(අංජුල මහික වීරරත්න) ශ්‍රී ලංකාවේ කෘෂි නිෂ්පාදන සඳහා වෙළෙඳපොල සැකසීමටත්, කෘෂි නිෂ්පාදන ඉහළ නැංවීම සඳහා නව තාක්ෂණික උපකරණ හඳුන්වා දීමටත් රුසියානු රජයේ ෆෙඩරේෂණයේ සහයෝගය පළ කරයි. රුසියානු ෆෙඩරේෂණයේ ශ්‍රී ලංකාවේ තානාපති Levan. S. Dzhagarayan මහතා සහ රුසියානු වෙළෙඳ කොමසාරිස් Alexandar. L. Rybas යන මහත්වරු සහ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙි සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වූ අතර එම සාකච්ඡාවට රුසියානු තානාපති කාර්යාලයේ දෙවැනි ලේකම් Ms. Galina Kukuliva සහ ආර්ථික අංශයේ උපදේශිකා Anastasia A. Grineva මහත්මීහු ද සහභාගි වූහ. ඉදිරියේ දී ශ්‍රී ලංකාවට යුරියා ඇතුළු රසායනික පොහොර රුසියාවෙන් ලබා ගැනීම සම්බන්ධව ද මෙහිදී සාකච්ඡා පැවැත්වීය. ශ්‍රී ලංකාවේ කෘෂි නිෂ්පාදන සඳහා වෙළෙඳපොලක් රුසියාවෙි ඇති කිරීමටත්, කෘෂිකාර්මික නිෂ්පාදන ඉහළ නැංවීම සඳහා රුසියානු ෆෙඩරේෂණය භාවිත කරන නව තාක්ෂණය හා තාක්ෂණික උපක්‍රම හඳුන්වා දීම සම්බන්ධවත් මෙහිදී සාකච්ඡා කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.