(ඩයනා උදයංගනී)
කොවිඩ් 19 ආසාදිත රෝගීන් තවත් 1,823 දෙනකු අද (7) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.
ඒ සමඟ මෙරටින් වාර්තාවන මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 4,71,849 දෙනකු දක්වා ඉහළ ගොස් ඇත.
මීට අමතරව ඉකුත් 1 වැනිදා සිට 5 වැනිදා දක්වා කාලයේදී හඳුනාගත් ආසාදිතයන් 2,950 ක් ද සමස්ත ආසාදිත සංඛ්‍යාවට අද එක් කර ඇත.
ප්‍රතිකාර ලබමින් සිටි තවත් කොවිඩ් රෝගීන් 1,769 දෙනකු සුවය ලබා අද රෝහල්වලින් පිටත්ව ගිය අතර මේ වන විට මෙරට සුවය ලැබූ මුළු රෝගීන් සංඛ්‍යාව 3,88,278 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.