ වැඩිහිටියන් අතර වැඩි වී ඇති බව පෙනේ."
මේ කමෙන්ට්ස් දැක්කම පේනවා සූස්තිකාරයෝ කී දෙනෙක් ඉන්නවද කියලා.
මින්ට්ස් වාසියක් නැෂනල් මුන් විරුද්ධයි ?
ඇඹිලිපිටියේ බෝධිරාජ ඉන්ටර්නැෂන්ල් පාසලේ රජයේ ගුරුවරු උගන්වනවා. ඒක කොහොමද වෙන්නේ? ජාත්‍යන්තර පාසල්වල රජයේ ගුරුවරු ඉන්න විදියක් නැහැනේ. තමන්ගේ වැරදි හදාගෙන ඉන්න ඉස්සෙල්ලා.
සියලු සම්පත් අත්හැර මහන වුවත්. පංසල් වල තියෙන සැප ගිහියන්ට නැත.
ආරියතිලකගෙ ඉහත ලිපිය අපට බොහො දේ කියනව. . නමුත් ඇමරිකාවෙ තත්වය ගැන කියවෙන දේවල් මාධ්‍ය තුල කොතෙක් ප්‍රචාරය වෙලා තියෙනවද? මම නම් දැක්කෙම නැති තරම්. . ඇඹිලිපිටියෙ කන්සා වගාව ගැන ලංකාවෙ නොදන්නෙ සෝහිත හාමුදුරුවොම විතරයි වෙන්න ඇති. .එතකොට උන්වහන්සේගෙ කතාවෙ ගනන් ම දෙයදෙ නෑනෙ??
ඔව් හාන්දුරුවනේ අපිත් කංසා වවනවාට විරුද්දයි අපි ත්‍රෛලෝක විජය පත් වවමු.