IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


කුලියාපිටිය තරුණයා අතුරුදන් කළැයි කියන සැකකරුට ඇප

(දිනේෂ් උපේන්ද්‍ර) 

කුලියාපිටිය කබලෑවේ සුසිත් ජයවංශ නැමති 31 හැවිරිදි තරුණයාගේ අතුරුදන්වීමට සැකකෙරෙන සුජිත් ප්‍රනාන්දු නොහොත් සිඟිති නැමති ප්‍රධාන සැකකරු අධිකරණයට බාරවීමෙන් පසු රුපියල් ලක්ෂ 5බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින්නැයි කුලියාපිටිය මහේස්ත්‍රාත් රන්දික ලක්මාල් ජයලත් මහතා අද නියම කළේය.

සැකකරු මෝසමක් මගින් සිය නීතිඥයින් හරහා අධිකරණයට බාරවීමෙන් අනතුරුව එසේ ඇප නියමවිය.

සැකකරු එසේ මෝසමක් මගින් විවෘත අධිකරණයට බාරවීමේදී පොලිසිය අධිකරණය හමුවේ කියා සිටියේ සැකකරු අධිකරණය, නීතිය හෑල්ලුවට ලක්කරමින් වසංව සිටි බවයි.

එමෙන්ම රජයේ නිළධාරීන් කාලය ශ්‍රමය කැපකරමින් දිවයිනේ සෑම ප්‍රදේශයකම සැකකරු සෙවූ බවත් මධ්‍ය මේ පිළිබඳව පුලුල් ප්‍රචාරයක් ලබාදුන් පසුබිමක නීතිගරුක පුද්ගලයකු නම් පොලිසියට ඉදිරිපත්වීමට හැකිව තිබූ බවත් පැවසීය.

 



අදහස් (7)

කුලියාපිටිය තරුණයා අතුරුදන් කළැයි කියන සැකකරුට ඇප

Ruwan R Monday, 06 May 2024 05:02 PM

දැං අතුරුදහන් වුණු කෙනා හමුවෙලාද එතකොට?

:       0       27

Palitha Monday, 06 May 2024 05:14 PM

ඒ කොහොමද මෙයාට ඇප ලැබුනේ, මෙච්චර අපරාධයක් කරලාත්...!

:       1       37

Kule Monday, 06 May 2024 05:43 PM

අධිකරණ තීන්දුවට ගරුකරමු. සැකය අපි තියාගමු. ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම ඒ අදාළ ආයතන ඒවි.

:       6       12

ජයනාත් Monday, 06 May 2024 08:32 PM

අතුරුදන් තරුණය ගැන කිසිම තොරතුරු නොදැන කොහොමද මෙයාට ඇප ලැබුණේ... බී වාර්තාව ගැන සැකයක් එනවා නේද?

:       0       14

Gonaa Tuesday, 07 May 2024 09:10 AM

හරි. දැන් මේ තව මේවගේ සිද්ධියක වුණා වගේ මේකා නැවත හොයායන්නේ අවුරුදු 30 කින්

:       0       0

wedage Tuesday, 07 May 2024 12:34 PM

අතුරුදන් වුණ තරුණයාාගේ සිරුර කැළෑවක තිබිලා හම්බ වෙලා.. මෙම ඇප දුන්නු කෙනාව නැවතත් අත්අඩංගුවට ගන්නවාද?

:       0       1

dasun Tuesday, 07 May 2024 01:14 PM

අනේ ඒ තරුණයා ගේ මළ සිරුර හම්බ වෙලා... දැන් ඇප දීම සාධාරණයිද ? වහාම අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරන්න...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 448 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1036 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site