
(සරත් චින්තක සහ ප්‍රසංග පෙරේරා)
කවුරු විරුද්ධ වුණත් කොළඹ වරායේ නැගෙනහිර ජැටිය බදු දෙන බවත් එය රජයේ ස්ථාවරය බවත් ග්‍රාමීය මාර්ග සංවර්ධන හා අවශේෂ පහසුකම් පිළිබද රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා මහතා (24දා) වත්තල කෙළවරපිටියේදී පැවසීය.
ඒ මහතා එසේ ප්‍රකාශ කළේ වත්තල ශ්‍රීලංකා පොදු ජන පෙරමුණේ තරුණ බල මණ්ඩලය අමතමිනි.
එහිදී තව දුරටත් අදහස් දක්වා සිටි අමාත්‍යවරයා මෙසේ ද කීවේය.
" රජයක් ලෙස අපි ප්‍රකාශ කරන්නේ අපි රාජ්‍ය දේපළ විකුණාගෙන කන්නේ නෑ. අපි කරන්නේ නැගෙනහිර ජැටියට ආයෝජන කරන්න ඉන්දියානු සමාගමකට බදු දීමයි. ඉන්දියාව වේවා, ජපානය, චීනය, ඇමරිකාව වේවා ඕනෑම රටක් ලංකාවේ ආයෝජනයට එනවා නම් අපි ඒ අයට අවස්ථාව දෙනවා.
එසේ ආයෝජන අපේ රටට ආ විට රටේ තරුණ තරුණියන් ට රැකියා අවස්ථා උදාවෙනවා. ඒ නිසා අපි එකහෙලා කියාසිටි පරිදි කොළඹ වරායේ නැගෙනහිර ජැටියේ ආයෝජනය කිරීමට ඉන්දියානු සමාගමට අවස්ථාව ලබා දෙනවා. ඉන්දියාව අප අසල්වැසි මිත්‍ර රටක්, ඒ අය අමනාප කර ගැනීම අනුවන කමක්.
අද මුළු ලෝකයේම ආර්ථිකය කඩා වැටිලා එය අපේ රටටත් බලපාලා තියනවා. ඒ නිසා අපි රට දියුණු කරන්න අවශ්‍ය කටයුතු සිදු කල යුතුයි. එහි එක් පියවරක් ලෙස තමයි අපි සංචාරකයන් සදහා ගුවන්තොටුපළ විවෘත කෙරුවේ. ඒත් විපක්ෂ ය කියනවා මුළු රටටම කොරෝනා බෝ කරනවා කියලා. එසේ ඔවුන් කියන්නේ එන්. ජී. ඕ. කාරයන්ගේ සල්ලි වලටයි. "
මෙම අවස්ථාවට හිටපු පලාත් සභා මන්ත්‍රී රන්දීර් රොද්‍රිගු, වත්තල ප්‍රාදේශීය සභාවේ සභාපති ත්‍යාගරාජා අල්විස්, උප සභාපති බිගුන් ජයතුංග, වත්තල තරුණ බල මණ්ඩලයේ සභාපති ජගත් ජයතුංග යන මහතුන් ඇතුළු දේශපාලන මහජන නියෝජිතයන් විශාල පිරිසක් එක්වී සිටියහ.
සබැදි
නැ’හිර ජැටිය බදුදෙනවාට ඇමැති ප්‍රසන්නගෙන් විරෝධයක්
-----------------------------------------------------------------------------------------------------------
මෙම රැස්වීම පැවැත්වූයේ අද (24 වැනිදා) පෙරවරුවේදීය.
එහෙත් අද පස්වරු 6.00 වන විට ග්‍රාමීය මාර්ග සංවර්ධන හා අවශේෂ පහසුකම් පිළිබද රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා මහතාගේ මාධ්‍ය නිලධාරී ප්‍රසාද් බටුගහගේ මහතා අප වෙත ඊ-මේල් පණිවුඩයකින් දන්වා සිටියේ ‘නැගෙනහිර ජැටිය විකුණන්නේ හෝ බදු දෙන්නේ නැහැ‘ යයි ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පැවසූ බවයි.
මාධ්‍ය නිලධාරී ප්‍රසාද් බටුගහගේ මහතාගේ මාධ්‍ය නිවේදනය පහත දැක්වේ.

COMMENTS
ඡන්දෙ දවස්වල නම් බෙරිහන් දුන්නේ " අපේ හාමුදුරුවනේ මේ ගොල්ලෝ අපේ රාජ්‍ය සම්පත් සේරම විකුණනවා. හම්බන්තොට වරාය, කොළඹ වරාය, පොර්ට්සිටි එක, කන්කසන්තුරේ වරාය මේ සේරම විකුණන්න අද පාර්ලිමේන්තුවට ගැසට් එකක් ඉදිරිපත් කරලා තියෙනවා. අපි අපේ රටේ දේපල ගන්න බලාගෙන ඉන්න පිටරට අයට දැන් කියන්නේ අපේ රටේ රාජ්‍ය දේපළ කිසිවක් පිටරටවල කිසිම කෙනෙක් මිලදී ගන්න එපා. අපි බලයට පත් වුණාම ඒ සේරම ආපසු ජනතාව සතු කරනවා" කියලා නේද? මාර වැඩක් ලංකාවට වුනේ...
අනේ ඔව්... 69 ලක්ෂය ඡන්දය දුන්නේ රට විකුණගෙන කාපල්ලා කියලනේ.
මේ වගේ අය නිසා තමයි රජයට විරුද්ධව මහජනයා නැගී සිටින්නේ. ජනාධිපතිට මොලේ තියෙනවා නම් සිංහාසනයෙන් එළවලාම දානවා.
69 ලක්ෂයේ තේරීම ලන්සා...! ඕක ඒ අයටම කියාගන්න.
අන්න එහෙම තමයි ආණ්ඩු කරන්න ඕනේ. අපිට හිතුණා අපි විකිණුවා. කවුරු විරුද්ධ වුණත් අපිට මොකද?
පෙනෙනවාද...? අවුරුදු 5කට තාවකාලිකව රටේ මිනිස්සුන්ගෙන් හිඟාකාලා ඡන්දෙ අරගෙන බලයට පත්වෙලා, දැන් රටේ මිනිස්සුන්ට තර්ජනය කරන්නත් ලැහැස්තිද...? බදු දෙන්නේ නැහැ.. ආයෝජකයින්ට ආයෝජනය සඳහා දෙනවා කියලා ආණ්ඩුවේ සමහරු කියනවා. මේ මිනිහා කියනවා බදුදෙනවාලු. අපි දන්නවා ඔබට ඉන්දියාවේ නෑදෑකමක් තියෙනවා කියලා. ගජබා රජ්ජුරුවන් ඉන්දියාවෙන් අල්ලගෙන ආපු අයගෙන් ඔබ පැවත එනබව මීගමුවේ කවුරුත් දන්නවා. අපි ලැහැස්තියි. අපි ඔය වරාය විතරක් නොවෙයි, රටේ කිසිම දෙයක් මින්පසු විදේශයන්ට දෙන්න ඉඩ දෙන්නේ නැහැ. ඔය චිනාට දුන්නු වරාය නගරයට හොරෙන් වැලි හාරලා අපේ ගමට වෙලාතියෙන දේ පෙනෙන්නේ නැහැ නේද..? ඔබ කාගේ හයිය අරගෙනද ඔය කෑගහන්නේ..?
මේ අයටද අපි ඡන්දෙ දුන්නේ...? ලැජ්ජයි.
හරි හරි ඇමති උත්තමයෝ. දීලා බලන්නකෝ වෙනදේ. ලංකාවේ ඉන්න එක ඉන්දියන් කාරයෙක්වත් මෙහෙ තියන්නේ නැහැ. චීන්නුන්ටත් ඒ සැන්තෑසියම තමයි.
ජය වේවා...!!! ප්‍රජාතන්ත්‍රවාදයට අනුව දිනූ නිසා කමක් නැහැ. බහුතර ජනතාව කැමති නම් මොකෝ...?
වැස්සකටවත් "හොඳ පාසලකට" දරුවන් නොයැවීමේ ආදීනව පෙනෙනවා නේද..? හලෝ දැන්වත් රෑ ඉස්කෝලෙට හරි ගිහින් මේ ලෝකය ගැන ඉගෙන ගන්න.
හොඳ අදහසක්... අපිට තෙල් ටැංකි 3කුත් දෙන්න.
මේ ෆොටෝ එකෙන්ම පෙනෙනවා අද ලංකාව පත්වෙලා තියෙන ඛේදවාචකය. පසුපස තියෙන බැනරයේ වම් පැත්තේ තිබෙන මුහුණු 3 බලන්න.
මේ කියන දේවල් ගණන් ගන්න එපා....
ඔබතුමාගේ වැඩ කෙළින්... අපි සතුටු වෙනවා. කොන්දක් තිබීම ගැන.. අද ඕක කියන්න වාචාල දේශප්‍රේමියෝ බයවෙලා... ඒ වගේම හැංගිලා.
මුලු වරායම විකුණුවත් අපිට මොකෝ... අපිට ඉන්න රටක් තියෙනවනේ...
මේ දෙන්න යන්නේ ඉන්දියානු පුද්ගලික සමාගමකට ඉන්දියානු රජයට නොවේ. මේ විදිහට කොහොමද ඉන්දියානු රජය සතුටු කරන්නේ...?
විදේශිකයින්ට ආයෝජනය කිරීමට සලස්වා දියයුත්තේ කොළඹ කොටස් වෙළඳපලේ ලියාපදිංචි දේශීය ව්‍යාපාරයක් මගින්... එහෙම වුණොත් රටේ දේපල විකිණීමක් සිදුවෙන්නේ නැහැ කියලා හිතෙනවා. තවද කොටස් වෙළඳ පලේ ආයෝජනය කිරීමට ශ්‍රී ලාංකිකයින්ට අවස්ථාවක් ලැබෙන බැවින් ලංකාවේ ජනතාව ආයෝජනයට උනන්දු වෙයි. ලංකාවේ ජනතාව ආයෝජනය ගැන හිතන් ඉන්නේ සූදුවක් කියලා. නමුත් නොකා නොබී ලෙඩකට නිසියාකාරව බෙහෙතක් නොගෙන බැංකුවල ඉතිරි කර ඒ පොලියෙන් ජිවත් වෙන්න හිතන් ඉන්න නිසයි මහා බැංකු මංකොල්ලය වැනි දේවල් වෙන්නේ... මොකද ඉතිරි කළ යුත්තේ හදිසියකට ගැනීමට මිස එයින් ජීවත් වීමට නොවේ. ලංකාවේ ජනතාව නොකා නොබී, විදේශවලට ගිහින් වහල්කම් කර ඉතිරි කරන මුදල්, ලංකාවේ පරිපාලන අංශය විසින් මංකොල්ල කනවා. බොරුවට දේශපාලකයින්ට බැණ බැණ හිටියට ලංකාවේ පරිපාලන අංශයේ වෘත්තීය සමාගම් දේශපාලනිකරණය වී තිබීම හේතුවෙන් ලංකාවේ දේපල විදේශයන්ට විකිණීම සම්බන්ධයෙන් වගකිව යුත්තේ පරිපාලන අංශයයි.
ලෝකයේ කොහේවත් නැති භයානක ප්‍රවණතාවයක් රට තුළ ගොඩ නැගෙනවා.. දූෂණය කියමින් රජයේ ආයතන නිලධාරින් ඉවත් කරමින් තම හිතවතුන් පත් කරනවා. ඒවායේ ස්වාධීනත්වය හා ජනතාවට ඇති වගකීම නැතිවෙනවා (ඇත්තටම කළ යුත්තේ දූෂිතයින් සොයා දඬුවම් දීමයි). එවිට තම ව්‍යාපාරික හිතවතුන්ට නිදහසේ ආර්ථිකමය හැසිරිය හැකියි. ඔවුන් ඒකාධිකාරයක් ගොඩනංවමින් මාකොස් පන්නයේ පාලනයක් රට තුල දැනටත් හැඩගැසෙනවා. වරායන් පවා මේ විදිහට දුන්නාම වන්නේ රටට එන්නේ මොනවද යන්නේ මොනවද කියලා කිසි කෙනෙකුට හොයා ගන්න බැරිවීමත් සිදුවෙනවා. ලෝකයේ ඕනෑම රටක රජය ආයතන ස්වාධීනයි. ඒ නිසා ඇතැම් විට පාලකයින්ට පවා බදු ගෙවන්න වෙන අවස්ථා ඕනෑතරම් වාර්තා වෙනවා. වෙළඳාම තම අතට ගැනීම නිසා රට තුළ විශාල වියවුල් ඇතිවිය හැකියි.. දූෂිතයින්ට පෙනෙන්නේ ඊළඟ මැතිවරණයට සොයා ගන්න මුදල් හා තම පවුල් පෝෂණය පමණයි...
"කවුරු විරුද්ධ වුණත් නැගෙනහිර ජැටිය ඉන්දියාවට බදු දෙනවා" ... මේක ආයෝජනයක්...
වියත්මගේ වියතුනි, වහාම මැදිහත්වී මේ අනුවණ ක්‍රියාව නවත්වන්න.
ඔන්න එහෙමයි වෙන්නේ...
දීලා බලන්න ලබන සැරේ ඡන්දෙදී මොකද වෙන්නේ කියලා. අපි ඡන්දෙ දුන්නේ තමුන්ට නොවේ. ගෝඨාභයට... හරි දැක්මක් නැතිනම් කරන්න දෙයක් නැහැ.
විදේශ ආයෝජන රටකට හොඳ දෙයක්... නමුත්, යතාර්ථය නම් කිසිම ආයෝජකයෙක් තමන්ගේ ආයෝජනයේ යම් අයිතියක් හෝ ලාභ ප්‍රතිශතයක් තමන්ට නොමැතිව, කිසිම විදේශ රටක නොපැමිණීමයි.
අපි කිසිම දේකට විරුද්ධ නැහැ ආයුබෝවන්..!!! ඔයාලා කැමැත්තක් කරන්න.
පෝලිම් පනින්නේ නැතුව එන්න කිරිබත් කන්න. මුලින්ම අපේ හාමුදුරුවන්ට...
රටේ සම්පත් ටික විකුණාගෙන කන්න හදන්නේ තමුන්නාන්සේලාගේ අම්මගේ අප්පගේ බූදලය නෙමෙයි.. හොඳද මහත්තයෝ... රාජපක්ෂලා ආණ්ඩුව බාරගත්තේ විකුණපු රටේ සම්පත් ටික ආයිත් ලබාගන්නවා කියලා. දැන් වුණත් එකයි, මේ අයත් එකයි වගේ. දේශපාලකයින් කුඩ්ඩන් වුණාම ඔහොම වෙන එක අහන්න දෙයක් නැහැ...
කට්ටිය හත්පොලේම ගාගෙන බව දැන් හොඳටම පෙනෙනවා. ඔහොම යං...
මේ වගේ කිසිම අධ්‍යාපන සුදුසු කමක් නැති අය රටට බරක්.... කිසිම හිරිකිතයක් නැතිව කියන්න පුලුවන් මේ වගේ අයට විතරයි... මේ වගේ කෙනෙක් පාර්ලිමේන්තුවේ නැතිතරම්... ඡන්දේ දීපු අය මොනවගේද කියලා හිතාගත්තැහැකියි.
අපි දත්... නමුත් මීගමුව නොදත්...
අන්න හරි ඇමැතිතුමා. තදින් ඉන්න ඕනෑ... ඕවාට විරුද්ධ වෙන අයට ඔබතුමාගේ පියාණන් නිර්දේශ කරන බෙහෙත් දෙන්න.
ඔහොම යමුකෝ මහත්තයෝ..!!! කොහොමත් තව අවුරුදු 4නේ.. ඔය විදියට දඟලන්නේ..
අනේද කියන්නේ...?
ලංසාගේ බූදලයක්ද නැත්නම් ගෙදරින් ගෙනාපු දෙයක්ද? අවුරුදු 5කට බලයට ඇවිත් රටේ මහජන දේපළ විකුණන්න හරි, බදු දෙන්න හරි දඟලන්නේ, රට පාලනය කරන්න සල්ලි නැතුව බැරිනම් පුලුවන් කෙනෙකුට කරන්න දීලා ගෙදර යන්න ඕනෑ. ආයෝජනය කියලා එන ඉන්දියන් කොම්පැණි කාරයාගෙන් ගන්න සල්ලිවලින් තව මාස ගාණක් කන්න ඇතිවෙයි.. ඊට පස්සේ ආයෙ මොකක්ද බදුදෙන්න තියෙන්නේ...
ඩොලර් හම්බවෙලා තියෙන්නේ කාටද කියලා පේනවා..!!!
කියන්නේ එකක්... කරන්නේ තව එකක්... දැන් සැපද?
අපේ රටේ කුඩ්ඩන්ට ගිය කලක්... උගත්තු පැත්තක.. කුඩ්ඩෝ, වාචාලයෝ තමයි වීරයෝ වෙලා ඉන්නේ.
අම්මගේ අප්පාගේ බූදලයද? ලංකාව මේ අයට ඕනෑ ඕනෑ විදිහට විකුණන්න..
බඩු මලු නිකන් බෙදලා ගත්ත මනාප වලට සාධාරණයක් කරන්නත් එපෑයැ. තාම වතුර රත්වෙන්න පටන්ගත්තේ නෑ. ඔහොම යමුකෝ තව ටිකක්... දන්නෙම නැතිව වතුර නටනවා කියයි.
ඔය පැන්නේ බළලා මල්ලෙන් එළියට... හරක් රංචුවට දැන් සැපද? මංකොල්ල කාරයෝ , කුඩු කාරයෝ බලයට පත්කළා නම් දැන් ඒ ශාපය විඳින්න. අපි බලාගෙන ඉන්නම්...
ඔය තියෙන්නේ කුඩේ කුඩු ටෝක්ස්...!!!
කට නම් වැඩියි. අඹරන්න ඕනේ මෝලක දාලා.
කතාකරන්නේ එයාගේ බූදලේ කියලා හිතාගෙන...