(ටී.කේ.ජී.කපිල )

රුපියල් එකොළොස් කෝටි තිස් හතර ලක්ෂයක් වටිනා " කුෂ්" මත්ද්‍රව්‍ය තොගයක් , කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ආ , ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද(06) උදෑසන රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

 මොහු කොළඹ , කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ පදිංචි , 45 හැවිරිදි වියේ පසුවන , කුළී රැකියා වල නිරත වන පුද්ගලයෙකි .

ඔහු විසින් රැගෙන ආ " කුෂ්" මත්ද්‍රව්‍ය සහිත ගමන් මල්ල , කටුනායක ගුවන් තොටුපොළ ගමන් මලු පථයක අතහැර දමා පළා යමින් සිටියදී , රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයට ලද බුද්ධි තොරතුරක් මත මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබේ .

එහිදී එම ගමන් මල්ල තුළ , චොක්ලට් අඩංගු පැකැට් අතර , තවත් පැකැට් 12 ක චොක්ලට් ඉවත් කර , ඒ තුළට " කුෂ්" මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 11 යි ග්‍රෑම් 340 ක ප්‍රමාණය දමා , සගවා ගෙන තිබුණි .