
(අංජුල මහික වීරරත්න)
මහ කන්නයට අවශ්‍ය යුරියා පොහොර මෙට්‍රික් ටොන් 13,000 රැගත් පළමු නෞකාවේ පොහොර ගොඩබෑම අද (28) ආරම්භ කෙරිණි.
2022/23 මහ කන්නයේ වී වගාවට අවශ්‍ය යුරියා පොහොර මෙට්‍රික්ටොන් 13,000ක් රැගත් පළමු නෞකාව ඉකුත් (26) රාත්‍රී කොළඹ වරායට පැමිණියේය. මෙම යුරියා පොහොර තොගය චීනයෙන් මෙරටට ගෙන්වන ලද්දකි.
පොහොර ගොඩබෑමෙි කටයුතු නිරීක්ෂණය සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය මොහාන් ද සිල්වා හා අමාත්‍යාංශයේ ලේකම් රෝහණ පුෂ්පකුමාර මහත්වරුද අද සහභාගී වූහ.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙහිදී පැවැසූයේ ලෝක වෙළෙඳ පොළේ යුරියා පොහොර මිල ඉහළ ගියත් මෙවරත් පොහොර මිටියක් රුපියල් 10,000ක මුදලට ලබා දෙන බවයි.
පසුගිය යළ කන්නයේ දී ලබා දුන් යුරියා පොහොර මිටිවල නියමිත බර නැතැයි කියමින් සමහරු දොස් නැගූ බව කී අමාත්‍යවරයා මෙවර මාධ්‍ය ඉදිරියේ ම බර කිරා බැලූ බවද අහඹු ලෙස පරීක්ෂා කළ හැම පොහොර මිටියකම කිලෝග්‍රෑම් 50ක බරින් යුත් යුරියා පොහොර තිබු බවද සඳහන් කළේය.
(ඡායාරූප: ශාන්ත රත්නායක)




2025 දෙසැම්බර් මස 18
233
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
174
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කෘෂි ඇමැතිම බර කිරා යූරියා පෝර බාර ගනියි