IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපති ඇතුළු 30 ක් නිරෝධායනයට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කොල්ලුපිටිය පොලිස් වසමට අයත් ඇමෙරිකානු තානාපති කාර්යාලය අසළදී පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් සංවිධානය කරනලද උද්ඝෝෂණය මැඩපැවැත්වීමේ රාජකාරියේ නිරතවූ කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපති ඇතුළු පොලිස් නිලධාරීන් 30 දෙනෙකු නිරෝධායනය සඳහා ශ්‍රී ලංකා පොලිසිය විසින් පවත්වාගෙන යනු ලබන අත්තිඩිය නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.



අදහස් (9)

කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපති ඇතුළු 30 ක් නිරෝධායනයට

Siva Thursday, 11 June 2020 05:21 AM

උද්ඝෝෂකයින් අතර අසාධිත යැයි සැක කරන කෙනෙක් ඉඳලද? නැත්නම් නීතිය ක්‍රියාත්මක වෙනවා කියලා ලෝකෙට පෙන්වන්නද? හත්දා මගුල් කෑ තොණ්ඩමන්ගේ අවමඟුලට සහභාගී වෙලා රාජකාරි කළ නිලධාරීනුත් නිරෝධායනයට යොමුකළාද? එක් එක් අයට එකඑක ආකාරයට නැතුව නීතිය එක ලෙසින් ක්‍රියාත්මක වෙනවා දැකීම රටේ මිනිස්සුන්ගේ බලාපොරොත්තුවයි.

:       132       1735

ranaThursday, 11 June 2020 05:48 AM

මේක මට පමණක් තේරුණු දෙයක් නොවේ වගේනේ..? බොරුවෙන් රට වනසන්න එපා...

:       9       251

සිරිබිරි Thursday, 11 June 2020 05:50 AM

ඔය වැඩෙන් ආණ්ඩුව හොඳටම සවුත්තු වුණා. ඒ මදිවට අැමෙරිකාවෙන් කිව්ව ඒ ගොල්ලන්ට ප්‍රශ්නයක් නැහැයි කියලා...

:       2       310

saleeth Thursday, 11 June 2020 05:51 AM

මම හිතුවේ පොලිසියේ කට්ටියව අත්අඩංගුවට ගත්තා කියලා. ඔව්, ඉතින් පින්බත් කන්න පුළුවන්...

:       0       180

Siri sena Thursday, 11 June 2020 05:57 AM

අනේ සර් ඔයා, “හොඳට හිටපු කෙනෙක් දැන් වැටිච්ච තැනක්” , දේශපාලනය නම්, කිසිම වටිනා පුද්ගලයකුට නොගැලපෙන බව මනාවට දෙවනවර ඔප්පුවෙමින් පවතී.. පළමුවර සරත් ෆොන්සේකා, දැන් ඔබ... ඔබ දෙදෙනාම රටක් වටිනා මිනිසුන් දෙදෙනක් (නමුත් දේශපාලනය ඔබේ වටිනාකම විනාශකරාවි) අපේ වීරයින් විහින් අසූචිවලට වැටීම ගැන අවංකව දුකයි. මට සමාවන්න...

:       13       732

pradeepa Thursday, 11 June 2020 06:13 AM

පොලිස් නිලධාරීන් එදා, හැසුරුනේ කුලප්පු වූ හරක් වගේ... මිනිසුන්ව බල්ලන් වගේ ජීප් එකට නග්ග ගත්තේ.., ඔය පොලීසියේ කට්ටිය යවන්න ඕනෑ නිරෝධායනයට... හරක් පට්ටියක් මිනිස්සු එක්ක තියන්න එපා...

:       3       401

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 11 June 2020 07:32 AM

රටේ නීතිය සාධාරණව ක්‍රියාත්මක වෙනවා නම්..., නිරෝධායන නීති කිසිවක් නොපිළිපදිමින් කුලප්පු වූ ගවරැළක් සේ කිපී සිටි පොලිස් නිලධාරීන්ට දඬුවම් හිමිවිය යුතුයි. එහෙත් කුමන හෝ රටක නීතිය හා පොලීසිය දේශපාලකයින් හට අවනතව සිටින තාක්කල් එවැනි දෙයක් කිසිසේත් සිතීමට හෝ නොහැකිය.

:       1       246

සමිත සේනක අලුත්ගමගේ.Thursday, 11 June 2020 09:04 AM

පොලීසියට එරෙහිව කිසියම් නීතිමය පියවරක් ගැනීමට පෙරටුගාමීන් පෙළ ගැසෙමින් සිටිනවා. ඒ නිසා නීතිමය වාසියක් ගැනීමට මෙසේ නිරෝධායනය වුණා වෙන්නටත් පුළුවන්. ඒත්, තොණ්ඩමන් අවමඟුලට සහභාගී වීමෙන් පසු මෙසේ නිරෝධායනය නොවුනේ මන්දැයි ප්‍රශ්නයක් ආවොත්, පොලීසියට කටඋත්තර නැහැ. පෙරටුගාමීන්ට එරෙහිව අධිකරණ නියෝගය ගත් අයුරුද දෝෂ සහිත බව ගැනත්, විමසා බැලීමට හැකියි. ඒ තර්කය පොලීසියට ඔප්පු කිරීමට බැරි වනුයේ, තොණ්ඩමන් අවමඟුලට නිරෝධායන නීතිය බල නොපාපු නිසාය. නීතිය පෙරටුගාමීන්ට හා කාටත්, තොණ්ඩමන්ලාටත්, එකසේ ක්‍රියාත්මක විය යුතුය. ඒ බව පෙරටුගාමීන්ද අධිකරණයට පැහැදිලිව ඔප්පු කළ යුතුය.

:       0       43

raheem Thursday, 11 June 2020 08:30 AM

පොලිසිය කියලා මොනවා කරන්නද? හුණුඩුවක් වගේ වාහනයකට 50ක් විතර පැක් කරන්න ගියාම ඔහොම වෙනවා. එක්කෝ ලොරියක් ගේන්න තිබුණා ඔක්කොම පටවන්න.

:       3       2

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31698 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14162 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11124 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 200 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1126 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 312 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site