(ටී. කේ. ජී. කපිල)
කුවේටයේ ගෘහ සේවය සඳහා ගොස් සිටියදී තම හාම්පුතුන්ගේ පහරදීම්, වැටුප් නොලැබීම් සහ විවිධ හිරිහැරවලට ලක් වූ ශ්‍රී ලාංකික කාන්තාවන් 57 දෙනෙකු අද(29) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි.
ඔවුන් අද උදෑසන 6.30 ට කුවේට් සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ. එල්- 230 දරන ගුවන් යානයෙන් පෙර දැනුම් දීමකින් තොරව කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි.
ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල පදිංචි මෙම කාන්තාවන්, කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත පැමිණීමෙන් පසු, කුවේට් පොලීසිය මගින් පරීක්ෂණ පවත්වා, තාවකාලික ගුවන් ගමන් බලපත්‍ර යටතේ මෙසේ එවා තිබුණි.
මෙම පිරිස අතරින් කාන්තාවන් 7 දෙනෙකු රෝගී තත්වයේ පසු වූ අතර, එයිනුත් තිදෙනක් දැඩි ලෙස ගිලන්ව සිටිති. එක් කාන්තාවක් තම හාම්පුතාගේ පහරකෑමට ලක්ව, ඇවිද යාමට නොහැකිව රෝද පුටුවක ආධාරයෙන් ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියාය. මෙම පිරිස අතර සිටි තවත් කාන්තාවක, දෑස් අන්ධව කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාකර හෙදියන් රට යවන්න
මේ ප්‍රවෘත්තිය දැකලා මට අැඬුණා. හෙදියන් වැනි වෘත්තීන්ට පිටරට සේවයට යාම සඳහා හෙද උපාධියක් අවශ්‍යයි. නමුත් අපේ රටේ කුහක දොස්තර සංගමය හෙදියන්ට උපාධි දෙනවට විරුද්ධයි. ලංකාව මෙතරම් අවාසනාවන්ත රටක් වෙලා තියෙන්නේ අපේම මිනිසුන් නිසයි.
ආණ්ඩුව කරවන ඇත්තෝ "ලොරි ටෝක්" දෙනවා. "ඩිජිටල් ගුරුවරු" දෙන්න හදනවා, "ටැබ්" දෙන්න හදනවා. ගියපාර බජට් එකෙන් පට්ටම ප්රතිලාභ ලැබුණාලු... රට සුඛිත, මුදිතලු..., හැබායි තාමත් අපි විදේශ විනිමය හොයන්නේ අපේ රටේ ඉන්න අම්මලා, අක්කලා, නංගිලා, බිරින්දෑවරු මැදපෙරදිග යවලා. උඩ ප්‍රවෘත්තිය හොඳින් බලන්න. "මෙම පිරිස අතර සිටි තවත් කාන්තාවක, දෑස් අන්ධව කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි". ඒ කියන්නේ මොකෙක් හරි ඒ රටේ තිරිසනෙක් ඒ අහිංසක කාන්තාවගේ ඇස් දෙකට වැඩේ දීලා. යමක් හොයන්න එන්න ගිහින් අන්තිමට තමන්ගේ වටිනාම වස්තුවත් අහිමිව මව්රටට ඇවිත්... පවතින ආණ්ඩුව දැන්වත් රටේ මිනිස්සුන්ට "පාට හීන" පෙන්නන්නේ නැතුව මේ මානුෂීය ප්‍රශ්නවලට සාධාරණ විසඳුමක් දෙන්න ඕනෑ. අපි බැන්නත් පසුගිය ආණ්ඩුව අඩුම ගානේ වයස අඩු කාන්තාවන් සහ අවුරුද්දට අඩු බබාලා ඉන්න අම්මලාව රට යවන්න තහනම් කරා. හැබැයි මේ ආණ්ඩුවේ සෙට් එක ඒ තහනමත් ඉවත්කරලා "මාංශ වෙළඳාම" වැඩිදියුණු කළා...
අපේ රටේ අම්මලා, සහෝදරියන් ගෘහ සේවයට හෝ කම්කරුවන් ලෙස මැදපෙරදිග යන්න එපා..! තමන්ගේ රටේ රස්සාවක් කරලා ගාන කීයක් හරි හොයාගන්න. ඔවුන් මැදපෙරදිග විඳිනා දුක්, කරන වැරදි ගැන පොත් ලියන්න පුළුවන්... එපා ඒ තත්වයට පත්වෙන්න...
මැදපෙරදිග ඉන්නේ මහා පහත් වැඩ කරන සක්කිලි ජාතියක්, මනුස්සකමටත් නිගාවක්...