(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ලේඛක කසුන් මහේන්ද්‍ර හීනටිගල මහතා අතුරුගිරිය පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියේ සිදුකෙරෙන විමර්ශනයට අදාළව උප පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු තිදෙනකු තාවකාලිකව මිරිහාන මූලස්ථාන පොලිසිය වෙත මාරු කරනු ලැබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිවේදී බුද්ධික මනතුංග මහතා පැවසීය.
එලෙස තාවකාලිකව මාරු කරනු ලැබ ඇත්තේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කළ ස්ථානාධිපතිවරයා හා පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකි.
අභාවප්‍රාප්ත ජැක්ෂන් ඇන්තනී මහතාගේ බෑනා වන ලේඛක කසුන් මහේන්ද්‍ර ගීනටිගල මහතා පොලිස් මූලස්ථානයේ සහන මැදිරියට කරන ලද පැමිණිල්ලකට අදාලව කොළඹ දකුණු දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති වරයාගේ උපදෙස් මත සිදු කරන විමර්ශනයකට අදාලව එම ස්ථාන මාරුවීම් තාවකාලිකව සිදුකර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරු කොහොම වුණත් පාරේ යන මිනිහෙක් ගාව හැඳුනුම්පත තිබ්බේ නෑ කියලා පොලීසි ගෙනියනවා නම් අපි තාම ඉන්නේ ගල්යුගයේ. අනික පස්සේ අනන්‍යතාවය තහවුරු කලාට පස්සේ පොලිස් ඇප දෙන්නේ මොන වරදක් කලාටද? මේ පොලිස් මහත්තුරුන්ට අමු කැවිලද?
ජැක්සන්ගේ බෑනා කියලා පොර ටෝක් දුන්නද දන්නෙත් නෑ. එහෙම බඩු ඉතින් අපේ රටේ ඉන්නේ.
සෑහෙන කාලයක ඉඳල ලංකාව නිල නොලත් පොලිස් රාජ්‍යයක්. එහෙම තියෙන එකෙන් වැඩි වාසිය රටපාලුවන්ටයි. පොලීසියත් ඒකෙන් සෑහෙන්න ප්‍රයෝජන ගන්නවා. නමුත් දැන් ටිකෙන් ටික ඒ තත්ත්වෙ වෙනස් වේගෙන එන එකේ ලක්ෂණ තියෙනවා.
ජැක්සන් ඇන්තනී මාමණ්ඩි වුණ පලියට ඔයාට රටේ නීතියට උඩින් ඉන්න බැහැ, එහෙම කාලයකුත් තිබුණා. ඒ කාලය 2024 සැප්තැම්බර් 24 දායින් පස්සේ අවසන් වුණා. දැන් එහෙම නැහැ අනුර කුමාර උනත් නීතිය යටින් ඉන්න ඕනා.
රටක නිසි බලය ඇති සෑම නිලධාරියකු පුරවැසියකුගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීම සඳහා හැඳුනුම්පත ඉල්ලා සිටීමේදී එය තමා සතුව ඒ මොහොතේ නැත්නම් එයට හේතුව පැහැදිලි කර එය පෙන්වා සිටීමට සුදුසු අවසරයක් ඉල්ලා සිටීම සාමාන්‍ය දැනීමක් ඇති පුරවැසියෙක් විසින් සිදු කරන කරුණකි. එසේ නැතුව තමා ඉතා උසස් ධනවත් හෝ ප්‍රසිද්ධ පුද්ගලයෙකු හෝ එවැනි පුද්ගලයකුගේ සමීපතයෙකු බව පෙන්වා හැසිරීම හෝ රාජකාරිය කරන නිලධාරීන්ට බාධා කිරීම වැනි නීතිය නොදැන හැසිරීම අනුකම්පාවට හෝ සමාවට කරුණක් නොවේ. ඊට අමතරව මාධ්‍ය හමු පවත්වා අපටත් මෙලෙස නම් සාමාන්‍ය ජනතාවට කෙසේ වන්නට පුළුවන්ද යැයි අසන්නේ ඔවුන් මේ රටේ පවතින නීතියට ඉහළින් සිටින විශේෂ වරප්‍රසාද සහිත පිරිසක් බව හිතාගෙන දැයි සැකයක් ඇතිවේ. දේශපාලන සරණාගත රැකවරණය පතා යුරෝපා රටකට පැන ගැනීමට මෙවැනි ජවනිකා උදව්වක් වේ යැයි සිතා හැසිරෙනවා නොවන්නට හඩා වැටෙමින් මියගිය පියාණන්ගේ නාමයෙන් අපට මේ රටේ ජීවත් වෙන්නට ඉඩ දෙන්න යැයි ඉල්ලා සිටීමට තරම් හේතුවක් මෙහි නොමැති බව ඕනෑම අයකුට පෙනෙනෙ සත්‍යයකි.