(ඩයනා උදයංගනී)
කොවිඩ් ආසාදිතයන් හමුවීම හේතුවෙන් මේ වන විට දුම්රිය ස්ථාන හතක් වසා දමා ඇතැයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි.
ඉඳුරුව, රත්ගම, විල්වත්ත, තල්පේ, හෙට්ටිමුල්ල, එගොඩ උයන සහ උතුරු කළුතර යන දුම්රිය ස්ථාන මෙසේ වසාදමා ඇතැයි එම සංගමයේ ප්‍රකාශකයෙක් පැවසීය.
මේ වන විට දුම්රිය ප්‍රවාහන උප දෙපාර්තමේන්තුව යටතේ සිටින දුම්රිය ස්ථානාධිපතිවරුන්, නියාමකයන් ඇතුළු 102 දෙනකු කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇතැයි ද එම ප්‍රකාශකයා සඳහන් කළේය.
දුම්රිය ස්ථානාධිපතිවරුන් 38 දෙනෙක්, නියාමකයන් 12 දෙනෙක් සහ කනිෂ්ඨ කාර්ය මණ්ඩලවල 52 දෙනෙක් මේ අතර වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd