
(අමදෝරු අමරජිව)
ආර්ථික අපහසුතා නිසා පාසලට දිවා ආහාරය රැගෙන ඒමට නොහැකි වු සිසුවියක් වෙනත් පංතියක සිටින මිතුරියකගේ දිවා ආහාරය බලාපොරොත්තුවෙන් එම පංතියට මාරුකර දෙන ලෙස කළ ඉල්ලිමක් විදුහල්පති මගින් දැන ගත් සේරුවිල මංගල රජමහා විහාරාධිපති ශ්‍රද්ධා රූපවාහිනියේ අනුශාසක ය අලුදෙනියේ සුබෝධි හිමි එම පාසලේ ආර්ථික අපහසුතා ඇති සිසුන් සියදෙනකු වෙනුවෙන් දෛනිකව දිවා ආහාරය ලබාදිමට ආරම්භ කලහ.
කන්තලේ ගංතලාව මහා විද්‍යාලයේ 7 ඒ පංතියේ ඉගෙනුම ලබන සිසුවියක් ආර්ථික අපහසුතා මැද නිරාහාරව පැමිණ දිනපතා සිය මිතුරියගේ දිවා ආහාරය එකට එක්වි බෙදාගෙන ආහාරයට ගත් අතර සිය මිතුරිය වෙනත් මිතුරියක සමග ආහාර ගැනිම නිසා තමන්ට වෙනත් පංතියක සිටින මිතුරියකගේ දිවා ආහාරය බෙදාගෙන ආහාරයට ගැනිමට අවස්ථාව ලබාදෙන ලෙස කළ ඉල්ලිමක් විදුහල්පති පද්මසිරි කෝට්ටේගොඩ මහතා විසින් මෙම සංවේදි කාරනාව ප්‍රදේශයේ පාසල් ප්‍රජාවට උදව් කරන අලුදෙනියේ සුබෝධි හිමියන්ට දැනුම් දෙනු ලැබිය.
ඒ අනුව අදාල සංවේදි කාරනාව සැලකිල්ලට ගෙන පාසලේ ඉගෙනුම ලබන ආර්ථික දුෂ්කරතා ඇති සිසුන් සියයක් වෙනුවෙන් දෛනිකව ආහාර වේලක් ලබාදිමට අලුදෙනියේ සුබෝධි හිමියෝ අවශ්‍ය පියවර ගනු ලැබුහ.
මේ අනුව අදාල දිවා ආහාර වැඩ සටහන මොල්ලිපොතාන අග්‍රබෝධි විහාරාධිපති ගැමුණුපුර ධර්මසේන අමරපුර කල්‍යාණවංශ නිකායේ නැගෙනහිර තමන්කඩුව දෙපලාතේ ලේඛකාධිකාරි හිමියන්ගේ ප්‍රධානත්වයෙන් මෙම දිවාආහාර වැඩපි ළිවෙල ආරම්භ කරනු ලැබුහ.
මෙහිදි අදහස් දැක්වු පූජ්‍ය අලුදෙනියේ සුබෝධි හිමි මෙහි එක් දරුවෙකුට ලැබෙන දිවා ආහාරය රුපියල් 100ක් වෙනවා.ඒ අනුව මෙම පුණ්‍ය ව්‍යපෘතියට දිනකට රුපියල් 10000ක් වැය වෙනවා.මාසයකට රුපියල් ලක්ෂ දෙකක පිරිවැයක් දැරිය යුතුයැයි පැවැසීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පළමු දවසේවත් හාමුදුරුවන්ගේ අතින්ම බෙදලා දුන්නානම් මෙම පුණ්‍ය කර්මයේ ආනිසංස තවත් වැඩිවෙනවා කියලා හිතෙනවා.. එක් අතකින් මම සතුටු වෙනවා කාලයක් මෙම විහාරස්ථානයේ විවිධ කටයුතු සඳහා මුදල් ලබාදීම කළ නිසා ඇත්තටම පෙර කළ වැඩට වඩා මෙම පුණ්‍ය කර්මය ඉතාමත් වටිනවා..
බොහොම පින් ලංකාදීපයට අර්ථාන්විත සත්පුරුෂ ප්‍රවෘත්තියක් වාර්තා කිරීම වෙනුවෙන්...!
සාධු සාධු සාධු! උතුම් සත්කාරයක්...!
ශ්‍රද්ධා සමාජ සත්කාර අංශයේ තවත් උතුම් පින්කමක්. තව තවත් මෙවන් උතුම් පින්කම් කිරීමට ඔබ වහන්සේට ශක්තිය ධෛර්‍යය ලැබේවා...!
අර රුපියල් කෝටි ගණන් ගැහැණුන්ට දීලා, නැතිකරගෙන පරාදවෙලා ඉන්න අයටත් මේවා හොඳ පාඩම්...!
ඔබ වහන්සේට උතුම් වූ නිර්වාණ ශාන්තියම ලැබේවා..!
හරිම ආශ්චර්යයයි. ඒ උතුම් මහා සංඝරත්නය කෙතරම් අනුකම්පාවෙන් යුතුද? ඒ උතුම් මහා සංඝරත්නයට අපගේ නමස්කාරය වේවා...!
පින්වන්ත හාමුදුරු නමක්... අනිත් අයටත් ආදර්ශයක් වේවා..!
සමහර හාමුදුරුවරු ළඟ අලි, ඇත්තු ඉන්නවා. සමහරු ළඟ වී8 තියෙනවා. ඒවා හොඳ මදි කියලා රේන්ජ් රෝවර් එකක් ගමු කියලා වී8 එක කොහේවත් ඉන්න ගෑණුන්ට දීලා විසඳගන්න බැරිව උසාවි යනවා. මේ හාමුදුරුවරු අඩුම වශයෙන් දුප්පත් ළමුන්ට කන්න ටිකක් හරි දෙනවා.
ඔබ වහන්සේට බුදු බව ලැබේවා... මේ අසරණ ළමයින්ට දුන් දානය වෙනුවෙන්... අද ජනාධිපතිතුමත් හොයලා බලන්නේ රෝයල් එකේ අඩුපඩි විතරයිනේ...
සාදු සාදු. පින්වත් ස්වාමින් වහන්සේලාට තෙරුවන් සරණයි. ආදර්ශමත් ක්‍රියාවක්.
මෙම පුණ්‍ය කාර්ය ඉටුකිරීමට දායකවූ ඔබ වහන්සේට ගොඩාක් පිංසිද්ධවේ, ලංකාවේ දනට තියන සියලුම පාසල්වලට මෙම පුණ්‍ය සත්කාරය සිදුකිරීම අවශ්‍ය වෙන කාලය ඉතාම ළඟා වී ගෙන එනවා. මේ සත්කාර සේවාව පලකිරීමට ලංකාදීප පත්තරේටත් ගොඩාක් පිං.
ඇයි මේ පළාතේ ගරු කටයුතු කවුරුවත් නැතිද? ජනතාවනි, දැන්වත් තේරුම් ගන්න. ඔවුන් ඔයාලට තහඩු කෑල්ලක් දික්කරලා ඔයාලාගෙන් උදුරගත්තේ මොනවාද කියලා...!
පාලකයොයි, පුජකයෝයි එකට එකතු වෙලා බිහිකරපු හිඟන දරුවන්ට කන්න දුන්නයි කියල නම්, කල පව් කමා වෙන එකක් නැහැ කවදාවත්. බාල පරම්පරාව හිඟන කමින් මුදා ගන්නවා වෙනුවට, හිඟමනට කුඩා කාලයේ පටන් හුරු කිරීමත් නරකම නැහැ. අපි නම් අඬ බෙර ගහලා දානේ දෙන්නේ නැහැ.
ඉතාම වටිනා වැඩසටහනකි. පින්වත් ස්වාමින් වහන්සේ හා උපකාර කරණ සියලු දෙනාටම බොහෝ පින්.
සේරුවිල වගේ ගොවි බිමක දරුවන්ට මෙහෙම කරපු ආර්ථක ඝාතකයන්ට ස්වභාවධර්මයෙන් දඬුවම් ලැබෙනකම් බලන් ඉන්නයි ජනතාවට වෙලා තියෙන්නේ.
පුණ්‍ය කර්මය කෙසේ වෙතත් ළමයිනේ අනන්‍යතාවය ආරක්ෂා වෙන්න චායාරූප ඇතුලත් කරන්න තිබ්බ. ආර්ථික අපහසුතා ඇති උනත් ප්‍රසිද්ද කරන්න පන්තිය සහ රූපය සමගම පල කිරීම එම ළමයින්ගේ අයිතිවාසිකම් කඩවීමක්