(සුජිත් හේවාජුලිගේ)
කොවිඩ් මර්දන එන්නත ලබා ගැනීමට ජනතාව උනන්දු කිරීමට කටයුතු කරන්නැයි ප්‍රාදේශීය දේශපාලනඥයන්ගෙන් ඉල්ලා සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.
මේ අතර වයස 60 ට වැඩි පුද්ගලයන් සහ විවිඩ නිදන්ගත රෝගවලින් පෙළෙන පුද්ගලයන්ට කොවිඩ් ආසාදනය වුවහොත් ඔවුන් ඉක්මනින්ම රෝහල් ගත කිරීමට පියවර ගන්නා ලෙස ජනපතිවරයා සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ට දැනුම් දුන්නේය.
ජනාධිපතිවරයා මෙසේ දැනුම් දුන්නේ ජනාධිපති කාර්යාලයේ දී ඊයේ(27)පෙරවරුවේ පැවති පැවැති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදීය.
යම් කරුණක් හේතුවෙන් කොවිඩ් මරණ එන්නතේ පළමු මාත්‍රාව ලබා ගැනීමට නොහැකි වූ අයෙකු වේ නම් දෙවෙනි මාත්‍රාව ලබා දෙන ස්ථානයකදී එය ලබාගැනීමට අවස්ථාව සලසා දෙන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී දැනුම් දුන්නේය.
කොවිඩ් ආසාදිතයකු නොවන සහ කිසිවෙකු නිරෝධායනයට ලක් නොවන නිවෙසක පුද්ගලයකු මිය ගිය හොත් ඔහුගේ අවසන් කටයුතු පැය විසි හතරකදී කිරීමට ගෙන ඇති තීරණය තවදුරටත් ක්‍රියාත්මක කිරීමට මෙම කමිටු රැස්වීමේදී තීරණය කර ඇත.
නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන කාල සීමාවේදී ජනතාවගේ දෛනික අවශ්‍යතා ඉටු කිරීමට ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳවද මෙහිදී සමාලෝචනය කෙරිණ.
දෛනික රැකියාවල නිරත සහ අඩු ආදායම්ලාභී ජනතාව කෙරෙහි මෙහිදී විශේෂ අවධානය යොමු කරන ලෙස ජනාධිපතිවරයා දැනුම් දුන්නේය.
කොරෝනා පාලනය සඳහා ක්‍රියාමාර්ග නිර්දේශ කළ වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රධානීන් ගත යුතු සුදුසුම ක්‍රියාමාර්ග පිළිබඳව නිරන්තර අවධානයෙන් සිට ඉදිරියේදීද නිර්දේශ ඉදිරිපත් කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.
නිවෙස් වල ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන් නිරන්තර වෛද්‍ය අධීක්ෂණයට ලක් කිරීමේ වැඩපිළිවෙළ සාර්ථකව ක්‍රියාත්මක වන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.
මේ අතර ජාතික ආර්ථිකයද කළමනාකරණය කර ගනිමින් වසංගතය පාලනය කර ගැනීමේ අවශ්‍යතාව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.
ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහන මිලට ලබාදීමට සතොස මගින් ක්‍රියාත්මක කෙරෙන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කරුණු පැහැදිලි කිරීමක් කළේය.
මෙහිදී අදහස් දැක්වූ දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පැවසුවේ දේශීය ප්‍රතිශක්ති වර්ධක ඖෂධ ලබාදීම සඳහා ආරම්භ වූ වැඩපිළිවෙළ සාර්ථකව ක්‍රියාත්මක වන බවයි.
කොවිඩ් වසංගතයෙන් ආරක්ෂාවීමට ගතයුතු පියවර සම්බන්ධයෙන් ජනතාව නිරන්තරයෙන් දැනුවත් කිරීමට රජයේ සහ පෞද්ගලික මාධ්‍ය කැපවී සිටින බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
නිසි සෞඛ්‍යාරක්ෂිත පුරුදු අනුගමනය කරමින් මෙම රෝගීන් වැළකී සිටීමේ වගකීම මහ ජනතාවට පැවරෙන බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ප්‍රකාශ කළේය.
මෙම සාකච්ඡාවට අගමැති මහින්ද රාජපක්ෂ මහතාද අමාත්‍යවරුන්වන සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, රාජ්‍ය අමාත්‍යවරුන්වන විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ සහ මහාචාර්ය චන්න ජයසුමන, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග සෞඛ්‍ය අමාත්‍යාංශය ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ , සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක්ද සහභාගි වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එන්නත් ඉල්ලලා මිනිස්සු පොරකනවා. ඒ අයට දෙන්නැතිව මොනවද මේ මනුස්සයා කියන්නේ...?
අර පැණි බොන්න මුට්ටි ගඟට දැම්මා වගේද?
නුවර නගර සීමාව අවට ගැහුවේ ස්පුට්නික් එන්නත... දැන් මාස දෙකහමාරකට කිට්ටු වුණා.. දෙවන එන්නත තාම නැහැ. බොහො අය ඉන්නේ දැඩි කලකිරීමකින්, කවදා මෙම එන්නත ලැබෙයිද කියන එක බලධාරීන්වත් අපට දන්වන්නේ නැහැ...
කවුරුහරි මෙතුමට කියන්න එන්නත මග අරින මිනිස්සු නැති බවත්, එන්නත විදින තැන් නොමැති කම නිසා ජනතාව එන්නත විදගන්න විදියක් නැතිව චාටර් වන බවත්, එතුමට පෙන්වන්න එන්නත විදින තැන්වල මිනිස්සු ක්‍රමවත් බවක් නොමැතිව පොරකන බවත්,
දැනුයි කියන්නේ .ආරක්ෂාවට වගකියන නායකයෙක් කියලනේ බලයට ආවේ. වසන්ගතය රටපුරාම වැඩිවෙලා ජනතාවම රට වහන තත්ත්වයකට එනකම් බලන් උන්නා.
දේශපාලඥයින් හා ඔවුන්ගේ පවුල්වල අය විද ගත්තේ ෆයිසර් එන්නත බවට ආරංචියි. දිනක් පාර්ලිමේන්තුවේදී නාමල් මන්ත්‍රීවරයාගෙන් විපක්ෂ මන්ත්‍රීවරයෙකු තාත්තාත්, බාප්පත්, ඔබත් විද්දේ කුමන එන්නතදැයි විමසූ විට ඔහු නිරුත්තර විය. මෙයින් ගම්‍ය වන්නේ කුමක්ද?
කෝවිඩ් මර්ධන කමිටුව පුරෝලා තියෙන්නෙ ඇමතිලගෙන්. ඒ අය සේරම ජනාධිපති තුමාට ඔක්කොම හරි කියනව. ඒත් මිනිස්සුන්ට පී.සී.ආර් නැතිව ගෙවල් වලට වෙලා ඉන්ක වෙලා. ඉස්පිරිතාලවල ඉඩ නෑ. සෞඛ්‍ය සේවකයෝ හෙම්බත් වෙලා. ඉස්පිරිතාලයකට එම්.ඕ.එච් ඔෆිස් එකකට ගිහිල්ල බලන්න සර්. මැරෙන්නෙ අපේ මිනිස්සු
30ට අඩු අයට එන්නත දෙන්න.
මෙතුමාට කවුරු හරි බොරු කියනව, නැත්නම් සත්‍ය වසන් කරනව වගේ පේන්නෙ
ඒන්නත් විදගනන ජනතාව පෝලිම්වල පොර කනවා