(නාලක සංජීව දහනායක සහ ඩයනා උදයංගනී)
විදේශ රටවලින් කසල ගෙන්වීමට අවස්ථාව සැලසුන බව කියැවෙන 2013 වසරේ නිකුත් කර ඇති ගැසට් නිවේදනය අවලංගු නොකරන බව සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී අද (24) පැවැසීය.
බැලූ බැල්මටම අදාළ ගැසට් නිවේදනයේ කිසිඳු ප්‍රශ්නයක් නැති බව තමන් පිළිගන්නා නමුත් එහි කොතැනක හෝ ගැටලු සහගත තත්ත්වයක් තිබෙන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා කීවේය.
මෙම අවස්ථාවේදී නැඟී සිටි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසුවේ රටට කසල ගෙන්වීමට අවස්ථාව ලැබුණේ වත්මන් රජය අත්සන් තැබූ සිංගප්පූරු ගිවිසුම හේතුවෙන් බවය.
එයට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියේ මෙම කසල ගෙන්වා තිබෙන්නේ සිංගප්පූරු වෙළඳ ගිවිසුම අත්සන් කිරීමට පෙර බවය.
කෙසේ වෙතත් මෙම කසල ගෙන්වීම නතර කරන බව කී නියෝජ්‍ය අමාත්‍යවරයා කසල කන්ටේනර් රටින් පිට කිරීමට හේලිස් සමාගමට සති තුනක කාලයක් දී තිබෙන බවද පැවැසීය.
මෙම කසල කන්ටේනර් ගෙන්වීම සම්බන්ධයෙන් ආයෝජන මණ්ඩලයේ අභ්‍යන්තර පරීක්ෂණයක් පවත්වන බව කී නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම ප්රශ්නය සුළුවෙන් තැකීමට රජය සූදානම් නැතැයිද සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආ ඒ කියන්නේ සාටක ආණ්ඩුව පිටරටවලින් කුණු ගෙනෙන්න ගැසට් එකක් අනුමත කරවා තිබෙනවා. එහෙනම් අපි කියමුකෝ රටට විදේශ විනිමයක් උදෙසා එහෙම කළා කියා... එතකොට එම කුණු නිසි ලෙස කලමනාකරණය කිරීමේ ක්‍රමවේදයක් ස්ථාපිත කරලද ඔය කුණු ගෙන්වුයේ? එහෙම නැහැ නේද? එ්කනේද අවුරුදු ගණන් රේගුවේ මේ කුණු හිරකරලා තිබිලා තිබෙන්නේ? එහෙනම් පිටරටින් කුණුටික කරදරයකින් තොරව ලංකාවට එනවා කුණු ගෙන්වන අදාළ පුද්ගලයෝ ආයතන මේ ජාවාරමෙන් කුට්ටිය බෙදාගන්නවා කුණුකසල ටික ඔහේ කුණුවෙමින් පරිසරයට විෂබීජ මුදා හැරෙනවා. දැන් මේ කුණු ගෙන්වපු කිසිම පුද්ගලයෙක් ආයතනයක් නැහැලු මේ සම්බන්ධ වගකීම භාරගන්න.. මාරයි නේද? මෙහෙම ජරා විදියට හම්බකරලාද? ඔවුන්ගේ දරු පවුලට කන්න බොන්න ඉන්න මාලිගා යන්න එන්න බෙන්ස් බී.එම්.ඩබ්ලිව් දරුවන්ට පුද්ගලික පාසල් වගේ දේ ලබාදෙන්නේ?
හොර සාටකයෝ පිටරට කුණු ලංකාවට ගෙන්වලා.. ඒ වුණාට ලංකාවේ කුණු ටික කලමනාකරණය සාටක ආණ්ඩුව කර ඇරලා... ඒ කුණු කඳු පිපිරිලා මැරුණු මිනිසුන්ගේ සාපය මොවුන්ට වැදුනේ නැතිනම් තමයි පුදුමේ..
එපා. තමනුත් එ් කසළ ගොඩට දාන්න තව ටික දවසයි තිබෙන්නේ.
එපා. තමනුත් එ් කසළ ගොඩට දාන්න.. තව ටික දවසයි තිබෙන්නේ...
නයි රෙද්ද අස්සේ දාගෙන කනෝ කනෝ කියන හැමෝගෙන්ම අහන්න තියෙන්නේ මේ රටට පිට රටකින් ගෙන්වන මේ කසළ මොනවද කියලා රේගුවට පරික්ෂා කරන්න අවසර නොදීමට නීති හදපු අය හා එහෙම නීති නැතුව මේවා ගෙන්වනකන් බලා හිටි රේගු නිලධරීන් ඇතුළු අදාල අමාත්‍යාංශවල හැමෝටම විරුද්ධව නඩු පවරා ස්වාධීන අධිකරණය මගින් වරදකරුවන්ට දඬුවම් පවරා මෙවැනි ක්‍රියා කරන්න බැරි නීති පාර්ලිමේන්තුව මගින් හැදිය යුතු බව නොවේද?
බන්දුල ගුණවර්ධනට 2013 තමන්ගේ ආණ්ඩුවක් තිබුණා මතක නෑ. ලෝකේ තියෙන කුණුගොඩවල් ගෙනා ආණ්ඩුවේ අධ්‍යාපන ඇමැති කව්ද?
කුණුත් එක්ක රැජිණත් ගෙනත් දාන්න.
අපේ රටේ එකතුවෙන කැලිකසල හරියට කළමනාකරණය කරන්න නොහැකිව තිබියදී පිටරට වලින් මෙරටට කුණු ගේන්නේ ඇයි?
අසුචි ගොඩක් වුණත් එන්නේ එංගලන්තයෙන්නේ හප්පා... නරක වෙන්න බැහැ. බෙදා හදාගෙන භුක්ති විඳිමු මැතිඇමැතිලත් එක්ක..
අම්මගේ, අප්පාගේ බූදලයද ශ්‍රී ලංකාව...
මෙහෙම ගියොත් අනාගතයේදී පිටරටින් අසුචි පැකට් කරලා ගෙන්වන්න බැරිකමකුත් නැහැ... මේ ඇත්තෝලා...
රේගුවට නොපෙන්වා කුණු ගේන්න පුළුවන් පනතක් තියෙද්දී රටට අහිංසක මිනිසුන්ගේ ජීවිතයට මෙච්චර බලපෑමක් එනවා නම් හිතන්න ඇමෙරිකාව සමග සැපයුම්, ගිවිසුම් ගහලා රේගුවට නොපෙන්වා මොනවා නොගෙනේවිද? අනිවාර්යයෙන්ම පිටරට පදිංචියට යාගන්න වත්කම් නැති අපට දරු මල්ලොත් එක්ක ගිහින් පැනලා මැරෙන්න මුහුදවත් ඉතුරු කරන එකක් නැහැ.
හා හා කලබල වෙන්න එපා!!! මේක අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් වෙන්න පුළුවන්...
මේ දෙගොල්ලොම කුණු කසල තමයි...