IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


කෘෂිකර්මය ගොඩ ගන්න මහාචාර්ය යෝජනාවලික්

(අංජුල මහික වීරරත්න)

රටෙි කෘෂිකර්මාන්තය ගොඩ ගැනීමට සහ ආහාර සුරක්ෂිතතාවය ඇති කිරීම සඳහා විශ්වවිද්‍යාල තුනක මහචාර්යවරුන් පිරිසක් යෝජනාවලියක් සකස් කර තිබේ.

ඒ අනුව පේරාදෙණිය විශ්වවිද්‍යාලය, රුහුණු විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය නියෝජනය කරන  මහචාර්යවරුන් දහ දෙනකුගෙන් සමන්විත  පිරිසක් කෘෂිකර්ම, වනජීවි හා  වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත අදාළ යෝජනාවලිය කෘෂිකර්ම අමාත්‍යාංශයේදී  බාර දී ඇත.

මහචාර්ය බුද්ධි මාරඹේ, මහචාර්ය ජනේන්ද්‍ර ද කොස්තා, මහචාර්ය දේවිකා ද කොස්තා, මහචාර්ය අරුණ කුමාර, මහචාර්ය සීවනන්දවේල්, මහචාර්ය සමන් ධර්මකීර්ති, මහචාර්ය මෙත්තිකා විතානගේ,  මහචාර්ය නාලිකා රණතුංග, මහචාර්ය වර්ෂි දන්දෙණිය, මහචාර්ය නිලන්ත ලියනගේ යන මහත්ම මහත්මීහු ඊට සහභාගී වූහ.

කෘෂිකාර්මික කටයුතු ප්‍රවර්ධනය හා ආහාර සුරක්ෂිතතාවය පිළිබඳව කෙටිකාලීන, මධ්‍ය කාලීන හා දිගු කාලීන වශයෙන් කාණ්ඩ තුනක් යටතේ මෙම යෝජනාවලිය සකස් කර ඇත.

ශ්‍රී ලංකාව ඉදිරියේදී මුහුණ දිය හැකි ආහාර අර්බුදය ජය ගැනීමට නම් වහාම මෙම යෝජනාවලිය ක්‍රියාත්මක කළ යුතු බව එම මහාචාර්යවරුන් කෘෂිකර්ම අමාත්‍යවරයාට දන්වා තිබේ.

මහචාර්යවරුන් ඉදිරිපත් කළ යෝජනාවලිය සම්බන්ධව අදහස් පළ කළ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා  එම යෝජනාවලියේ අඩංගු සියලු කරුණු සැලකිල්ලට ගනිමින්  යෝජනා ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව පැවසීය. 



අදහස් (14)

කෘෂිකර්මය ගොඩ ගන්න මහාචාර්ය යෝජනාවලික්

මුදියන්සේ... Friday, 27 May 2022 12:32 PM

වලට වැටුණු පසුව හෝ ගොඩඒමට පියවර ගැනීම යහපත් අදහසකි. මෙම ආචාර්ය, මහාචාර්යවරුන් මෙලෙස ඉදිරිපත් නොවීම කණගාටුදායක තත්වයකි...

:       16       6

asanka jayarathna Friday, 27 May 2022 01:24 PM

පොහොර සමාගම්වල කොටස් ඇති මහාචාර්යවරුන් විසින් සකසන යෝජනාවලින් පමණක් මෙරට කෘෂිකර්මය ගොඩගත නොහැක. ඇමැතිතුමනි, ඔවුන්ගේ යෝජනාවලින් මෙන්ම ඔවුන්ගේ පසුබිම ගැනත්, මෙතරම් උනන්දුවකින් විශ්ව විද්‍යාල තුනක පිරිසක් එකතුවී යෝජනාවලියක් සැකසීමේ හේතුවද විමසා බලන්න..!

:       22       21

යෝගා Friday, 27 May 2022 01:42 PM

අනුග්‍රහය පොහොර සමාගම් විසිනි. ඔතන ඉන්න සමහරු අධ්‍යක්ෂක මණ්ඩලවල සාමාජිකයින්..

:       11       14

Lalith M Saturday, 28 May 2022 12:30 AM

මොන මගුලටත් විරුද්ධ කට්ටිය කොතැනත් ඉන්නවා. මොනවා කිව්වත් සම්පුර්ණ කාබනික පොහොර පමණක්ම යොදා කෘෂි රසායන නොදා වගාව දැනට කරන්න බෑ. අස්වැන්න අඩුයි. වියදම වැඩි. අස්වැන්න තත්වය අඩුයි. රසායනික, කාබනික මිශ්‍ර වගාව නෙදර්ලන්තය වගේ ව්‍යාප්ත කළ හැකියි. අනෙක සත්ව පාලනය අඩු රටක්වන ලංකාවට කාබනික පොහොර සඳහා අවශ්‍ය සත්ව අපද්‍රව්‍ය මදි. කාබනික පොහොර සාරවත් නෑ.

:       0       0

සෙනෙවිරත්න Saturday, 28 May 2022 06:18 AM

මහාචාර්යවරුන්ගෙ අදහස් පසෙකලා රසායනික පොහොර තහනම් කරනකොටත් මහාචාර්යවරුනට ඔය චෝදනාව කළා. දැන් ප්‍රතිඵලය පැහැදිලියි නේද? රටම හාමත් වෙන්න යනවා. දැන්වත් බොරු චෝදනා නොකරන්න. එහෙම නම් වෙන සමාගමක් හරහා පොහොර ගෙන්වන්න.

:       0       0

මුදියන්සේ.. Friday, 27 May 2022 02:19 PM

වලට වැටුණු පසුව හෝ ගොඩඒමට පියවර ගැනීම යහපත් වන අතර මීටපෙර මෙම ආචාර්ය, මහාචාර්යවරුන් මෙලෙස ඉදිරිපත් නොවීම කණගාටුදායක තත්ත්වයක් නොවේද?

:       4       1

sharm warn Friday, 27 May 2022 02:22 PM

අනේ මේ මහාචාරය මහතුන්ගෙන් අහන්න කළින් අපේ ඵලපුරුදු ගොවිමහතුන්ගෙන් උපදෙස් ගන්න. මහාචාර්යතුමන්ලා නෙවෙයි මඩේ බැහැලා කන්න දෙකක් වගාකරන්නේ... මෙච්චර කල් අපිට කන්න හාල්ටික හදලා දුන්නේ මහාචාර්යවරු නෙවෙයි. අපේ කෘෂිකර්මය ගොඩගන්න පුළුවන් හරිතැනින් උපදෙස් ගන්නවා නම්.. ඒකත් පොහොර සමාගම්වල ඉත්තන්ගෙන් අහලා කරන්න යනවා නම් ඉතින් තව එක යෝජනාවක් විතරයි..

:       7       12

සෙනෙවිරත්න Saturday, 28 May 2022 06:25 AM

මහාචාර්යවරු සමාගම්වල ඉත්තන් නම් වෙන සමාගමකින් පොහොර ගෙන්වන්න... ගොවියන් තමයි මඩට බහින්නේ.. ඒත් විෂය ගැන විද්‍යාත්මක උපදෙස් දෙන මහාචාර්ය, උපදෙස් බැහැර කිරීම හරියට ලෙඩේට ගොඩවෙදකම් කරනවා වගේ වෙයි...

:       0       0

සිල්වා Friday, 27 May 2022 02:47 PM

මහාචාර්යවරුන්ගේ යෝජනාවලට අමතරව අත්දැකීම් බහුල අයගේද යෝජනා ලබා ගතයුතුයි.

:       0       13

Sunil Friday, 27 May 2022 02:54 PM

කණගාටුවට කාරණය නම් මේ රජය මේ විදුවතුන්ගේ යෝජනා සුළුකොට තැකීමයි. කිසිම හෙවිල්ලක් නැතිව හිටි අඩියේ කාබනික කෘෂිකර්මාන්තයට යොමුවීම එයට හොඳම උදාහරණයයි. එයින් සිදුවුණේ අපේ රටේ ජීවනාලිය වන කෘෂිකර්මාන්තය සම්පූර්ණයෙන්ම කඩා වැටීමයි.

:       3       12

swene Saturday, 28 May 2022 06:27 AM

තමන්ට හිතවත් පොහොට්ටුවේ මහාචාර්යවරයාගේ මහාචාර්ය සහ වෛද්‍ය සංගම් සභාපතිගේ ලණුව නිසා අප අගාධයට ගියා..! 

:       0       0

සෙනෙවිරත්න Saturday, 28 May 2022 06:28 AM

ජවිපෙ පොහොර ඉල්ලා විරෝධතා කරන කොටත් මේ වගේ රසායනික පොහොර සමාගම් සම්බන්ධ කරලා මඩ ගැහුවා. ඒත් අද මොකද වෙලා තියෙන්නේ? රටම බඩගින්න කරා යනවා. ඒක නිසා දැන්වත් බොරු චෝදනා නැතිව විද්වතුන්ගේ යෝජනා පිළිගනිමු...

:       0       0

ප්‍රින්ස් Saturday, 28 May 2022 03:46 PM

රටට ඇත්තටම පළමුව අවශ්‍ය ආහාර සුරක්ෂිත තාවය... ඒ නිසා එයට මුල්තැනදී කටයුතු කරමු.. 100% කාබනික කතන්දර වල නැතුව දෙවනුව සුළු හා මධ්‍යම පරිමාණයේ ගොවීන් සඳහා අවශ්‍යතාව අනුව සහනදායී පොලී අනුපාත මත ණය පහසුකම් සැලසීම මගින් අපනයනය ඉලක්ක කරගත් වැඩසටහන් ක්‍රමයක් සැලසීම මේ සඳහා උනන්දුවක් ඇති කොටස් මේ සඳහා දායකකර ගැනීම මගින් හා අවශ්‍ය ගුණාත්මක, කෘෂිකාර්මික යෙදවුම් ආනයනය මගින් ගුණාත්මක නිෂ්පාදනයක් ඉදිරිපත් කළ හැකිය.

:       0       0

ප්‍රසාද් ප්‍රියංකර Sunday, 29 May 2022 12:43 PM

ප්‍රථමයෙන්ම එම මහාචාර්යවරුන්ට හිස නමා ආචාර කරමි. ලාංකීය ජනතාවගේ බඩගින්න නිවන්න වෙරදරන ඔබලාට බොහෝ පිං... කාලීන වශයෙන් ඉතාමත් වැදගත් කටයුත්තක්. මේ අවස්ථාවේ රටේ උගත්, බුද්ධිමත් මිනිසුන් මේ අයුරින් පෙළගැසිය යුතුයි. මන්ද බුද්ධික දේශපාලකයින්ගේ අභිමතාර්ථවලට ඉඩ නොදී ඔවුන් මෙවැනි ක්‍රියාවලට නැඹුරු කරගත යුතුයි. අපේ මේ සුන්දර රටේ පොළොවේ මඤ්ඤොක්කා දණ්ඩක් ගැහුවත් වැවෙන රටක්, ජලය සුලබ රටක්, දක්ෂ මිනිසුන් සිටින රටක්, එයින් ප්‍රයෝජන නොගන්නා රටක්, වෙනත් රටවල කෘෂිකර්මයට මූලිකත්වය.. එය ඉහළින් ඔසවා තබා ඇත. අපේ රට ගොවියා, කම්කරුවා, වත්තේ වැඩකරන කෙනා කියලා තමයි අමතන්නේ... ඉගෙන ගන්න බැරිවුණොත් ඔබට වෙන්නේ කුඹුරු කොටන්න. අන්න ඒ සංස්කෘතිය වෙනස් කළ යුතුයි. ගොවියා අපේ දෙවියා විය යුතුයි. සෑම ගෙදරකම හැකි පමණින් වැවිය යුතුයි. එයට රජය උදව් කළ යුතුයි. අගය කළ යුතුයි. ගොවි කර්මාන්තයක් විය යුතුයි. සේවකයින්ට වැඩි වශයෙන් සැලකිය යුතුයි. ජනතාවද මහන් තත්වය පසෙකලා වැඩකළ යුතුයි. ඔබගේ උත්සාහය සාර්ථක වේවා...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 585 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 122 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 333 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site