(ඉන්දිකා රාමනායක)
කොල්ලුපිටිය ගාලු පාරේ දී සුඛෝපභෝගී මෝටර් රථයක් ත්‍රිරෝද රථයක ගැටී ත්‍රිරෝද රථය රියදුරයකු මියයාමේ සිද්ධියට අදාලව මෝටර් රථය එම ස්ථානයේ දමා පලාගිය (26) හැවිරිදි මෝටර් රථ රියදුරු මෙන්ම රථ හිමිකරු එදිනම ඩුබායි රාජ්‍ය බලා පලාගොස් ඇති බව තොරතුරු අනාවරණය වේ.
මෙම අනතුර ඉකුත් (10) දින පෙරවරු 6.15 ට පමණ සිදුව ඇති අතර, අනතුරින් පසු මෝටර් රථය එම ස්ථයේදීම දමා පලාගොස් ඇති සැකකරු එදින පෙරවරු 9.55 ට පමණ කටුනායක ගුවන්තොටින් ඩුබායි රාජ්‍ය බලාගොස් ඇති බවට වාර්තා වන බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
මෙම සැකකරු (26) හැවිරිදි පුද්ගලයකු වන අතර ඩුබායි රාජ්‍යයේ රැදී සිටිමින් ව්‍යාපාරවල නිරත වන බවත් දින කිහිපයක නිවාඩුවක් සදහා මොහු දින කිහිපයකට පෙර මෙරටට පැමිණි ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.
ඩුබායි සිට නිවාඩුවට පැමිණීමේ සතුටට ඔහු සිද්ධි වු දින සිය මිතුර මිතුරියන් පිරිසකට මේ අයුරින් මත්පැන් සාදයක් පවත්වන්නට ඇති බවට පොලිසිය සැකකරයි.
කාන්තාවන් තිදෙනකු ඇතුලු පස් දෙනකුගෙන් සමන් විත පිරිසක් රාත්‍රි සමාජ ශාලා තුනකින් මත්පැන් පානය කර තවත් මත්පැන් පානය කිරීම සදහා කොළඹ තරු හෝටලයක් වෙත යමින් සිටියදී ඉකුත් (10) දින පෙරවරුවේ රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව මෙම අනතුරු සිදුව ඇති බව පොලිසිය කියයි.
සිද්ධියෙන් සැකකරු අත්අඩංගුවට පත්වීම වලක්වමින් ඔහු මෙලෙස රටින් පලාගොස් ඇති බවද පොලිස් ආරංචි මාර්ග කියයි.
සිද්ධියෙන් බරපතල තුවාල ලබා මියගොස් සිටි ත්‍රිරෝද රථ රියදුරු කහතුඩුව ප්‍රදේශයෙ පදිංචි ඩ්‍රෑමන් නූර්ඩීන් තුවාල් (58) හැවිරිදි පුද්ගලයකු බවද පොලිසිය පවසයි.
රටින් පලා ගොස් සිටින රථයේ රියදුරු කෝටිපති ව්‍යාපාරිකයකු බවත්, සැකකරුට අයත් මරදාන, දෙහිවල සහ වැල්ලම්පිටියේ නිවසේ දෙකක පරික්ෂාවට ලක් කළ ද සැකකරු එම නිවසේ වල නොසිටි බව පොලිසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතාගේ කළ විමසුමකදී ඒ මහතා පැවසුවේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියා මාර්ග ගෙන ඇති බවත්, අධිකරණයෙන් නියෝග ලබාගෙන ජාත්‍යන්තර පොලිසිය හරහා සැකකරු මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමද මිනිහාගේ ටිකිරි මොලේ?
දැන් ඉතින් අල්ලයි මිනිහගේ වලිගේ...
ඔය මුදලාලිව ලංකාවේදී අහුවුණොත් ඒ එයාගේ අවසානය. මහපාරේදීම වාහනයකට යට කරලා එයාව අපායටම යවනවා. කෝ දැන් එයාගේ කුඩු ගහපු සුරුපිකාවන්? අර මිනිස්සු ඒ අයට ගහලා කළේ ලොකු වරදක්ලු..? ඇත්ත. ඒකිළාව වාහනයටම දමලා ගිනි තියන්නයි තිබුණේ. මිනිමරුවාටත්, ඔය කුඩු කාරියන්ටත් සපෝට් එකට කොමෙන්ට්ස් දැම්මේ මිනිමරුවාගේම කට්ටියක්...
දේපළ රාජසන්තක කරලා මිනිහාට ඩුබායිවලින්ම නීතිය ක්‍රියාත්මක කළොත් හොඳයි. කාලකණ්ණි.
අන්තිමට අහිංසක මිනිහෙක් මැරුණා.. සල්ලි හින්දා බේරුණා. ඔන්න ලංකාවේ තත්වය.
පරීක්ෂා කිරිමේ තරමයි. නීතිය ක්‍රියාත්මක වීමේ වේගෙයි පේනවා... මිනිහා පැනලා ගිහින් තියෙන වේගේ බැලුවාම. අර අහිංසක මනුෂ්‍ය ජීවිතය නැති කරන්න ආපු වේගෙටත් වඩා වැඩි වේගෙන් රටෙන් පැනලා තියෙන්නේ. ව්‍යාපාරිකයෙක්නේ. දැන් ඉතින් අර ඉදලෙන් ගහපු ගෑණු කෙනයි, අනිත් ගෑණු කෙනයි වහාම හොයාගෙන නීතිය ක්‍රියාත්මක කරන්න.
මේ අදාළ පුද්ගලයා රටින් පැනගන්න තුරු, ශ්‍රී ලංකා පොලිසිය පොල් ගෑවාද? සමහරවිට ඕක සමාජය නොමග යවන අමූලික බොරුවක් වෙන්න ඇති... ඒ පුද්ගලයා නීතිය හමුවට පමුණුවා දඬුවම් ලබාදීම පොලිසියේ වගකීමක්... නමුත් මේ ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයාට වන්දි ගෙවිය යුත්තේ මේ වාහනය රක්ෂණය කොට ඇති රක්ෂණ සමාගමයි. අදාළ රක්ෂණ සමාගමට මේ ගැන ඇති නෛතික වගකීම ගැන දන්නා කෙනෙක් පැහැදිලි කරන්න.
අර ගුටිකාපු ගෑනු කෙනා රටේ නමගිය මාධ්‍ය ආයතනයක නෝනා කෙනෙක්, මෙයාලගෙන් තමයි රටම නිවුස් බලන්නේ...!
ඔහේලත් පුදුම මාධ්‍ය තමයි. මැරුණු කෙනාගේ නම, ගම, වයස, ගෙදර බල්ලගේ නම පවා දානවා. බීමතින් රිය පැදෙව්ව මාධ්‍ය නෝනාගේ, ව්‍යාපාරිකයාගේ නම දන්නේ නෑ. දුප්පත් මිනිහෙක් පොල් ගෙඩියක් හොරකම් කළොත් සතියක් තිස්සේ කාපු බීපු දේවල් පවා දානවා. පුදුම ලියන අප්පුලා තමයි ඉන්නේ...