(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
කොවිඩ් වසංගත තත්වය නිසා රජයට ලැබිය යුතු රුපියල් කෝටි එක් ලක්ෂ හැට දහසක පමණ ආදායමක් අහිමිවී ඇතැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවැසීය.
මෙසේ අහිමි වී ඇත්තේ ශ්‍රී ලංකා රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ සංචාරක අංශවලින් ලැබීමට නියමිතව තිබූ ආදායම් යැයිද හෙතෙම සඳහන් කළේය.
මුදල් ඇමතිවරයා මෙසේ පැවසුවේ මුදල් පනත් පිලිබද විවාදයේදීය.
ශ්‍රී ලංකා රේගුවෙන් ලැබිය යුතු ආදායම් විශාල ප්‍රමාණයක් අහිමිවී ඇත්තේ විදේශයන්ගෙන් වාහන ගෙන්වීම වසර එක හමාරක සිට නවතා දැමීම නිසා බවත් රටේ ආර්ථිකය පවත්වා ගෙන යෑම සඳහා වාහන ගෙන්වීම මෙසේ තාවකාලිකව නවතා දැමූ බවත් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ලැබෙන වැට් ආදායමද සියයට 75කින් පමණ පහත බැස ඇතැයි පැවසූ මුදල් ඇමැතිවරයා ආදායම අඩු වුණත් වියදම අඩුවී නැතැයිද පැවසුවේය.
මෙරටට ලැබෙන විදේශ ණය ආධාරද අඩු වී ඇති බවත් කොවිඩ් මර්දන එන්නත් වලින් සියයට අසූවක් පමණ මිලදී ගෙන ඇත්තේ මුදලට බවත් බැසිල් රාජපක්ෂ මහතා කීවේය .
රටේ විදේශ සංචිතද පහත බැස ඇතැයිද හෙතෙම සඳහන් කළේය.
රටේ ආර්ථික ස්ථාවරතාවය තහවුරු කිරීම සඳහා සමහර ඖෂධ වර්ග මෙරටේ නිපදවීම ඇරඹූ බවත් සෞඛ්‍ය පද්ධතියට අවශ්‍ය සේලයින් පසුගිය පළවෙනිදා සිට මෙරටදීම නිපදවන බවත් රාජපක්ෂ මහතා පැවසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට එක පවුලක් අතරේ සේරම බලය බෙදාගැනීම, දුෂණය සහ ගසා කෑම නිසා කොච්චර විතර රජයට අහිමි වෙලා තියෙනවද ඇමති තුමෝ ?
කොච්චර පාඩුවක්ද නේද
කෝවිඩ්ද...? කෝවින්ද...?
මෙයින් 75% කට තමුන්නැහැලා වගකියන්න.ඉතිරි 25% කොවිඩ් නිසා. ජනතාවට බර පටවන්න එපා. ශත පහක ආදායමක් නැති ව්‍යාපෘති කරල ණය ගෙවන්න උනාට අයියට කියන්න,
වාහන ආනයන නතර කිරීමෙන් රේගුවේ ආදායම් අඩුවුනා කියන ඇමතිට වාහන ගෙන්වීමට වැයවන්නේ රටේ ආදායම් පිට රටට ඇදී යාමක් බවත් රේගුවට ලැබෙන්නෙ රට තුලැති මුදල් රේගුවට ලැබීම මිසක් විදේශ වලට යාමක් නොවන බවත් නොතේරීම වසර හැටකටත් වැඩි කාලයක සිට කියන ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක් යැයි තවත් දිගුකලක් භාවිතයට උපකාරී වන අදහසකි
ඉතිහාසේ ඉඳල මුදල් ඇමති ඉන්නවා උපදේශකලා ඉන්නවා .. 225 ගව පට්ටියක් තියෙනවා රටේ රාජ්‍ය ආදායම ලැබෙන ක්‍රම 2. 1.වාහන අආනයනය ..............මගේ අම්මෝ තව වාහන ගෙන්වමු 2.සුරාබදු දෙපාර්තමෙන්ටුහ්ව - මගේ අම්මෝ තව බොමු ...............