
(දිනේෂ් උපේන්ද්‍ර)
කුලියාපිටිය කබලෑවේ සුසිත් ජයවංශ නැමති 31 හැවිරිදි තරුණයාගේ අතුරුදන්වීමට සැකකෙරෙන සුජිත් ප්‍රනාන්දු නොහොත් සිඟිති නැමති ප්‍රධාන සැකකරු අධිකරණයට බාරවීමෙන් පසු රුපියල් ලක්ෂ 5බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින්නැයි කුලියාපිටිය මහේස්ත්‍රාත් රන්දික ලක්මාල් ජයලත් මහතා අද නියම කළේය.
සැකකරු මෝසමක් මගින් සිය නීතිඥයින් හරහා අධිකරණයට බාරවීමෙන් අනතුරුව එසේ ඇප නියමවිය.
සැකකරු එසේ මෝසමක් මගින් විවෘත අධිකරණයට බාරවීමේදී පොලිසිය අධිකරණය හමුවේ කියා සිටියේ සැකකරු අධිකරණය, නීතිය හෑල්ලුවට ලක්කරමින් වසංව සිටි බවයි.
එමෙන්ම රජයේ නිළධාරීන් කාලය ශ්‍රමය කැපකරමින් දිවයිනේ සෑම ප්‍රදේශයකම සැකකරු සෙවූ බවත් මධ්‍ය මේ පිළිබඳව පුලුල් ප්‍රචාරයක් ලබාදුන් පසුබිමක නීතිගරුක පුද්ගලයකු නම් පොලිසියට ඉදිරිපත්වීමට හැකිව තිබූ බවත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැං අතුරුදහන් වුණු කෙනා හමුවෙලාද එතකොට?
ඒ කොහොමද මෙයාට ඇප ලැබුනේ, මෙච්චර අපරාධයක් කරලාත්...!
අධිකරණ තීන්දුවට ගරුකරමු. සැකය අපි තියාගමු. ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම ඒ අදාළ ආයතන ඒවි.
අතුරුදන් තරුණය ගැන කිසිම තොරතුරු නොදැන කොහොමද මෙයාට ඇප ලැබුණේ... බී වාර්තාව ගැන සැකයක් එනවා නේද?
හරි. දැන් මේ තව මේවගේ සිද්ධියක වුණා වගේ මේකා නැවත හොයායන්නේ අවුරුදු 30 කින්
අතුරුදන් වුණ තරුණයාාගේ සිරුර කැළෑවක තිබිලා හම්බ වෙලා.. මෙම ඇප දුන්නු කෙනාව නැවතත් අත්අඩංගුවට ගන්නවාද?
අනේ ඒ තරුණයා ගේ මළ සිරුර හම්බ වෙලා... දැන් ඇප දීම සාධාරණයිද ? වහාම අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරන්න...