IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


කොල්ලයට අනුබල දුන් ජන අරගල අපෙක්ෂිකාව රිමාන්ඩ්

(රෝෂන් තුෂාර)

බම්බලපිටියේ සම්බාහන මධ්‍යස්ථානයකට පැමිණි වෘත්තිකයකු බියගන්වා රුපියල් දශලක්ෂ පහළොස් දහසක් ඔන්ලයින් ක්‍රමයට කොල්ල කන ලද සැකකරුවන් සිව් දෙනකුට ආධාර අනුබල දුන්නේ යැයි කියන මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වන ජන අරගල සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂිකාවක හා ඇයගේ සැමියා හෙට දින (12)රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (11) නියෝග කළේය.

ජාවාරම්කරුවන් විසින් කොල්ලකන මුදල් එම අවස්ථාවේදීම ගල්කිස්ස ලිපිනයේ පදිංචි සැකකාරියගේ බැංකු ගිණුමට බැර කර ඇති බවට සාක්ෂි මගින් අනාවරණය වන බවත් බම්බලපිටිය පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේය.

අන්තර්ජාල යෙදවුමක් හරහා ( ඇප් එකක්) බම්බලපිටියේ කුලියට ගත් නිවසක් තුළ මෙම සම්බාහන මධ්‍යස්ථානය පවත්වාගෙන ගොස් ඇති බවත්,අන්තර්ජාල යෙදවුම ඔස්සේ වේලාවන් වෙන් කරගෙන සේවා සපයා ගැනීමට එම ස්ථානයට පැමිණි පුද්ගලයකු බිය ගන්වා රුපියල් ලක්‍ෂ දහයක් මාර්ගගත ක්‍රමය ඔස්සේ කොල්ලකෑම සහ සන්තකයේ තිබූ රුපියල් 15000ක මුදලක් කොල්ලකෑම සිදුකළ සැකකරුවන් හතර දෙනකුට ආධාරනුබල දීම සම්බන්ධයෙන් මෙම අපේක්ෂිකාව සහ සැමියා අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධියට අදාළ සැකකරුවන් අද පස්වරුවේ බම්බලපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර එම සැකකරුවන් හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සඳහා හෙට දිනයේදී (12)ආවරණය කර ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

බම්බලපිටියේ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.ඒ සම්පත් පද්මලාල් මහතා ඇතුළු නිලධාරීන් විමර්ශන සිදුකරයි.

 



අදහස් (3)

කොල්ලයට අනුබල දුන් ජන අරගල අපෙක්ෂිකාව රිමාන්ඩ්

බකල ජයා Tuesday, 12 November 2024 06:38 AM

මේකත් ජන අරගලයේම කොටසක් කියල ගත්තොත් ඒක හරිනැති වෙයිද .. ?

:       0       0

රම්බොඩ Tuesday, 12 November 2024 09:37 AM

තවත් ජන අරගලයක් කළා නම් NGO වලින් සල්ලි ගන්න තිබ්බනේ. අපරාදෙ හොරකම් කරන්න ගියේ...!

:       0       0

සුබසිංගේ Tuesday, 12 November 2024 02:21 PM

අරගල කරපු කරවපු ඔක්කොමලා ඔහොම එවුන් තමයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 670 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site