(විමුක්ති එස් රුද්‍රිගු)
කුවේට් බලධාරීන් ශ්‍රී ලාංකිකයන් 24 දෙනකු අත් අඩංගුවට ගෙන ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළේය.
"එතෙර අපි සංවිධානයේ" කුවේට් ශාඛාව සංවිධානය කළ "ශ්‍රී ලංකන් සමර් නයිට්ස්" සංගීත ප්‍රසංගයේදී මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස අත් අඩංගුවට ගෙන ඇතැයි අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවැසුවේය.
එලෙස අත් අඩංගුවට ගත් පිරිස අතර ප්‍රසංගයේ සංවිධායකයන් සහ සංගීතවේදීන්ද සිටින බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
මෙම සිදුවීම පිළිබඳව කුවේට් තානාපති කාර්යාලය දැනුවත් කර ඇති බවත් ඉක්මනින් ඔවුන් නිදහස් කර ගැනීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා පැවැසුවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ උන්ගේ සංගීතයක් නම් ඉතිං කුවෙට් කියලා නෑ. ගහ මරා ගත්තේ නැත්නම් fun ඒක නෑනේ.
කණ පැලෙන්න බීලා යකා නටන්න ඇති.