බිමල් ශ්‍යාමන් ජයසිංහ

කොළඹ කෙසෙල්වත්තේ පරණ යොන් වීදියේ දී ඉකුත් 4 වැනි දින රාත්‍රියේ දී "කෙසෙල් වත්ත පවාස්" නැමැති පුද්ගලයා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් සිවුදෙනකු කොළඹ අපරාධ කොට්ඨාසය මගින් ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහල් තල්දූව මහතා පැවසීය

එම සැකකරුවන් ඝාතනය සඳහා යොදාගත් කඩු හතරක් ද පොලිසිය භාරයට ගෙන ඇත

ඝාතනය සඳහා සැකකරුවන් පැමිණි මෝටර් රථය පිලිබඳ තොරතුරු අනාවරණය කරගෙන තිබෙන බවත් එම වාහනය ද පොලිස් භාරයට ගැනීමට කටයුතු කරමින් සිටින බවත් මාධ්‍ය ප්‍රකාශක වරයා කීය

අත්අඩංගුවට ගත් සැකකරු වන් වයස අවුරුදු 23 හා 31 අතර පසුවන කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් ය

කොළඹ අපරාධ කොට්ඨාසය සහ කෙසෙල්වත්ත පොලිසිය ඒකාබද්ධව පරීක්ෂණ පවත්වයි