
( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
කැස්බෑව බණ්ඩාරගම පාරේ ඉන්ධන පිරවුම්හලේ හිමිකරුවන් සහ පාරිභෝගිකයන් අතර ඇතිවූ බහින්බස් දුරදිග යාමෙන් ඇතිවූ තත්වය පාලනය කිරීමෙන් පසු පුද්ගලයින් තිදෙනකු අත්අඩංගුවට ගත් බව කැස්බෑව පොලීසිය කියයි.
මෙම ගැටුම ඊයේ (16) රාත්‍රියේදී ඇති වූවද ඉන්ධන හලේ පොම්පකරුවන්ට හිමිකරුවන්ට සහ ගැටුමට සම්බන්ධ පිරිස තුවාල සිදු වුවත් කිසිදු අයෙක් එම අවස්ථාවේ ඉදිරිපත් වූයේ නැති බවද පොලීසිය සඳහන් කළේය.
ඩීසල් ඉවර වී ඇති බවට ඉන්ධනහල් හිමිකරු සිටි පිරිසට දැනුම් දීමත් සමඟම කෙමෙන් කෙමෙන් ඇතිවූ බහින් බස් වීම දුරදිග යාමෙන් අනතුරුව එහි සිටි පුද්ගලයකු හා හිමිකරු අතර ඇති වූ ගැටුම ට පැමිණ සිටි පාරිභෝගිකයන් මෙන්ම ඉන්ධන හලේ සේවකයන් ද මැදිහත් වීමෙන් ගැටුම වර්ධනය වී එකම ගාලගෝට්ටියක් වූ බව සිද්ධිය දුටුවෝ කියති.
ගැටුම හට ගැනීමත් සමගම ඉන්ධන ලබා ගැනීම සඳහා පැය ගණනාවක් පෝලිමේ රැඳී සිටී බොහෝ පිරිසක් සිය වාහන සහ අත දරා ගෙන සිටි කෑන් බූලි රැගෙන එම ස්ථානයෙන් පිටත් විය . ගැටුම සමථයකට පත්කිරීමට පොලීසියටද මැදිහත්වීමට සිදුවිය.
සිද්ධිය සම්බන්ධව කැස්බෑව පොලිසිය පරීක්ෂණ පවත්වයි .



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සේරම එකතුවෙලා ගහන්න තිබ්බේ ඔය පළාතේ ඉන්න ආණ්ඩු පක්ෂයේ නියෝජිතයින්ටනේ... පුදුම මී හරක්නේ... තමන්ව මේ අමාරුවේ දාපු අය V8 වලින් ගමන් යනවා. මේ අය දෙපිළ බෙදී ගහගන්නවා.
නියමයි...
ඔය තියෙන්නේ...! දැන් සැපද? වැඩ බැරි අපේ විරුවාට දුන්නු ඡන්දය අපරාදෙ නාස්ති වෙලා...!
ගිහිල්ලා අර ඇමති ලොක්කට ගහපල්ලා...
අපේ මිනිස්සු කවදත් ගැහුවේ ගහන්න ඕනෙ අයට නෙවෙයිනේ..
ආ.. ප්‍රශ්ණයක් නෑ. කැස්බෑවේ 70% ක් පසුගිය වර ඡන්දය දුන්නේ පොහොට්ටුවට. ඒ හින්දා කමක් නෑ...