
(රෝෂන් තුෂාර)
බම්බලපිටියේ සම්බාහන මධ්‍යස්ථානයකට පැමිණි වෘත්තිකයකු බියගන්වා රුපියල් දශලක්ෂ පහළොස් දහසක් ඔන්ලයින් ක්‍රමයට කොල්ල කන ලද සැකකරුවන් සිව් දෙනකුට ආධාර අනුබල දුන්නේ යැයි කියන මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වන ජන අරගල සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂිකාවක හා ඇයගේ සැමියා හෙට දින (12)රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (11) නියෝග කළේය.
ජාවාරම්කරුවන් විසින් කොල්ලකන මුදල් එම අවස්ථාවේදීම ගල්කිස්ස ලිපිනයේ පදිංචි සැකකාරියගේ බැංකු ගිණුමට බැර කර ඇති බවට සාක්ෂි මගින් අනාවරණය වන බවත් බම්බලපිටිය පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේය.
අන්තර්ජාල යෙදවුමක් හරහා ( ඇප් එකක්) බම්බලපිටියේ කුලියට ගත් නිවසක් තුළ මෙම සම්බාහන මධ්‍යස්ථානය පවත්වාගෙන ගොස් ඇති බවත්,අන්තර්ජාල යෙදවුම ඔස්සේ වේලාවන් වෙන් කරගෙන සේවා සපයා ගැනීමට එම ස්ථානයට පැමිණි පුද්ගලයකු බිය ගන්වා රුපියල් ලක්‍ෂ දහයක් මාර්ගගත ක්‍රමය ඔස්සේ කොල්ලකෑම සහ සන්තකයේ තිබූ රුපියල් 15000ක මුදලක් කොල්ලකෑම සිදුකළ සැකකරුවන් හතර දෙනකුට ආධාරනුබල දීම සම්බන්ධයෙන් මෙම අපේක්ෂිකාව සහ සැමියා අත්අඩංගුවට ගෙන ඇත.
සිද්ධියට අදාළ සැකකරුවන් අද පස්වරුවේ බම්බලපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර එම සැකකරුවන් හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සඳහා හෙට දිනයේදී (12)ආවරණය කර ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
බම්බලපිටියේ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.ඒ සම්පත් පද්මලාල් මහතා ඇතුළු නිලධාරීන් විමර්ශන සිදුකරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකත් ජන අරගලයේම කොටසක් කියල ගත්තොත් ඒක හරිනැති වෙයිද .. ?
තවත් ජන අරගලයක් කළා නම් NGO වලින් සල්ලි ගන්න තිබ්බනේ. අපරාදෙ හොරකම් කරන්න ගියේ...!
අරගල කරපු කරවපු ඔක්කොමලා ඔහොම එවුන් තමයි