
(යොහාන් භාසුර)
කොල්ලුපිටිය දුම්රිය ස්ථානය අසළින් කොටුව දෙසට වෙරළ මාර්ගය දීර්ඝ කිරීමෙන් පසු දුම්රිය ස්ථානයේ දොරටුව වෙනස් කිරීමෙන් පසුව එය වැසෙන ලෙස බස් රථ ගාල්කිරීමෙන් මගී ජනතාවගේ ජීවිතවලට දැඩි තර්ජනයකට ලක්ව තිබේ.
දුම්රිය ස්ථානයේ පිවිසුම වැසෙන ලෙස බස් රථ ගාල්කිරීමත් සමඟ මගීන් දුම්රිය ස්ථානයෙන් පිටවන විට ඔවුන්ට සහ වාහනවලට මාර්ග සම්පූර්ණයෙන් නොපෙනීම නිසා අනතුරුදායි තත්වයක් නිර්මාණය වී තිබේ.
මගීන්ට පාර මාරුවීමට සළකුණු කර ඇති සුදු ඉරි මැදි කරමින් බස් රථ ගාල්කර තිබෙන අතර ඒ හේතුවෙන් දෙපසම ආවරණය වී තිබේ. මගීන්ට වාහන ද, වාහනවල රියදුරන්ට මගීන් ද, දිස්වන ආකරයට අවම වශයෙන් දුම්රිය ස්ථානයේ පිවිසුම ඉදිරියෙන් ගාල්කරන බස්රථ හෝ ඉවත්කිරීමට කටයුතු කළ යුතු බව ජනතාව පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd