
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
කංසා අපනයනය සඳහා අවශ්‍ය නීති මැතිසබයට ළඟදීම ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමට බලාපොරොත්තුවන බව දේශීය වෙදකම් ප්‍රවර්ධන,ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍යය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවේදී අද (30) පැවැසීය.
එම අනුමැතිය ලබා ගන්නේ අපනයනයට පමණක් බවද හෙතෙම සඳහන් කළේය.
ඔහු මෙසේ පැවසුවේ සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ කිහිපයක වැය ශීර්ෂ පිළිබඳ කාරක කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.
සම්ප්‍රදායික ඖෂධ නීතිගත කරන බවත් කංසා මගින් පිළිකා සුව කළ හැකි යැයි සොයාගෙන ඇති බවත් ජයකොඩි මහතා කීවේය.
දේශීය ඖෂධ නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය මෙරට නිපදවීමට කටයුතු කරගෙන යන බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා දේශීය වෛද්‍ය ක්‍රමය හරහා විදේශ විනිමය ලබා ගැනීමට සැලසුම් කර ඇතැයිද සඳහන් කළේය.
අංශභාග රෝගවලට පිළිකා රෝගවලට දණහිස් ආබාධවලට දේශීය වෛද්‍ය ප්‍රතිකාර ප්‍රතිකාරවලින් පිළිසරණ ලැබෙන බවත් පිළිකා සහ අංශභාග රෝග සඳහා වෙනම වෛද්‍ය ප්‍රතිකාර ඒකක පිහිටුවීමට කටයුතු කරගෙන යන බවත් සිසිර ජයකොඩි මහතා පැවසූවේය.
පශ්චාත් කොවිඩ් ප්‍රතිකාර ආයුර්වේද මධ්‍යස්ථාන පිහිටවූ බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා නාවින්න ආයුර්වේද මධ්‍යස්ථානය කේන්ද්‍ර කරගෙන නොනිදන ආයුර්වේද කලාපයක් ස්ථාපනය කිරීමට
කටයුතු කරගෙන යන බවද ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අදම ගේ පිටිපස්සේ කැලෑව සුද්ද කරලා ඇට ටිකක් හොයා ගන්න ඕනෑ.
ඇමැතිවරයා කියනවා කොවිඩ් පශ්චාත් ප්‍රතිකාර ආයුර්වේද මධ්‍යස්ථාන ඇතිකළා කියලා නමුත් පසුගිය දිනක එවැනි ප්‍රතිකාර කරන්න සූදානම් වුණු ආයුර්වේද වෙදහාමිනේ කෙනෙකුට විරුද්ධව පොලිස් කාරයෙක් අධිකරණයට ගොස් තහනම් නියෝගයක් අරගෙන එය වළක්වා තිබුණා... මෙහෙම දේශීය වෙදකම විනාශය ලක්කරන කාටවුණත් දැඩි සේ දඬුවම් දීමට නීති සැකසීමද කළයුතුයි.. ඔබතුමාගේ අභිප්රායන් සාර්ථක වේවා...!!!
හොද ප්‍රවෘත්තියක්. ජයවේවා
ඇති යන්තන්
කොරෝනා පැණි.? ගොන්කම ඉහවහාගිය පොහොට්ටුවක්...
රට නැත්තටම නැතිකරලා දාන කංසා මගින් රට සංවර්ධනය කිරීමට සූදානම් වුවත් ඉදිරියේදී මත්කුඩු අපනයනයට පවා සූදානම් කළොත් පුදුම විය යුතු නැහැ. හදිසියේ කංසා ගැන හැමෝම කථාකළත් ඒ පිළිබඳව ජනතාවගේ පූර්ණ අනුමැතියක් අවශ්‍ය වේ...
හෙල වෙදකම නඟාසිටුවන්න ඔබ ගන්නා උත්සාහය අගය කරමු...
ඕකට ලංසා උනන්දුවක් දක්වන්නේ නැත්තේ එයා ආනයනයට වඩාත් කැමති නිසයි.
කසිප්පු ගහන අපතයො කංසා ශාකයේ ගුණාත්මක භාවය ගැන හසරක් නොදැන පඬි වදන් දෙනව