(සුජිත් හේවාජුලිගේ )
ත්‍රෛලෝක විජය පත්‍ර( කංසා) අපනයන ව්‍යාපෘතිය ලබන මාසයේ ආරම්භ කරන බව ආයුර්වේද රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පැවසීය.
ත්‍රෛලෝක විජය පත්‍ර සම්බන්ධයෙන් සමහර භික්ෂූන් වහන්සේලා වැරදි අදහස් පළ කරන බව පෙනෙන්නට ඇතැයි පැවසූ අමාත්‍යවරයා තුන්දොස් නසන පත්‍ර තෛලෝක විජයා පත්‍ර යන්නෙහි තේරුම බවද ප්‍රකාශ කළේය.
COMMENTS
මම හිතනවා... මේ වැඩේ ඉක්මන් කළොත් හොඳයි...
මේ සඳහා දෙපාර්තමේන්තුවට අනුයුක්තව වගාව සදහා බලපත්‍ර දීමට අධ්යක්ෂ කෙනෙක් පත්කර වාර්ෂිකව ගාස්තු අයකර අවසර දීම කලොත් හොඳයි.. ඒ සමගම වෙළඳාම සඳහා අවසර පත්‍ර ක්‍රමයක් හදන්න ඕනෑ. එවිට ආයුර්වේද දෙපාර්තමේන්තුවට හොඳ ආදායම් ලබාගෙන ආයුර්වේදය දියුණු කරන්න පුළුවන් වෙනවා... ඇමතිතුමා ඉතිහාස ගතවේවි...!
පැට්‍රෝල් ෂෙඩ්, බාර් ලයිසන් වගේ ගංජා වැවීමේ බලපත්‍රයටත් දේශපාලකයන් විසින්ම ගනීවි. ඉන්පස්සේ ඔවුන් හොඳට ගරාගනීවි. ඔයා පිටරට යවන එකක් නැහැ. මම දන්න තරමින් ගංජා නීතිගත කරලා තියෙන්නේ රවටල් කිහිපයක් පමණයි. ඒවාට සැපයුම් කරුවෝ ඇත. මේකෙන් ඔය කියන තරම් ආර්ථික වාසියක් වෙන්නේ නැහැ. අපේ බාල පරම්පරාව මේවට හුරුවෙලා විනාශ වේවි.
මේ රටේ රට යවන්න වැවෙනවා වෙන බෝග ඇත්තෙම නැද්ද. ඇෆ්ගනිස්ථානය වගේ වෙන්නයි යන්නේ. බල්ලෝ මරලා හරි ඩොලර් හොයන්නයි සුදානම් වෙන්නේ. ඉදිරියේදී මොනවා කරයි ද දන්නේ නෑ. මේකෙන් වෙන අයහපත ගැන පොඩ්ඩක්වත් හිතලා නෑ... ඉතිං තුන්දොස් නැතිකරනවානම් ඇයි මිනිස්සු මේවා ළඟ තියගත්තම පොලිසියෙන් අල්ලන්නේ.
ගංජා වැඩේනම් හරි. අනික ගැන අදහසක් නැහැනේ. ගණිකා වෘත්තිය නීතිගත කිරීම මොකෝ තවම ප්‍රමාද. මුදල් ලැබෙනවානම් ඕනේ දෙයක්. ඉදිරියට මොනවා මොනවා නීතී ගත කරයි ද දන්නේ නෑ. හැමෝම පරෙස්සමින්. සදාචාරවත්, බුද්ධිමත් ජනාධිපති උපදේසකයෝ නැති නිසයි ගෝටාභය මහත්තයටත් යන්නේ උනේ. මුදල් ගැන විතරක්හිතන ආර්ථික විශේෂඥයෝන්ට පස්සේ කියන්න වෙයි අපිට වරදක් උනා තමා කියලා. එතකොට ප්‍රමාද වැඩ්යි.
හොඳ තීරණයක්