IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


කසුන් සිද්ධියට පොලිසියේ තිදෙනකුට මාරුවිම්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ලේඛක කසුන් මහේන්ද්‍ර හීනටිගල මහතා අතුරුගිරිය පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියේ සිදුකෙරෙන විමර්ශනයට අදාළව උප පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු තිදෙනකු තාවකාලිකව මිරිහාන මූලස්ථාන පොලිසිය වෙත මාරු කරනු ලැබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිවේදී බුද්ධික මනතුංග මහතා පැවසීය.

එලෙස තාවකාලිකව මාරු කරනු ලැබ ඇත්තේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කළ ස්ථානාධිපතිවරයා හා පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකි.

අභාවප්‍රාප්ත ජැක්ෂන් ඇන්තනී මහතාගේ බෑනා වන ලේඛක කසුන් මහේන්ද්‍ර ගීනටිගල මහතා පොලිස් මූලස්ථානයේ සහන මැදිරියට කරන ලද පැමිණිල්ලකට අදාලව කොළඹ දකුණු දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති වරයාගේ උපදෙස් මත සිදු කරන විමර්ශනයකට අදාලව එම ස්ථාන මාරුවීම් තාවකාලිකව සිදුකර ඇත.

 



අදහස් (5)

කසුන් සිද්ධියට පොලිසියේ තිදෙනකුට මාරුවිම්

mangala Monday, 23 December 2024 03:08 AM

කවුරු කොහොම වුණත් පාරේ යන මිනිහෙක් ගාව හැඳුනුම්පත තිබ්බේ නෑ කියලා පොලීසි ගෙනියනවා නම් අපි තාම ඉන්නේ ගල්යුගයේ. අනික පස්සේ අනන්‍යතාවය තහවුරු කලාට පස්සේ පොලිස් ඇප දෙන්නේ මොන වරදක් කලාටද? මේ පොලිස් මහත්තුරුන්ට අමු කැවිලද?

:       0       5

Manjula Monday, 23 December 2024 08:17 AM

ජැක්සන්ගේ බෑනා කියලා පොර ටෝක් දුන්නද දන්නෙත් නෑ. එහෙම බඩු ඉතින් අපේ රටේ ඉන්නේ.

:       4       4

බකල ජයා Monday, 23 December 2024 09:32 AM

සෑහෙන කාලයක ඉඳල ලංකාව නිල නොලත් පොලිස් රාජ්‍යයක්. එහෙම තියෙන එකෙන් වැඩි වාසිය රටපාලුවන්ටයි. පොලීසියත් ඒකෙන් සෑහෙන්න ප්‍රයෝජන ගන්නවා. නමුත් දැන් ටිකෙන් ටික ඒ තත්ත්වෙ වෙනස් වේගෙන එන එකේ ලක්ෂණ තියෙනවා.

:       0       6

අරවින්ද මොනරවිල Monday, 23 December 2024 09:32 AM

ජැක්සන් ඇන්තනී මාමණ්ඩි වුණ පලියට ඔයාට රටේ නීතියට උඩින් ඉන්න බැහැ, එහෙම කාලයකුත් තිබුණා. ඒ කාලය 2024 සැප්තැම්බර් 24 දායින් පස්සේ අවසන් වුණා. දැන් එහෙම නැහැ අනුර කුමාර උනත් නීතිය යටින් ඉන්න ඕනා.

:       5       4

Anthony Monday, 23 December 2024 09:54 AM

රටක නිසි බලය ඇති සෑම නිලධාරියකු පුරවැසියකුගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීම සඳහා හැඳුනුම්පත ඉල්ලා සිටීමේදී එය තමා සතුව ඒ මොහොතේ නැත්නම් එයට හේතුව පැහැදිලි කර එය පෙන්වා සිටීමට සුදුසු අවසරයක් ඉල්ලා සිටීම සාමාන්‍ය දැනීමක් ඇති පුරවැසියෙක් විසින් සිදු කරන කරුණකි. එසේ නැතුව තමා ඉතා උසස් ධනවත් හෝ ප්‍රසිද්ධ පුද්ගලයෙකු හෝ එවැනි පුද්ගලයකුගේ සමීපතයෙකු බව පෙන්වා හැසිරීම හෝ රාජකාරිය කරන නිලධාරීන්ට බාධා කිරීම වැනි නීතිය නොදැන හැසිරීම අනුකම්පාවට හෝ සමාවට කරුණක් නොවේ. ඊට අමතරව මාධ්‍ය හමු පවත්වා අපටත් මෙලෙස නම් සාමාන්‍ය ජනතාවට කෙසේ වන්නට පුළුවන්ද යැයි අසන්නේ ඔවුන් මේ රටේ පවතින නීතියට ඉහළින් සිටින විශේෂ වරප්‍රසාද සහිත පිරිසක් බව හිතාගෙන දැයි සැකයක් ඇතිවේ. දේශපාලන සරණාගත රැකවරණය පතා යුරෝපා රටකට පැන ගැනීමට මෙවැනි ජවනිකා උදව්වක් වේ යැයි සිතා හැසිරෙනවා නොවන්නට හඩා වැටෙමින් මියගිය පියාණන්ගේ නාමයෙන් අපට මේ රටේ ජීවත් වෙන්නට ඉඩ දෙන්න යැයි ඉල්ලා සිටීමට තරම් හේතුවක් මෙහි නොමැති බව ඕනෑම අයකුට පෙනෙනෙ සත්‍යයකි.

:       6       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 593 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1092 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site