IMG-LOGO

2025 මැයි මස 08 වන බ්‍රහස්පතින්දා


කෘෂි රසායන පෞද්ගලික අංශ හරහා ආනයනයට අනුමැතිය

(යොහාන් භාසුර)

එළවළු, බඩ ඉරිඟු සහ ධාන්‍ය වැනි වගාවන්වල අවශ්‍යතාව මත කෘෂි රසායන පෞද්ගලික අංශය හරහා ආනයනය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (22) අනුමැතිය දුන්නේය.

හරිත කෘෂිකර්මාන්තය තව දුරටත් රජයේ ප්‍රතිපත්තිය බව කී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රජය කිසිවිටක එම ප්‍රතිපත්තියෙන් බැහැර නොවන බව ද සඳහන් කළේය.

අවශ්‍යතාව මත රජයේ මැදිහත්වීමෙන් තොරව කෘෂි රසායනික ද්‍රව්‍ය පෞද්ගලික අංශය මගින් ආනයන කළ හැකි බව ද කී ජනාධිපතිවරයා පැවසුවේ රසායනික පොහොර හෝ කෘෂි රසායන රජයේ සහනාධාර වැඩපිළිවෙළ යටතේ කිසිවිටෙකත් ලබා නොදෙන බවත්ය.

කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (22) පෙරවරුවේ පැවැති විශේෂ සාකච්ඡාවකදී ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා එසේ පැවසීය.

කාබනික පොහොර භාවිතය සහ රසායනික පොහොර තහනම් කිරීම මත රට තුළ ඇතිවී තිබෙන ව්‍යාකූල තත්වයට විසදුමක් ලබාගැනීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්‍ෂ යන මහත්වරු ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් මෙම රැස්වීම පැවැත්විණි.



අදහස් (33)

කෘෂි රසායන පෞද්ගලික අංශ හරහා ආනයනයට අනුමැතිය

Royfedricks Monday, 22 November 2021 05:05 PM

"දෙයක් වේ නම් ලැබිය යුතුයි සුදුස්සාටම" බැව් හුණුවටයේ කථාවේ කියනවා. නුසුදුස්සෙක් කරන අනිසි ක්‍රියා නිසා දැන් අපිට බඩගින්නේ මැරෙන්නයි වෙන්නේ... දැන් නම් ගිනස් පොතට නම යන්නේ ලෝකයේ හොඳම මෝඩයා ලෙසටයි...

:       0       8

Nalin s Monday, 22 November 2021 05:07 PM

නියමයි... තීරණය හොඳ නැතිනම්, එය වෙනස්කරන්නට අවශ්‍යයි.

:       0       2

සෑම් Monday, 22 November 2021 05:12 PM

නොදකින් මෙහෙම නායකයින්.. පොල්පිතිවලින් දහස් ගණන් කපාගන්න පුළුවන්නේ...

:       10       108

shedsunilMonday, 22 November 2021 05:54 PM

පෙට්‍රල් ෂෙඩ් එහෙක වැඩ කරපු මනුස්සයෙක්ගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. පොර දන්නේ ගහන්ඩ කිව්වම පෙට්‍රල් ගහනවා වගේ ගැසට් ගහන්ඩයි, ඇති කිව්වම රිවස් කරන්ඩයි විතරයි..

:       9       59

Bishan Monday, 22 November 2021 05:33 PM

ඇත්තටම මේ නායකයෙක්ද? හරි තීන්දුවක් ගන්න බැහැ... හරි ප්‍රතිපත්තියක් නෑ. තනිකරම පුම්බපු කාඩ්බෝඩ් වීරයෙක්...

:       7       99

ගොවියා Monday, 22 November 2021 05:37 PM

ඕක කලින් කරානම් දැං නම් පරක්කු වැඩියි ඕං... 50% රසායනික සහ 50% කාබනික වැඩපිළිවෙළක් කළා නම් අද රටේ මේ වගේ ප්‍රශ්නයක් එන්නේ නෑ...

:       4       81

අප්පුහාමි Monday, 22 November 2021 05:46 PM

මෙයට ඉඩ දුන්නත් එය සීමිත කාලයක් සඳහා කරනවා නම් හොඳයි. එයට ලබාදෙන කාලය ප්‍රකාශ කරන්න. එවිට ගොවීන් සූදානම් වේවි. විටින් විට අදහස් වෙනස් නොකර සැලසුම් සහගතව ක්‍රියා කරන්න. එවිට අපේක්ෂාව ඉටුකර ගතහැකියි...

:       7       29

සඳුන් Monday, 22 November 2021 05:50 PM

අන්තිමට ගහපු බෙරේකුත් නෑ.. බෙරේ පලු දෙකත් නෑ..

:       6       48

sathayapala Monday, 22 November 2021 05:55 PM

සර්, වැටි වැටි නැගිටින කොට රට ඉවරෙටම ඉවරයි.

:       4       43

Bamunuarachchi Monday, 22 November 2021 05:58 PM

එපමණක් නොවෙයි, වකුගඩු රෝගවලට බෙහෙත් දීමත් රජයෙන් නොකළ යුතුයි.

:       59       13

කේවට්ටලාගේ ආරච්චිWednesday, 24 November 2021 08:42 AM

"ඔය පොහොර ටික මිනිස්සුන්ට නොමිලයේ දීලා දාන්න" අයියා කියපු දවස්වල රටේ වකුගඩු රෝගි නොසිටියාවත්ද?

:       0       1

යෝගා Monday, 22 November 2021 05:59 PM

රටක් වශයෙන් මෙය විශාල පසුබෑමක්... පොහොර මාෆියා කලුකඩයින්ට රජ මගුල්... කම්මැලි ගොවීන් අමාරුවේ. පාරිභෝගිකයන් සුන්....

:       35       20

චන්ද්‍රානි Monday, 22 November 2021 06:05 PM

මෙයාට ලොකු වැඩ කරලාවත්, රාජ්‍ය පරිපාලනය හෝ සිවිල් රාජකාරි ගැනවත් මෙලෝ දැනුමක් නැහැ. අඩුම මරණාධාර සමිතියකවත් තනතුරක් දරපු මෙනෙක් නෙවෙයි. යුද්ධයේදීත් මරණ වැඩිවෙනකොට රට පැන්නා. ඉතින් මේ අයට වීරයෝ කියනවා නම් සරත් ෆොන්සේකා වගේ වැඩකාරයින්ට මොනවද කියන්නේ...? රට දාලා බයේ පැන්න කෙනාට බයියන් කියන්නේ රට රකින විරුවා කියලා. කාබනික පොහොර ක්‍රමය හොඳයි.. නමුත් හැම ග්‍රාමසේවා කොට්ඨාශයකින්ම කොටසක් තෝරාගෙන ක්‍රමක්‍රමයෙන් ඉදිරියට යන්න තිබුණා. දැන් පොහොරත් නැහැ, අස්වැන්නත් නැහැ කාබනික පෝරත් නැහැ.. අසූචි නැවක් විතරක් ලංකා මුහුදේ නවත්වලා තියෙනවා.

:       5       66

පැරකුම්Monday, 22 November 2021 08:05 PM

චන්ද්‍රානි හරියට හරි. ඒත් කෝ ඔය කියන උගත්, බුද්ධිමත්, අත්දැකීම් බහුල වෘත්තිකයින් යයි කියාගන්නා මෝඩ රැල…? නිදිද නැත්නම් බයේ හැංගිලාද…?

:       0       0

සොරිසේන Monday, 22 November 2021 08:59 PM

යුද්ධය අතරමග රට පැන්න හේතුව විදිහට දැක්වුවේ " රෝගයක්" තිබෙන බව. එදා තිබ්බ රෝගය තාම සනීප වෙලා නැහැ වගේ නේද?

:       0       0

ravin Monday, 22 November 2021 06:09 PM

තීන්දු තීරණ ගැනීමේදී කොමිස් කාක්කන්ගෙන් නැතිව උගත්තුන්ගෙන් පමණක් ගත්තොත් තමයි හොඳ...!

:       2       35

පැරකුම්Monday, 22 November 2021 08:54 PM

උගතුන් යයි කියාගන්නා මෝඩ රැල නිදිද? නැත්නම් බයේ හැංගිලාද?

:       0       0

Gamage Monday, 22 November 2021 06:16 PM

අන්තිමට ගහපු බෙරේකුත් නැහැ. බෙරෙන් පලුවකුත් නෑ...

:       6       41

Nuwan Monday, 22 November 2021 06:17 PM

හා හා... කෘෂි රසායන නෙමෙයි..., ශාක පෝෂක..!

:       5       48

Vira Monday, 22 November 2021 06:32 PM

රිවර්ස් ගහනවා කියලා මෙහෙමත් රිවර්ස් ගැහිල්ලක් ජීවිතේට දැකලා නැහැ. එන්ජිමට පෙට්‍රල් වෙනුවට පොල්තෙල් දාලාද කොහෙදෝ...

:       7       46

mohomed agarapatana Monday, 22 November 2021 06:43 PM

අම්මපා... මෙහෙමත් ජනාධිපති කෙනෙක් ජීවිතේටම දැක්කාමයි. ඔක්කොම රිවර්ස් විතරයි.. ඉස්සරහට යන්නෙම නෑ...

:       6       53

ගමේ එකාලා Monday, 22 November 2021 06:43 PM

අත්දැකීම් නැහැ කියලනේ කියන්නේ. අත්දැකීම් තියෙන දේවල් ගැන නම් රටම දන්නවා. කලට වේලාවට හරිහමන් තීන්දු තීරණ ගන්න බැරි නායකයා... පවුල් පාලනේ තීන්දු තීරණ නම් සුපිරියටම ගන්න දන්නවා...

:       6       54

විජිත් Monday, 22 November 2021 07:10 PM

හොට බිම ඇනගෙන... එ්ත් උද්දච්චකම තවම අඩුවෙලා නැහැ. " කටේ නරිවාදන් රෙද්ද පල්ලෙන් පෙරෙනවා " කියලා අපේ ජනවහරේ භාවිතා කරන්නේ මේ වගේ අමනයින්ට වෙන්න ඇති...

:       5       58

පිටිගල මිලානෝ Monday, 22 November 2021 07:50 PM

එන්න නංගි එන්න මල්ලි එක්වෙලා... එළිවෙනකල් චිත්‍ර අදිමු බැමි පුරා... කාබනිකත් ටිකක් ගන්න උදැල්ලකුත් කරට ගන්න... එලිවෙනකල් කුඹුරු කොටමු රට පුරා... කිරිබත් කමු එළිවෙනකල් කටපුරා...

:       0       0

MISHAL-MATARA Monday, 22 November 2021 07:57 PM

පාස්කු නිසා ඒ අය ගොඩගියා.. කොරෝනා නිසා හෝටල් කාරයින් ගොඩගියා.. සිමින්ති, ටයිල් කොම්පැණි කාරයින් ගොඩගියා.. හාල් හිඟය නිසා මෝල්කාරයෝ ගොඩගියා.. ගෑස් හිඟය නිසා ඒ අයත් ගොඩ ගියා... අලුත් ප්‍රශ්න එකක් ගෙනැල්ලා පොහොර ගෙන්නන කම්පැණි කාරයිනුත් ගොඩ ගියා.. එදා වේල හම්බ කරන් කාපු අහිංසක මහජනතාව දුක්විඳිනවා.

:       0       0

බද්රානි Monday, 22 November 2021 08:46 PM

ඇත්තම කියනවා නම් වැඩ බැරි ටාසන්ලාව විවේචනය කරලා තේරුමක් නැහැ. නයි නැටවීමක් වගේ වැඩකට නම් කියාපු මනුස්සයා. කල්ලියේ කෙනෙකුට පොහොර එකාධිකාරයත් පැටෙව්වා එහෙනම්... එක අතකට ඉතින් නැණ පමණ අනුවණේ වැඩ...

:       0       0

සොරිසේන Monday, 22 November 2021 09:01 PM

පිස්සු එකේ හොඳ එක !!

:       0       0

Demuni Uduwara Tuesday, 23 November 2021 01:47 AM

පිටිපස්සට යාමක් නැහැ.. නමුත් එකතැන කැරකෙනවා.

:       0       0

sharm warn Tuesday, 23 November 2021 09:04 AM

මේ තියෙන්නේ... මෙයා සිංහ නාදෙන් බලු කෙඳිරිලි ඇවිල්ලා.

:       0       0

lakvidu Tuesday, 23 November 2021 11:13 AM

බළලා මල්ලෙන් එලියට පැනීම

:       0       0

jayanthi Tuesday, 23 November 2021 04:05 PM

ලෝක ධනවාදයේ අර්බුදයට රිවස් ගැහිල්ලත්, ධනපති පාලකයින්ගේ ක්‍රමයක් වෙලා. ඉන්දියාවේ මෝදි ඒකම කළා. ලෝක කම්කරු පන්තිය බලයක් වනතුරු ධනපති පාලකයින් හිතූ හිතූ හැටියට ක්‍රියා කරනවා තමයි..

:       0       4

Lal Tuesday, 23 November 2021 08:39 PM

හරි නේද...? ඕක තමයි කරගන්න වුවමනා වෙලා තිබුණේ...

:       0       1

වර්ණකුලසූරිය Wednesday, 24 November 2021 09:16 AM

අපේ කඩේ නැහැ. අල්ලපු කඩේ තියනවා ගන්න. ඒ අපේ ජාතික ප්‍රතිපත්තිය. කුමාර වෙල්ගම පාර්ලිමේන්තුවේ කියනවා ඇසුණා ජනතාව කියනවා කියලා පිස්සෙක් කියලා. ඇත්තටම පිස්සුද? පව් කියලත් හිතෙනවා. මට නම් හිතෙන්නේ වටේ ඉන්න ළදරුවෝ සහ තක්කඩි මෙතුමාව වටකර ගෙන නොමග යවනවා කියලයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

කෙහෙළිය රිමාන්ඩි
2025 මැයි මස 07 1854 2

ජනමාධ්‍ය, පරිසර සහ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩල තනතුරු සඳහා සිය ඥාතීන්, හිතවතුන් සහ දේශපාලන ආධාරකරුවන් පත්කරගෙන ඔවුන් සේවයේ යොදවා නොගෙන


පාප්තුමා තෝරා ගැනීමේ ඡන්දය ඇරැඹේ
2025 මැයි මස 07 1715 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීමෙන් පසු හිස්වූ පාප් ධුරය සඳහා මීළඟ පාප් වහන්සේ තෝරාගැනීම සඳහා වකිතානයේ දී මේ වනවිට ආරම්භ වී ඇත. මෙම


රිය අනතුරකින් දෙන්නෙක් මරුට
2025 මැයි මස 07 639 0

වීරකැටිය රන්න ප්‍රධාන මාර්ගයේ ගුරු ගොඩල්ල ප්‍රදේශයේදී යතුරු පැදියක් හා ලොරි රථයක් ගැටීමෙන් යතුරුපැදියේ ගමන් කළ දෙදෙනෙකු මිය ගොස් ඇතැයි වීරකැටිය පොල


ආනයන තීරුබදු යෝජනාව හෙට මැතිසබේට
2025 මැයි මස 07 1267 0

පාර්ලිමේන්තුව හෙට (8) සහ අනිද්දා (9) රැස්වීමට නියමිතය.


කෙහෙළිය අත්අඩංගුවට
2025 මැයි මස 07 3233 6

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගනු ලැබීය.


සජබෙන් කොළඹ නගර සභාවට නගරාධිපතිවරයෙක්
2025 මැයි මස 07 10963 11

විපක්ෂයේ සියලු කණ්ඩායම් හා එක්ව කොළඹ මහනගර සභාව සඳහා සමගි ජන බලවේගයෙන් නගරාධිපතිවරයකු පත්කර ගන්නා බව එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1054 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 253 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1295 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site