
(දිනේෂ් සමරකෝන්)
කවුඩුල්ල ජාතික උද්‍යනයේ දෙස් විදෙස් සංචාරකයන්ට වන අලින් පෙන්වීම සඳහා යන ජීප් රථවල සේවකයන් ප්‍රවේශ පත්‍ර ලබා නොදී එම මුදල් ඔවුන් ලබා ගනිමින් සිදු කළ වංචාවට සම්බන්ධ පුද්ගලයන් හසුකරගෙන ජීප් රථ 10 ක් සිය බාරයට ගෙන නිලධාරීන් දෙදෙනකුගේ වැඩ තහනම් කළ බව වනජීවී අධ්‍යක්ෂ ජනරාල් රන්ජන් අමරසිංහ මහතා ලංකාදීපයට පැවසීය.
මීට අමතරව ස්වෙච්ඡා සේවකයන් 4 දෙනකු ගෙදර යැවූ බවද ඹහු කීවේය.
වනජීවී දෙපාර්තමේන්තුවේ කොළඹ ප්‍රධාන කාර්යාලයේ අභ්‍යන්තර විගණන අංශය සහ ක්ෂණික වැටලීම් කණ්ඩායම එක්ව එම වැටලීම ඉකුත් 15 වැනි දින සිදු කළ බවද ඔහු සඳහන් කළේය. කාලයක් තිස්සේම මෙම වංචාව සිදුකර ඇති බවද ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන බවද හෙතෙම සදහන් කළේය.
එම ජීප් රථ සිය බාරයට ගන්නා අවස්ථාවේ එම ජීප් රථ තුළ දේශීය වැඩිහිටියන් 13ක් සහ දේශීය එක් ළමයකු, විදේශීකයන් 34ක් සහ විදේශීය එක් ළමයකු සිට ඇති බවද ඔහු පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුපිරි.. මෙවැනි අන්දමින් සියළුම රජයේ කාර්යාල හදිසි වැටලීම් කළයුතුයි..
මේවා තනිකර හොර ගුහා... කිසිම කාර්යක්ෂමකමක් නැති සේවකයෝ ඉන්නේ. ටිකට් ගන්න පෝලිමේ ඉන්න වෙනවා පැය දෙකක් විතර... විදේශිකයෝත් පෝලිමේ ඉන්නවා. මින්නේරියත් එහෙමයි.
සිස්ටමි චේන්ච් කරනවා කියන්නේ වැරැදි ආදායම් උපයන අය නිවැරැදි ආදායම් වලට යොමු කිරීම මිස ටිකට් නීති මගින් රටට නිකමුන් කිරිම නොවේ...