(ටී.කේ.ජී.කපිල )
ගෘහ සේවය සඳහා කුවේටය වෙත ගොස් සිටියදී එරට හාම්පුතුන්ගේ හිරිහැර කරදර වලට භාජනය වූ ශ්‍රී ලාංකික කාන්තාවන් 57 දෙනෙකු අද (29) කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.
ඔවුන් කුවේටය වෙත ගොස් සිටියදී, එරට හාම්පුතුන්ගෙන් එල්ලවන හිරිහැර, කරදර තවදුරටත් ඉවසා සිටිය නොහැකි විටදී ඔවුන් සිය සේවා ස්ථාන වලින් පලා යමින් සිටියදී එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන තානාපති කාර්යාලය වෙත බාරදී තිබිණි.
පසුව මෙම පිරිස එරට තානාපති කාර්යාලයේ " සුරක්ෂා " රැඳවුම් මධ්‍යස්ථානයේ සහ තවත් පිරිසක් එරට සිරගෙවල්වල සිටි කාන්තාවන් ද මෙසේ පැමිණ සිටි පිරිසට අයත්ව සිටිති.
දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචිකාරියන් වූ මෙම පිරිස කටුනායක ගුවන් තොටුපළ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් ලබාදෙන ප්‍රවාහන වියදම් දීමනාව ද ලබා ගෙන ඔවුන්ගේ නිවෙස් බලා පිටත්ව ගියහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ අම්මලා නංගිලා අරාබි රටවලට ගොස් විවිධ හිරිහැර මැද දහදුක්විඳ එවන මුදලින් මේ රට රැකෙනවා. පාලකයින් ඒ මුදලින් සුරසැප ලබනවා. එම රටවල පාලකයින් ඒ අයගේ ජාතිය හා ආගම ව්‍යාප්ත කරමින් මේරට අල්ලා ගැනීමට සැරසෙනවා. මේ නිසා අරාබි රටවලට ශ්‍රමිකයින් යවන සියලුම රටවල් වහාම ශ්‍රමිකයින් යැවීම නතර කලහොත් මේ සිදුවන සියලු විනාශයන් නතරකර ගැනීමට හැකි වේවි