
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මාලිගාවත්ත නිවසක් වටලා අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගෙන මත්ද්‍රව්‍ය පානය කර සිටි පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව මාලිගාවත්ත පොලිසිය කියයි
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස්පති විශේෂ මෙහෙයුම් රථ වාහන මූලස්ථානයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකි.
සැකකරු සන්තකයේ අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 590 ක් තිබී පොලිස් භාරයට ගෙන ඇත.
ජයවර්ධනපුර විශේෂ කාර්ය බළකා කඳුරේ නිලධාරීන් විසින් ඔවුන්ට ලද තොරතුරකට අනුව මාලිගාවත්ත නිවස වටලා සැකකරු අත්අඩංගුවට ගෙන මාළිගාවත්ත පොලිසිය වෙත භාරදීමෙන් අනතුරුව සැකකරු අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ඉදිරිපත් කළ බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට හිතවත් විශ්වාසවන්ත අයෙකු මට පවසා සිටියේ පොලිසියේ තරුණ පොලිස් නිලදාරීන් අතරින් බහුතරයක් මතට ඇබ්බැහි වුවන් බවයි.
මේ නිලධාරියා පමණක්ද මත්ද්‍රව්‍ය පානය කරන පොලිස් නිලධාරින් අතරින් ඉන්නේ? අපේ රටේ පොලිසිය බල්ලට ගිහිල්ලා කියන්න වෙන උදාහරණයක් අවශ්‍ය නැහැ.
මෙවැනි දේවල් සිදුවෙනවානම් , මහජනයා කොහොමද පොලිසිය ගැන විශ්වාසයක් තබන්නේ ?