IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


කලල්පිටියේ අනතුරින් පහක් රෝහලට

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

කොළඹ මහනුවර මහා මාර්ගයේ නිට්ටඹුව කලල්පිටිය ප්‍රදේශයේ දී අද පස්වරුවේ පුද්ගලික බස් රථයක් හා වෑන් රියක් මුහුණට මුහුණලා ගැටීමෙන් තුවාල ලැබූ පස් දෙනකු වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් දෙදෙනකුගේ තත්ත්වය බරපතල බව නිට්ටඹුව රථවාහන පොලිසිය කියයි.

කොළඹ සිට කඳුරුුවෙල බලා ගමන් ගනිමින් තිබූ පුද්ගලික බස් රථය හා මංගල උත්සවයකට සහභාගි වී ආපසු කොළඹ දෙසට ගමන් කරමින් තිබූ වෑන් රථයක් මෙසේ අනතුරට පත් වී ඇත .

අනතුරු සැලවූ වහාම තුවාලකරුවන් රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇති අතර බරපතල තත්ත්වයේ සිටින තුවාලකරුවන් දෙදෙනා අවශ්‍ය වුවහොත් කොළඹ ජාතික රෝහලට මාරු කිරීමට නියමිත බව රෝහල් ප්‍රකාශයෙක් කීය.

අනතුර හේතුවෙන් වෑන් රථයේ ඉදිරිපස පොඩි පට්ටම් වී ඇති අතර මාර්ගය හරහා එය නතර වී තිබෙනු දක්නට ලැබිණි .

 

 



අදහස් (1)

කලල්පිටියේ අනතුරින් පහක් රෝහලට

වන්නකු Friday, 13 December 2024 06:04 AM

රාජ්‍ය හා පුද්ගලික බස් රියදුරන්ගේ කිසිම විනයක් නැහැ. මේවා වහාම නැවැත්විය යුතුයි. මොකද ජනතාව බොහෝ පීඩා විඳින කාරණාවක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 605 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 295 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site