(ටී.කේ.ජී.කපිල )
කුවේටයේ ගෘහ සේවය සඳහා ගොස් සිටියදී හාම්පුතුන්ගෙන් විවිධ හිරිහැර විඳි කාන්තාවෝ 26 දෙනෙක් අද (17) කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ.
මොවුන් තම සේවා කටයුතුවල නියැළී සිටියදී එම නිවෙස්වලින් සිදු වූ හිරිහැර හේතුවෙන් කුවේටයේ ශ්රී ලංකා තානාපති කාර්යාලය වෙත පැමිණ තිබිණි.
ඔවුන්ව "සුරක්ෂා" රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා තබා ඇත.
මොවුන් සියලු දෙනා තාවකාලික ගුවන් ගමන් බලපත්රු යටතේ පැමිණ ඇත. ඔවුන් මෙරටට පැමිණීම සඳහා ඔවුන්ගේ වියදමින් ගුවන් ටිකට්පත් මිලට ගෙන තිබේ.
මොවුන් අතුරින් දෙදෙනකු පමණක් කුවේටයේ අවුරුදු 1 - 2 ත් අතර කාලයක් ගෘහ සේවයේ නියැළී තිබේ. ඉතිරි 24 දෙනාම වසරකට අඩු සේවා කාලයක් හිමි තැනැත්තියෝය. ඒ අතරින් 5 දෙනෙකුට අත්විඳීමට සිදු වී තිබූ හිරිහැර නිසා රෝගාතුර වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ 300 000 වසරකට අපොස උ/පෙළ ලියයි...... කරුණාකර ඔවුන්ගෙන් පිටරට රක්ෂා ඉලක්ක කර හෙදියන්, ගුවන්යානා නියමුවන්, නාවිකයන් ,ඉනොජිනේරුවන් ............... බිහිකරන්න
එතකොට අපි bureau එකට ගෙවන සල්ලි වලට මොකද වෙන්නේ ? ඇයි ඒ සල්ලි වලින් මේ අහිංසක මිනුස්සු ගෙන්න ගන්න බැරි ?