
(යොහාන් භාසුර)
එළවළු, බඩ ඉරිඟු සහ ධාන්‍ය වැනි වගාවන්වල අවශ්‍යතාව මත කෘෂි රසායන පෞද්ගලික අංශය හරහා ආනයනය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (22) අනුමැතිය දුන්නේය.
හරිත කෘෂිකර්මාන්තය තව දුරටත් රජයේ ප්‍රතිපත්තිය බව කී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රජය කිසිවිටක එම ප්‍රතිපත්තියෙන් බැහැර නොවන බව ද සඳහන් කළේය.
අවශ්‍යතාව මත රජයේ මැදිහත්වීමෙන් තොරව කෘෂි රසායනික ද්‍රව්‍ය පෞද්ගලික අංශය මගින් ආනයන කළ හැකි බව ද කී ජනාධිපතිවරයා පැවසුවේ රසායනික පොහොර හෝ කෘෂි රසායන රජයේ සහනාධාර වැඩපිළිවෙළ යටතේ කිසිවිටෙකත් ලබා නොදෙන බවත්ය.
කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (22) පෙරවරුවේ පැවැති විශේෂ සාකච්ඡාවකදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එසේ පැවසීය.
කාබනික පොහොර භාවිතය සහ රසායනික පොහොර තහනම් කිරීම මත රට තුළ ඇතිවී තිබෙන ව්‍යාකූල තත්වයට විසදුමක් ලබාගැනීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්‍ෂ යන මහත්වරු ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් මෙම රැස්වීම පැවැත්විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"දෙයක් වේ නම් ලැබිය යුතුයි සුදුස්සාටම" බැව් හුණුවටයේ කථාවේ කියනවා. නුසුදුස්සෙක් කරන අනිසි ක්‍රියා නිසා දැන් අපිට බඩගින්නේ මැරෙන්නයි වෙන්නේ... දැන් නම් ගිනස් පොතට නම යන්නේ ලෝකයේ හොඳම මෝඩයා ලෙසටයි...
නියමයි... තීරණය හොඳ නැතිනම්, එය වෙනස්කරන්නට අවශ්‍යයි.
නොදකින් මෙහෙම නායකයින්.. පොල්පිතිවලින් දහස් ගණන් කපාගන්න පුළුවන්නේ...
ඇත්තටම මේ නායකයෙක්ද? හරි තීන්දුවක් ගන්න බැහැ... හරි ප්‍රතිපත්තියක් නෑ. තනිකරම පුම්බපු කාඩ්බෝඩ් වීරයෙක්...
ඕක කලින් කරානම් දැං නම් පරක්කු වැඩියි ඕං... 50% රසායනික සහ 50% කාබනික වැඩපිළිවෙළක් කළා නම් අද රටේ මේ වගේ ප්‍රශ්නයක් එන්නේ නෑ...
මෙයට ඉඩ දුන්නත් එය සීමිත කාලයක් සඳහා කරනවා නම් හොඳයි. එයට ලබාදෙන කාලය ප්‍රකාශ කරන්න. එවිට ගොවීන් සූදානම් වේවි. විටින් විට අදහස් වෙනස් නොකර සැලසුම් සහගතව ක්‍රියා කරන්න. එවිට අපේක්ෂාව ඉටුකර ගතහැකියි...
අන්තිමට ගහපු බෙරේකුත් නෑ.. බෙරේ පලු දෙකත් නෑ..
සර්, වැටි වැටි නැගිටින කොට රට ඉවරෙටම ඉවරයි.
එපමණක් නොවෙයි, වකුගඩු රෝගවලට බෙහෙත් දීමත් රජයෙන් නොකළ යුතුයි.
රටක් වශයෙන් මෙය විශාල පසුබෑමක්... පොහොර මාෆියා කලුකඩයින්ට රජ මගුල්... කම්මැලි ගොවීන් අමාරුවේ. පාරිභෝගිකයන් සුන්....
මෙයාට ලොකු වැඩ කරලාවත්, රාජ්‍ය පරිපාලනය හෝ සිවිල් රාජකාරි ගැනවත් මෙලෝ දැනුමක් නැහැ. අඩුම මරණාධාර සමිතියකවත් තනතුරක් දරපු මෙනෙක් නෙවෙයි. යුද්ධයේදීත් මරණ වැඩිවෙනකොට රට පැන්නා. ඉතින් මේ අයට වීරයෝ කියනවා නම් සරත් ෆොන්සේකා වගේ වැඩකාරයින්ට මොනවද කියන්නේ...? රට දාලා බයේ පැන්න කෙනාට බයියන් කියන්නේ රට රකින විරුවා කියලා. කාබනික පොහොර ක්‍රමය හොඳයි.. නමුත් හැම ග්‍රාමසේවා කොට්ඨාශයකින්ම කොටසක් තෝරාගෙන ක්‍රමක්‍රමයෙන් ඉදිරියට යන්න තිබුණා. දැන් පොහොරත් නැහැ, අස්වැන්නත් නැහැ කාබනික පෝරත් නැහැ.. අසූචි නැවක් විතරක් ලංකා මුහුදේ නවත්වලා තියෙනවා.
තීන්දු තීරණ ගැනීමේදී කොමිස් කාක්කන්ගෙන් නැතිව උගත්තුන්ගෙන් පමණක් ගත්තොත් තමයි හොඳ...!
අන්තිමට ගහපු බෙරේකුත් නැහැ. බෙරෙන් පලුවකුත් නෑ...
හා හා... කෘෂි රසායන නෙමෙයි..., ශාක පෝෂක..!
රිවර්ස් ගහනවා කියලා මෙහෙමත් රිවර්ස් ගැහිල්ලක් ජීවිතේට දැකලා නැහැ. එන්ජිමට පෙට්‍රල් වෙනුවට පොල්තෙල් දාලාද කොහෙදෝ...
අම්මපා... මෙහෙමත් ජනාධිපති කෙනෙක් ජීවිතේටම දැක්කාමයි. ඔක්කොම රිවර්ස් විතරයි.. ඉස්සරහට යන්නෙම නෑ...
අත්දැකීම් නැහැ කියලනේ කියන්නේ. අත්දැකීම් තියෙන දේවල් ගැන නම් රටම දන්නවා. කලට වේලාවට හරිහමන් තීන්දු තීරණ ගන්න බැරි නායකයා... පවුල් පාලනේ තීන්දු තීරණ නම් සුපිරියටම ගන්න දන්නවා...
හොට බිම ඇනගෙන... එ්ත් උද්දච්චකම තවම අඩුවෙලා නැහැ. " කටේ නරිවාදන් රෙද්ද පල්ලෙන් පෙරෙනවා " කියලා අපේ ජනවහරේ භාවිතා කරන්නේ මේ වගේ අමනයින්ට වෙන්න ඇති...
එන්න නංගි එන්න මල්ලි එක්වෙලා... එළිවෙනකල් චිත්‍ර අදිමු බැමි පුරා... කාබනිකත් ටිකක් ගන්න උදැල්ලකුත් කරට ගන්න... එලිවෙනකල් කුඹුරු කොටමු රට පුරා... කිරිබත් කමු එළිවෙනකල් කටපුරා...
පාස්කු නිසා ඒ අය ගොඩගියා.. කොරෝනා නිසා හෝටල් කාරයින් ගොඩගියා.. සිමින්ති, ටයිල් කොම්පැණි කාරයින් ගොඩගියා.. හාල් හිඟය නිසා මෝල්කාරයෝ ගොඩගියා.. ගෑස් හිඟය නිසා ඒ අයත් ගොඩ ගියා... අලුත් ප්‍රශ්න එකක් ගෙනැල්ලා පොහොර ගෙන්නන කම්පැණි කාරයිනුත් ගොඩ ගියා.. එදා වේල හම්බ කරන් කාපු අහිංසක මහජනතාව දුක්විඳිනවා.
ඇත්තම කියනවා නම් වැඩ බැරි ටාසන්ලාව විවේචනය කරලා තේරුමක් නැහැ. නයි නැටවීමක් වගේ වැඩකට නම් කියාපු මනුස්සයා. කල්ලියේ කෙනෙකුට පොහොර එකාධිකාරයත් පැටෙව්වා එහෙනම්... එක අතකට ඉතින් නැණ පමණ අනුවණේ වැඩ...
පිස්සු එකේ හොඳ එක !!
පිටිපස්සට යාමක් නැහැ.. නමුත් එකතැන කැරකෙනවා.
මේ තියෙන්නේ... මෙයා සිංහ නාදෙන් බලු කෙඳිරිලි ඇවිල්ලා.
බළලා මල්ලෙන් එලියට පැනීම
ලෝක ධනවාදයේ අර්බුදයට රිවස් ගැහිල්ලත්, ධනපති පාලකයින්ගේ ක්‍රමයක් වෙලා. ඉන්දියාවේ මෝදි ඒකම කළා. ලෝක කම්කරු පන්තිය බලයක් වනතුරු ධනපති පාලකයින් හිතූ හිතූ හැටියට ක්‍රියා කරනවා තමයි..
හරි නේද...? ඕක තමයි කරගන්න වුවමනා වෙලා තිබුණේ...
අපේ කඩේ නැහැ. අල්ලපු කඩේ තියනවා ගන්න. ඒ අපේ ජාතික ප්‍රතිපත්තිය. කුමාර වෙල්ගම පාර්ලිමේන්තුවේ කියනවා ඇසුණා ජනතාව කියනවා කියලා පිස්සෙක් කියලා. ඇත්තටම පිස්සුද? පව් කියලත් හිතෙනවා. මට නම් හිතෙන්නේ වටේ ඉන්න ළදරුවෝ සහ තක්කඩි මෙතුමාව වටකර ගෙන නොමග යවනවා කියලයි.