
(පද්මසිරි ගාර්දියවසම්)
වීදි වටිනාකම රුපියල් දහසක් වන කසිප්පු බෝතලයක් රු එක්දහස් පන්සියයකට විකිණීම පිළිබඳව ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් අම්බලන්තොට ,මාමඩල ,ඇලේගොඩ ප්‍රදේශයේ පුද්ගලයන් තිදෙනකු කඩුවලින් සහ කැතිවලින් කපාකොටා පොලුවලින් පහරදී ඝාතනය කර ඇතැයි අම්බලන්තොට පොලිසිය පැවසීය .
මෙලෙස ඝාතනය කර ඇත්තේ අම්බලන්තොට ,මාමඩල , පදිංචි හෙට්ටිආරච්චිගේ ප්‍රභාත් ඉන්දික ( අවු: 29) ,හේවා කුමානායක රසික ප්‍රියදර්ශන (අවු:45) සහ මාධව උදයංග මල්ලිකාරච්චි ( අවු: 34) යන තිදෙනාය .
රසික සහ මාධව යන දෙදෙනා ප්‍රභාත් ඉන්දික යන අයගේ ඇලේගොඩ නැගෙනහිර පිහිටි නිවසේ සිටියදී අට දෙනෙකු ගෙන් පමණවූ සැකකරුවන් පිරිසක් කඩු,කැති,පොලු රැගෙන එම නිවසට කඩා වැදී පහරදී ඇතැයි පොලිසිය පැවසීය .
සැකකරුවන්ගෙන් පස් දෙනෙකු නිවසේ සිටි ප්‍රභාත් ඉන්දික යන අයගේ මව විසින් හදුනාගෙන ඇත. ඔවුන් මාමඩල ඇලේගොඩ බටහිර පදිංචිකරුවන් බව පොලිසිය පැවසීය .
----------------------------------------------------------------
(සනත් ගමගේ, පද්මසිරි ගාර්දියවසම්,සහ චන්ද්‍රසේන ගමගේ)
අම්බලන්තොට මාමඩල ,බැමිණියන්විල ප්‍රදේශයේදී තියුණු ආයුධ වලින් කපාකොටා පුද්ගලයන් තිදෙනකු ඝාතනය කර ඇතැයි අම්බලන්තොට පොලිසිය පවසයි .
ඝාතනයවී ඇත්තේ රුවන් ,නුවන් ,පොඩී යන නම්වලින් හදුන්වන අවුරුදු 29.35 ,45 වයස් වල පසුවන අය බව පොලිසිය පවසයි .
නීති විරෝධී මත්පැන් පෙරීමේ ආරවුලක් මත දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් මෙම මිනිස් ඝාතන සිදුවී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය පවසයි .
අම්බලන්තොට පොලිසිය සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි
.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහොම වෙන එක හොඳයි.. මුන් මුන් ගහගෙන උන්ට නිසි දඬුවම් දීගන්නවා
මරණ දඬුවම ක්‍රියාත්මක කරන තුරු අපරාධ නැවැත්වීමට අපහසුයි.
කසිප්පු දැන් දැන් ඇල් වතුර වගෙ සාමාන්‍ය දෙයක් වෙලා ලෝකෙන් උතුම් රටේ. වෙච්ච දෙයක් කිව්වලු.
නිතරම බීමතින් ඉන්නව දකින්න ලැබෙන ඔහු මම හඳුනන කෙනෙක් නිසා ඔහුට බීමත් කමේ ආදිනව කිව්වා කීප දවසක්ම. අන්තිමට ඔහු කිව්වෙ - මාමෙ මම බොන්නෙ මගෙ සල්ලි වලින් . වෙන කෙනෙකුට නම් මම හොඳ දෙකක් කියනව කියල. හරි පුතේ යන කොට ඔය බිම දාල තියෙන සිලි උර සාක්කුවඕ දාගෙන පලයන් කියල මම නිකන් හිටියා. මම තීරණය කලේ මේ වැනි අය වැඩි වැඩියෙන් බොන එක හොඳයි කියල. සත්‍ය සිදු වීමක්.
කසිප්පු බොන්නේ නීත්‍යානුකූල මත්පැන් මිල අධික නිසා, ගණන් වැඩි කළා කියලා මිනිස්සු බොන එක නවත්වන්නේ නැහැ. ඒකෙන් වාසිය කසිප්පු වෙළෙන්ඳන්ට....
මිනිස්සු කුමක් හෝ සතුටක් විඳින්න කැමතියි. හැම මිනිහම එකම දේට කැමති නෑ. මිනිස්සු විවිධාකාරයි, අදහස් විවිධාකාරයි. බීමේ ආදීනව ඔවුන් නොදන්නවා නෙමෙයි. නමුත් තමන් විඳින සතුට අමතක කරන්න කැමති නෑ. කවුරුවත් කීවට මිනිස්සු ඕක නවත්තන්නේ නෑ. ගොඩක් දුරට ඔය විඳින සතුට වෙනුවට වෙන දෙයක් තෝරා ගැනීමෙන් ඕක නවත්තන්න පුළුවන්. ඉන්න ප්‍රදේශය, ඇසුරුකරන අය වෙනස් කිරීමෙන් ඕක පහසුවෙන් කරන්න පුළුවන්.