IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


“කිසිවෙක් අතහැරෙන්න දෙන්න එපා” වැඩසටහනට අයදුම්පත් ලක්ෂ 23ක්

(අංජුල මහික වීරරත්න)

“කිසිවෙක් අතහැරෙන්න දෙන්න එපා" තේමාව යටතේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ආරම්භ කළ අඩු ආදායම්ලාභී පවුල් වෙත සුබ සාධන ප්‍රතිලාභ ලබාදීමේ කඩිනම් වැඩපිළිවෙළට අද (12)  වන විට අයදුම්පත් ලක්ෂ 23ක් ලැබී ඇතැයි  සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

ඒ අතරින් අද (12) වන විට අයදුම්පත් 624, 714ක්  පද්ධතියට ඇතුළත් කර ඇති අතර දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කාර්යාල 341ක ස්ථාපිත සුබ සාධක ප්‍රතිලාභ තොරතුරු ඒකක මඟින් සියලුම අයදුම්පත් පද්ධතියට ඇතුළත් කිරීම කඩිනමින් සිදු කෙරේ.

මෙම වැඩසටහන සඳහා වන නියමු ව්‍යාපෘතියක් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල කිහිපයක් කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වුණු අතර ජනතාව විශාල උනන්දුවකින් ඊට එක්ව සිටී බවත් සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කරයි.  

මේ වන විට සුබ සාධක ප්‍රතිලාභ ලබන හෝ පොරොත්තු ලේඛනයේ සිටින පවුල් මිලියන 3.3ට අමතරව, කොවිඩ් දෙවැනි රැල්ල හේතුවෙන් හා ශ්‍රී ලංකාව මුහුණ දෙන ආර්ථික අර්බුදය හමුවේ අලුතින් අඩු ආදායම්ලාභී තත්ත්වයට පත්ව ඇති බවට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන වාර්තා කර ඇති පවුල් ලක්ෂ 06ක්ද මේ සඳහා අයදුම් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඒ අනුව මෙම සමාජ සුබ සාධක වැඩසටහන සඳහා පවුල් මිලියන 3.9ක් අයදුම් කරනු ඇති බවට ඇස්තමේන්තු කර ඇත.

මෙම වැඩසටහන යටතේ  අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 39ක්  සුබසාධක ප්‍රතිලාභ ලැබීමට නියමිතව ඇත.

 අදියර 06ක් යටතේ ක්‍රියාත්මක මෙම වැඩසටහනේ පළමු පියවර අතරතුර දෙවනි පියවරද ක්‍රියාත්මක වෙමින් පවතින අතර ගෘහ ඒකක වෙත ගොස් දත්ත එක් රැස් කිරීම මීලඟ පියවර බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය වැඩිදුරටත් පවසයි. 

සමෘද්ධිලාභීන්, වැඩිහිටි, ආබාධිත ,වකුගඩු රෝගී ලෙස මේ වන විටත් සුභසාධක ප්‍රතිලාභ ලබන්නන් මෙන්ම අලුතින් සුබ සාධක ප්‍රතිලාභ අපේක්ෂා කරන්නන් මේ සඳහා ලියාපදිංචි විය යුතුව ඇත. 



අදහස් (2)

“කිසිවෙක් අතහැරෙන්න දෙන්න එපා” වැඩසටහනට අයදුම්පත් ලක්ෂ 23ක්

fairoos Wednesday, 12 October 2022 01:40 PM

ලංකාව මේ තත්වෙට පත්කරපු කාලකණ්ණි දේශපාලකයන්ට නම් සොබාදහමින් පඩිසන් ලැබේවි...

:       0       4

sharm warn Wednesday, 12 October 2022 04:54 PM

මේ හිඟන වැඩේට අයදුම් කරලා තියෙන ගණනින් පෙන්නුම් කරන්නේ මේ පාදඩ පාලකයෝ ලංකාවේ මිනිස්සුන්ට ජීවත් වෙන්න කොච්චර අමාරු තැනකට වට්ටලද කියන එක. ඒකවත් තේරෙන්නේ නැද්ද මන්දා...? දුක සහ තරහ විතරයි අපිට දැනෙන්නේ... ලැජ්ජා නැතිව ගණන් කියනවා ලොකු හපන් කමක් වගේ... දැනට ලක්ෂ 23ක් හිඟන තත්වයට දාලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 281 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 188 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site