(නිමන්ති රණසිංහ)
කොල්ලුපිටිය ගාලුපාරේදී මාරක රිය අනතුරක් සිදුකර ත්‍රිරෝද රථ රියැදුරෙකු මරණයට පත් කර ඩුබායි රාජ්‍යයට පලා ගොස් නැවත පැමිණ සිටියදී කොල්ලුපිටිය පොලීසිය අත්අඩංගුවට ගත් පුද්ගලයා ලබන 16 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ රථවාහන මහේස්ත්‍රාත් වයි. ප්‍රභාකරන් මහතා අද (13) නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ කොළඹ 10 පදිංචි 26 හැවිරිදි මොහොමඩ් රිෂාඩ් මොහොමඩ් රයිසුල් නැමැත්තාය.
සැකකරු ඉකුත් 12 වැනිදා රාත්‍රී 9.50ට ඩුබායි සිට එමිරේට්ස් ගවන් සේවයේ ඊ කේ 648 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපලට පැමිණී අවස්ථාවේදී ගුවන් තොටුපල පොලීසිය අත්අඩංගුවට ගෙන භාරදුන් බව කොල්ලුපිටිය පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
කොල්ලුපිටිය මාරක අනතුරේ රියැදුරු 16 තෙක් රිමාන්ඩ්
fairoos Tuesday, 13 December 2022 06:44 PM
තරාතිරම නොබලා දඬුවම් ලැබේවි කියලා බලාපොරොත්තු වෙනවා.
hemantha Wednesday, 14 December 2022 06:55 AM
මේක බොරුවක් වෙන්න ඕන. මුස්ලිම් අය මත්පැන් බොන්නේ නැහැ නේද.?