(ඉන්දිකා රාමනායක)
බත්තරමුල්ලේ පිහිටි බස්නාහිර පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය කාර්යාල ගබඩාවේ තිබූ ඡායා පිටපත් කඩදාසි බණ්ඩල් 300ක් සොරා ගැනීම සමබන්ධයෙන් එහි සේවකයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි.
සැකකරුවන් දෙදෙනා එහි කාර්යාල කාර්ය සහයකයන් දෙදෙනකු බවද පොලිසිය කියයි. මෙලෙස සොරාගෙන ගොස් ඇත්තේ කඩදාසි 500 බැගින් අඩංගුව තිබු බණ්ඩල් 300 බවට එහි ගණකාධිකාරිවරයා මෙම සිද්ධිය සම්බන්ධයෙන් තලංගම පොලිසියට කළ පැමිණිල්ලකට අනුව පොලිසිය පරීක්ෂණ පවත්වා මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
එම විගණන නිලධාරීන් ඉකුත් මාර්තු 30 දින සිදුකළ විගණනයේ දී එහි ගඩාවේ කඩදාසි බණ්ඩල් වල අඩුවක් තිබී නොමැති අතර, නොවැම්බර් මස 11 දින සිදුකළ විගණනයේ දී මෙම කඩදාසි බණ්ඩල් වල අඩුවක් හෙළි වීමෙන් පසු පොලිසියට පැමිණිලි කර ඇත.
COMMENTS