
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
කොවිඩ් පාලනය සඳහා චීනයේ සහාය දිගටම ලබාදෙන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති චී. ජෙන්හොන් මහතා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට අද (27) දැනුම් දුන්නේය.
ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා මෙසේ දැනුම් දුන්නේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා කතානායක නිල නිවෙසේදී අද (27) පෙරවරුවේ හමුවූ අවස්ථාවේදීය.
කොවිඩ් වසංගතය පාලනය කිරීම සදහා දෙරටම උපරිම කැපවීමකින් කටයුතු කරන මොහොතක ශ්‍රී ලංකාවේ කොවිඩ් පාලනය සදහා චීන රජය නිරතුරුව සහයෝගය ලබාදෙන බවද චීන තානාපතිවරයා මෙහිදී දැනුම් දුන්නේය .
එසේම දෙරට අතර ආර්ථික සහ මූල්‍ය සහයෝගීතාව මෙන්ම අන්තර් පාර්ලිමේන්තු සබදතා ශක්තිමත් කිරීම සම්බන්ධයෙන්ද කතානායකවරයා සහ චීන තානාපතිවරයා අතර මෙහිදී දීර්ඝව සාකච්ඡා කෙරිණ .
දිගු කාලීන මිතුරෙකු ලෙස චීන රජය ශ්‍රී ලංකාවට ලබාදෙන සහයෝගය පිළිබදව කතානායකවරයා සිය කෘතවේදීත්වය චීන රජයට මෙහිදී පළ කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරාගේ අම්මගෙන් පෙන ඇසීමක් ,නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ
ඔය කියන්නේ අපිට වෙන රටවල් වලට වඩා වැඩි ගාණට තව එන්නත් විකුණනවා කියන එක නේද?