
(විමුක්ති එස් රුද්‍රිගු)
කුවේට් පොලිසිය විසින් "ශ්‍රී ලංකන් සමර් නයිට්ස්" සංගීත ප්‍රසංගයේදී පසුගිය 2 වැනිදා අත් අඩංගුවට ගනු ලැබූ ගායක ගායිකාවන් ඇතුළු ශ්‍රී ලාංකිකයන් 24 දෙනකු නිදහස් කරගැනීමට හැකිවූ බව කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පැවැසුවේය.
කුවේට්හිදී පසුගිය 2 වැනිදා පැවැත්වූ "ශ්‍රී ලංකන් සමර් නයිට්ස්" සංගීත ප්‍රසංගය පැවැත්වීම සඳහා එරට බලධාරීන්ගෙන් අවසර ලබාගෙන නොතිබීම හේතුවෙන් එයට සහභාගීවූ ශ්‍රී ලාංකිකයන් 26 දෙනකු කුවේට් පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබූ බව කුවේට් තානාපති කාර්යාලය ප්‍රකාශ කළේය.
කුවේට් පොලිසිය එලෙස අත් අඩංගුවට ගත් පිරිස අතර ප්‍රසංගයේ සංවිධායකයන් සහ එයට සහභාගීවීම සඳහා ශ්‍රී ලංකාවේ සිට කුවේටය බලා පැමිණි කලාකරුවන්ද සිටි බව කුවේට් තානාපති කාර්යාලය පැවැසුවේය.
අත්අඩංගුවට ගත් අවස්ථාවේ තානාපති කාර්යාල නිලධාරීන් කුවේට් පොලිසිය වෙත ගොස් ශ්‍රී ලාංකිකයන්ට සමාව දෙන ලෙස ඉල්ලා සිටි බවත් එහි ප්‍රතිඵලයක් ලෙස අත් අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයන් 26 දෙනාගෙන් 24 දෙනකු ඊයේ(03) නිදහස් කර ගැනීමට හැකිවූ බවත් කුවේට් තානාපති කාර්යාලය ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත් සංගීත ප්‍රසංගය සංවිධානය කළ සංවිධායකයන් දෙදෙනකු කුවේට් පොලිස් අත් අඩංගුවේ පසුවන බවත් ඒ පිළිබඳ විමර්ශනයක් සිදුවන බවත් කුවේට් තානාපති කාර්යාලය පැවැසුවේය.
"එතෙර අපි සංවිධානයේ" කුවේට් ශාඛාව පසුගිය 2 වැනිදා පැවැත්වූ "ශ්‍රී ලංකන් සමර් නයිට්ස්" සංගීත ප්‍රසංගය සංවිධානය කර තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවාර්යෙන් ලංකාවේම වෙන විරුද්ධ සෙට් එකක් කුවේට් පොලිසියට ඔත්තුවක් දීලා ඇති.. ඔයිට කලිනුත් ඔය වගේ සීන් එකක් කුවේට්වල සිද්ද වුණා වගේ මතකයක් තියෙනවා... එතෙර අපි සංවිධායකයෝ දැනගන්න ඕනෑ එහෙම දෙයක් කරනකොට තිතට ප්ලෑන් කරලා අවසර අරගෙන කරන්න.. ඔන්ලයින් ජනාධිපතිවරණ චූන් එකේ ඕවර් කන්ෆිඩන්ට් වෙලා නිකම්ම නිකන් සංදර්ශනයක් කරන්න බලන්න ඇති...
බයිලා කියලා වැඩක් නැහැ. නීතිය හරියට ක්‍රියාත්මක කරන්න. ගජමිතුරන්ට ඕනෑ විදියට නීතිය නවන්න දෙන එක. අපි නෙමෙයි කියන්නෙ කයියනායක ඇඟිල්ල දික් කරලා ඇහැ ලොකු කරලා කියන්නේ...
බයිලා වැඩක් නැහැ. සංස්කෘතික අරමුදලේ සල්ලි වලට වුනේ මොකක්ද කියලා හොයන්න...!