(පුෂ්පකුමාර ජයරත්න)
පාතාල සාමාජිකයක් බව කියන කොස්ගොඩ තාරකගේ සොයුරකු බව කියන පාතාල සාමාජිකයකු අද (21) අත්අඩංගුවට ගත් බව කොබෙයිගනේ පොලීසිය කියයි.
කොබෙයිගනේ මොරගහකන්ද ප්‍රදේශයේ තවත් පුද්ගලයකු සමඟ සැඟවී සිටියදී පොලීසියට ලද තොරතුරකට අනුව එම නිවස වටලා සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ.
ඔහු සමඟ සිටි තවත් පාතාල සාමාජිකයකු පොලීසියට හසු නොවී පලා ගොස් ඇති අතර සැකකරුවන් සතුව තිබූ ගිනි අවියක්ද රැගෙන එම සැකකරු පලා ගොස් අැති බව අනාවරණය වී තිබේ.
මාතර ප්‍රදේශයේදී සිදු කළ වෙඩි තැබීමකින් පොලිස් කොස්තාපල්වරයෙකු මරණයට පත්වීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු මොහු වන අතර එම සිද්ධියෙන් පසුව මොහු මාතර ප්‍රදේශයෙන් පලා විත් මොරගහකන්ද ප්‍රදේශයේ ඥාති නිවසක සැඟවී සිටියදී මෙලෙස පොලීසියට කොටුවී ඇතැයි ද පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයගෙන් වැඩ ගන්න දේශපාලුවො විනාශ නොකර මේ අය අල්ලලා මොනවා කරන්නද? ඒකට නාස්තිවෙන්නෙත් අපේම සල්ලි.