(ඩයනා උදයංගනී)
කොවිඩ් මර්දනය සඳහා මෙරට භාවිතා කරන එන්නත් සියල්ල එක සමාන ආරක්ෂාවක් හා ඵලදායීතාවයක් ලබා දෙන බව විශ්වාස කරන්නේ යැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය.
ඒ අතරින් ෆයිසර් එන්නත හෝ වෙනත් එන්නතක් වඩා හොඳයැයි ප්‍රකාශ කළ නොහැකි බව කී නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වඩා හොඳ එන්නත් කියා වර්ග කළ එන්නත් තිබේ නම් සෙසු ඒවා ජනතාවට ලබාදීම ආචාර ධර්මවලට පටහැනි බව ද සඳහන් කළේය.
ඔහු මේ බව සදහන් කළේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ අද (3) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
සෑම එන්නතක්ම ජනතාවට ලබාදීම සිදුවන්නේ විද්වත් කමිටුවක නිර්දේශ මත බව කී හේරත් මහතා වැඩි ඵලදායීතාවක් ලැබෙන පරිදි ඒවා දිය යුතු ප්‍රදේශ හා වයස් කාණ්ඩ තීරණය කරන්නේ ද එම කමිටුවෙන් බව පැවසීය.
මෙරට ස්පුට්නික් වී පළමු මාත්‍රාව ලබාගත් ජනතාවට දෙවන් මාත්‍රාව ලබාදීම එන්නත් ලැබුණු වහාම සිදුකරන බව ද හේමන්ත හේරත් මහතා කීවේය.
මෙහි එක් මාත්‍රාවකින් වුවද අවශ්‍ය ප්‍රතිශක්තිකරණය ලැබෙන බව එය ලබාදුන් මොහොතේ ජනතාව දැනුවත් කර ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චීනගේ මළජරාව හිරිකිත නැතිව ගහගන්න මිනිස්සුන්ව උනන්දු කරන තරම්...!
එන්නත් ඔක්කොම එකයි.. වෙනසකට තිබෙන්නේ චීන එන්නතෙන් ඩොලර් 5ක කොමිස් එකක් ලැබෙනවා. නමුත් බටහිර රටවල් නිපදවන එන්නත් ගෙනාවාම ඒක ලැබෙන්නේ නැහැ...
ඔව්, අපේ අවුරුදු ලක්ෂ ගණනක් පැරැණි බෙහෙත් බල්ලට දාලා පිටරටින් ගේන ඕනෙ කුණුගොඩක් හොඳයි කියන එකම රට ශ්‍රී ලංකාව.. ලෝකයෙන් කොරෝනා ඉවර වුණත් ලංකාවෙන් ඉවර කරන්න.
එහෙනම් ලෝකයේ තියෙන හොඳ එන්නත් වලට විශාල වටිනාකමක් ලැබුණේ කොහොමද? මෙහෙ තියෙන එකඑක දේශපාලන වුවමනාවන් වලට ක්‍රියාත්මක වෙන කමිටු තීරණවලට මේ රටේ අසරණ ජනතාව රැවැට්ටුවාට, ඒවා ලෝකයට බලපාන්නේ නැහැ. එහෙනම්, වෛද්‍යවරුන් විසින් තමන්ගේ නිවෙස් වල අයට ෆයිසර් එන්නත ගහගන්න දඟලන්නේ. ඒ ඔලුවේ අමාරුවකටද? චීන එන්නත් වලට වඩා ෆයිසර් ප්‍රතිශක්ති ගුණයෙන් ඉහළයි. ඒ නිසා දෙන ඕනෑම එන්නතක් විදගන්න කියනා පාර්ලිමේන්තුවේ අය විදගත්තේ ෆයිසර් බවට ආරංචි පැතිරෙන කතාව ඇත්තක්ද? ඒ අයට හා හිතවතුනට එකක්... ජනතාවට තවත් එකක්...
ඔබ සහ ඔබගේ ඉහළ නිලධාරින් ගත්තේ කුමන එන්නතද? එය දැනගන්නා තුරු අපි බලා සිටිනවා...
වෛද්‍යතුමනි, හොඳම ප්‍රතිඵල ලෙස හැඳින්වෙන්නේ කාටද?
මිනිස්සු ඔබව විශ්වාස කරන්නේ නැහැ. මිනිස්සු ඔබට වඩා උගත්...
මහනුවර 60 ට වැඩි පුද්ගලයින් සඳහා ස්පුට්නික් 2 වන මාත්‍රාවේ පැමිණෙන්නේ කවදාද? අපි අවදානමට ලක්විය හැකි කණ්ඩායමේ සිටින බැවින් අපට දැඩි නොසලකා හැරීමක් දැනේ. ආචාර්ය හේමන්ත හේරත් පවසන දෙයට පටහැනිව දින 21 කට පසු හොඳම ප්‍රතිඵල සඳහා 2 වන මාත්‍රාව ලබා දෙන ලෙස එහි නිෂ්පාදක ආයතනය නිර්දේශ කරයි. නමුත් අපි දැන් මාස 2 කට වඩා බලා සිටිමු.