IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


කෘෂිකර්ම අමාත්‍යාංශය රුසියාව අල්ලන්න යයි

(අංජුල මහික වීරරත්න) ශ්‍රී ලංකාවේ කෘෂි නිෂ්පාදන සඳහා වෙළෙඳපොල සැකසීමටත්, කෘෂි නිෂ්පාදන ඉහළ නැංවීම සඳහා නව තාක්ෂණික උපකරණ හඳුන්වා දීමටත් රුසියානු රජයේ ෆෙඩරේෂණයේ සහයෝගය පළ කරයි. රුසියානු ෆෙඩරේෂණයේ ශ්‍රී ලංකාවේ තානාපති Levan. S. Dzhagarayan මහතා සහ රුසියානු වෙළෙඳ කොමසාරිස් Alexandar. L. Rybas යන මහත්වරු සහ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙි සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වූ අතර එම සාකච්ඡාවට රුසියානු තානාපති කාර්යාලයේ දෙවැනි ලේකම් Ms. Galina Kukuliva සහ ආර්ථික අංශයේ උපදේශිකා Anastasia A. Grineva මහත්මීහු ද සහභාගි වූහ. ඉදිරියේ දී ශ්‍රී ලංකාවට යුරියා ඇතුළු රසායනික පොහොර රුසියාවෙන් ලබා ගැනීම සම්බන්ධව ද මෙහිදී සාකච්ඡා පැවැත්වීය. ශ්‍රී ලංකාවේ කෘෂි නිෂ්පාදන සඳහා වෙළෙඳපොලක් රුසියාවෙි ඇති කිරීමටත්, කෘෂිකාර්මික නිෂ්පාදන ඉහළ නැංවීම සඳහා රුසියානු ෆෙඩරේෂණය භාවිත කරන නව තාක්ෂණය හා තාක්ෂණික උපක්‍රම හඳුන්වා දීම සම්බන්ධවත් මෙහිදී සාකච්ඡා කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.



අදහස් (2)

කෘෂිකර්ම අමාත්‍යාංශය රුසියාව අල්ලන්න යයි

sena Thursday, 15 December 2022 10:51 AM

එක එක රටවල කට්ටිය සමග ඔය මොන මොනවා හරි මීටින් තියලා කතාකරනවා. ඒ උදවිය නිකමට හිත හදාගන්න වගේ කියන කතා මීඩියාවලට කියනවා ලකුණු දාගන්න. එච්චරයි.

:       1       9

Perera Thursday, 15 December 2022 01:37 PM

කෘෂි ඇමැතිට පුළුවන්ද එහෙම දෙයක් කරන්න?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 814 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site