(විනීතා එම් ගමගේ)
මවට ඒඞ්ස් රෝගය වැළඳී ඇතැයි පාසලෙන් ප‍්‍රතික්ෂේප වූ විට මධ්‍යම පළාතේ පාසලකට ඇතුළත් කරගනු ලැබූ කුලියාපිටියේ දරුවාට යළි පාසල් ගමන අහිමිවී ඇතැයි ලංකා ගුරු සංගමය කියයි.
සිසුවාගේ මව මධ්‍යම පළාතේ එම ජනප‍්‍රිය පාසල අසල නිවසක් කුලියට ගෙන සිසුවා සමඟ නවාතැන් ගෙන සිටි අතර ඒ සඳහා නිවාස කුලිය වන රුපියල් 15,000 ගෙවා තිබුණේ ප්‍රධාන පෙලේ සමාගමක් විසිනි.
එම සමාගම විසින් මේ වනවිට එම මුදල ගෙවීම නවතා දමා ඇති බැවින් එය අහිමි වීමෙන් යළි ඔවුන් කුලියාපිටියට ගොස් ඇති බවත් මේ නිසා සිසුවාගේ පාසල් ගමන නැවතී ඇති බවත් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා පැවැසීය.
ඉංග‍්‍රීසි මාධ්‍යයෙන් 9 වසරේ අධ්‍යාපනය ලැබු එම සිසුවා දක්ෂ සිසුවෙක් බවත් ඔහුගේ අධ්‍යාපනය කඩාකප්පල් වීමට ඉඩ නොදිය යුතු බවත් පෙන්වා දුන් ගුරු සංගම් ලේකම්වරයා අධ්‍යාපන අමාත්‍යවරයා මැදිහත්වී වහා යම් පියවරක් ගත යුතු යැයි ද කීය.
කුලියාපිටිය විදුහලක ඉගෙනුම ලබමින් සිටි මෙම සිසුවා 2016 වසරේ දී අර්බුදයකට ලක්ව පාසල් ගමන නවත්වනු ලැබූයේ ඔහුගේ මව එච් අයි වී ආසාදිත කාන්තාවක් බැවින් දරුවා පාසලට එවීමෙන් තම දරුවන් අවදානමක වැටෙන බවට මව්පියන් දැඩි විරෝධතා දැක්වීම හේතුවෙනි.
පසුව ඔහුට පාසලක් ඉල්ලා ඔහුගේ මව කුලියාපිටිය අධ්‍යාපන කාර්යාලය ඉදිරියේ උපවාසයක් ද ආරම්භ කළ නමුත් කුලියාපිටිය අධ්‍යාපන කලාපයේ එම සිසුවාට පාසලක් ලැබුණේ නැත.
මෙසේ පාසලක් අහිමිවීම පිළිබඳව මාධ්‍යයෙන් අනාවරණය වූ අවස්ථාවේ මධ්‍යම පළාතේ ජනපි‍්‍රිය විදුහලක් මෙම සිසුවා භාරගත් අතර ඔහුට එදිනෙදා වියදම් සියල්ල විවිධ පුද්ගලයෝ බාරගත්හ. මේ වනවිට එසේ භාරගත් බොහෝ දෙනෙක් බාරගත් දේ අමතක කර ඇති බව ද ස්ටාලින් මහතා පැවැසීය.
කෙසේ වෙතත් මේ සම්බන්ධව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා වෙත දැනුම් දී මෙම ප‍්‍රශ්නයට මැදිහත් වන්නැයි ඉල්ලා සිටි බව ද ලේකම්වරයා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එම මොහොතේ ඒ පුවතට ලැබුන ප්‍රසිද්ධියත් සමගම, ඔවුන්ගේ සමාගම ප්‍රසිද්ධ කරගැනීමේ අරමුණින් තක්කඩි වර්ගයේ උදව්වක් කර ඇති බව පෙනේ. ලැජ්ජයි!!!
අධ්‍යාපනය ලැබීම ළමයාගේ අයිතියක් දෙන දරුවාගේ අම්මට සල්ලි නැත්නම් දරුවා පාසල් යවන්න බැහැ. උගන්වන්න බැහැ. වහාම මේ ක්‍රමවේදය වෙනස් විය යුතුයි. මුදල් නොමැතිකම නිසා දරුවන්ගේ පාසල් ගමන අහිමි නොවිය යුතුයි. එවැනි අවස්ථාවකදී සියලුම අත්‍යාවශ්‍ය වියදම් දැරීම සඳහා අරමුදලක් පිහිටුවලා ඇති හැකි අයගෙන් වගේම නිදහස් අධ්‍යාපනයෙන් පල ප්‍රයෝජන ගත් අයගේ දායකත්වය ලබාගෙන වැඩපිළිවෙලක් සකස් කළ හැකියි. තවදුරටත් ඕනෑ නම් දරුවන් නැති විශාල ධන ස්කන්ධයක් හිමි අය ඕනේ තරම් මේ රටේ ඉන්නවා. ඒ අයගේ දායකත්වයත් ඒ අයගේ දේපලත් මෙම අරමුදලට පරිත්‍යාග කරන බව හොඳටම විශ්වාසයි. විනිවිදභාවයෙන් යුතු භාරකාර මණ්ඩලයක් පත් කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන පාර්ලිමේන්තුවට ගේන්න.
මෙතන පාසලේ ප්‍රශ්නයක් නැහැ. වෙන හේතුවක්.
සම්පත් මහතා ඉතාම වැදගත් කතාවක් පවසා ඇත. එය මෙරටට ප්‍රතිපලදායි වනු ඇත.