(කේ බුද්ධික කුමාරසිරි)
හෝමාගම උසාවිය පාර කුලී නිවසක් තුළදී ඉකුත් 07 වන දින ඝාතනයට ලක්වූ තරුණිය ගේ දෑස් වලට තියුණු ආයුධයකින් කිහිප වරක් ඇනීමෙන් පසු ගෙල කපා දමා ඝාතනය කර ඇතැයි එම දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකල හෝමාගම මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිළධාරී ධම්මි ලුවිස් හේවා මහත්මිය විසින් නිකුත් කල පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සදහන් වේ.
එලෙස සිදු වූ තියුණු ආයුධ ප්‍රහාර හේතුවෙන් ශරීරයෙන් අධික ලෙස රුධිරය වහනය වීම නිසාවෙන් ඇය මරණයට පත්ව ඇති බවත් මරණකාරිය අතරවරයට හෝ දූෂණයට ලක්ව නොමැති බවත් එම වාර්තාවේ සදහන් වේ
සැකකරු ඇය ඝාතනයට යොදා ගත් සෙන්ටිමීටර 27 දිගැති වක් වූ සෙන්ටිමීටර 17 තියුණු තත්වයේ පවතින පිහියක් ද පොලිසිය විසින් සොයා ගෙන ඇත
මෙලෙස ඝාතනයට ලක් වූයේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂිකර්ම සහකාර නිළාදාරිණියක් ලෙස සේවය කල ඇහැලියගොඩ ගැටහැත්ත අම්පිටිය ප්‍රදේශයේ පදිංචිකාරියක වන විජේතුංග මුදියන්සේලාගේ අචිනි තුෂාරා විජේතුංග නමැති 31 හැවිරිදි අවිවාහක තරුණියකි
ඝාතනයට ලක් වූ තරුණිය එදින සේවය නිමකර සිය මවට ඇමතුමක් ලබා දී ඉක්මනින් ම නිවෙස වෙත පැමිණෙන බවට පවසා ඇති බවත් ඇයගේ දුරකතන ක්‍රියා විරහිත වී නිවසට පැමිණීම ප්‍රමාද වීම නිසාවෙන් නිවැසියන් විසින් ඇය පිළිබදව තොරතුරක් නොමැති බවට ඇහැලියගොඩ පොලිසියට ද පැමිණිල්ලක් කර තිබූ බව හෝමාගම මූලස්ථාන පොලිසියේ උසස් නිළධාරියෙකු පැවසීය
එසේම සැකකාර ඝාතකයා සමග ඇය මාස හතරකට පමණ පෙර පෙම් සබදතාවයක් ආරම්භ කර ඇති බවත් දෙපාර්ශවයම දැනුවත්ව සිට ඇති බවත් ඉක්මනින් විවාහ වීමට අපේක්ෂාවෙන් සිට ඇති බවත් සිදුකල විමර්ශණයේදී අනාවරණය වූ බවද එම නිළධාරීයා වැඩි දුරටත් පැවසීය
හෝමාගම මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රණීත් මානවඩු මහතාගේ දැනුම් දීම මත ඝාතනයට සම්බන්ධ සැකකරු කළුතර දකුණ පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන තිබූ අතර සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉන්නේ තනිකර ට්‍රැක් පැනපු අය... කිසිම ඉවසීමක් නෑ. සහකම්පනය කියන එක ඇත්තේම නෑ. අපි හැම තැනකදීම කල්පනාවෙන් වැඩකරන්න ඕනෑ...
සාමාන්‍යෙයන් තිරිසන් සතෙක්වත් ඇසකට හානියක් කරන්නේ නැහැ. මේ මිනීමරුවා උල තියන්න නියෝග කළයුතුයි...
ඇස්දෙකට පිහියෙන් අනින්න තරම් කුරීරු මේ වගේ අයව ආයුධ සොයන්න ගෙනියනවා ඇරෙන්න උසාවියේ වටිනා කාලය කා දමමින් නඩු අහලා හිරේ දමාගෙන සිටීමෙන් ඵලක් තිබේද?
මේවගේ මිනීමරුවන්ට මේ ආත්මේ නැත්නම් ලබන ආත්මේහරි තමන්ගෙ ඇස්දෙකටත් පිහියෙන් ඇනල මැරෙන්න සිදුවනබව ඒකාන්තයි. ඒ තරමට මෙය කෲර මිනීමැරුමක්...!