(ඩයනා උදයංගනී)

කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 5 දෙනකු ඊයේ (22) දිනයේත් මරණයට පත්  වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (23) තහවුරු කළේය.

ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ  සංඛ්‍යාව 16,445 දක්වා ඉහළ ගොස් ඇත.

මියගිය අය අතර වයස අවුරුදු 60 ඉක්මවූ 4 දෙනෙක් සහ වයස අවුරුදු 30ත් 59ත් අතර එක් අයෙක් ද වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගේ වාර්තාවේ දැක්වේ.

මියගිය අය අතර පිරිමි පුද්ගලයන් තිදෙනකු සහ කාන්තාවන් දෙදෙනෙක් ද වන බව එහි සඳහන්ය.