IMG-LOGO

කුලියාපිටිය ඩිෆෙන්ඩර් අනතුරේ රියදුරුට ඇප

(දිනේෂ් උපේන්ද්‍ර)

යතුරුපැදියක් හා ඩිෆෙන්ඩර් රථයක්  ගැටී සිදුව තිබූ රිය අනතුර සම්බන්ධව අත්අඩංගුවට ගත්  ඩිෆෙන්ඩර් රථයේ රියදුරු කුලියාපිටිය මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්‍ෂ 2 බැගින් වූ ශරීර ඇප දෙකක් මත කුලියාපිටිය වැඩ බලන මහේස්ත‍්‍රාත් බන්ධුල විජේසිංහ මහතා මුදාහරින ලෙස නියෝග කළේය.

මෙසේ ඇපමත මුදා හැරිය බිමල් තරංග විජේසිරි නමැත්තෙකි.

මුල් අවස්ථාවේදී රථය පැදවූ රියදුරු සම්බන්ධව මතුව තිබූ ගැටලූව හේතුවෙන් රථයේ ගමන්ගත් 14 හැවිරිදි දරුවකු සමගින් තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබූ අතර වීඩියෝ දසුන් නිරීක්‍ෂණය කිරීමෙන් පසු රථයේ හිමිකරු එසේ අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

එහිදී පොලිසිය අධිකරණය හමුවේ කියා සිටියේ සැකකරු අධික වේගයෙන් නොසැලකිළිමත් ලෙසින් රිය පදවීම හේතුවෙන් අදාළ අනතුර සිදුව ඇති බවයි.

එමෙන්ම සැකකාර රියදුරු නියමිත මාර්ගයෙන් දකුණු දෙසට ධාවනය කර තිබූ බවත් පැදිකරු ප‍්‍රතිවිරුද්ධ දෙසින් පැමිණ ධර්මරාජ මාවතට දකුණට හැරවීමට සංඥා පහන් දල්වා ඇති අවස්ථාවේදී එම ගැටීම සිදුව ඇති බවත් අධිකරණය හමුවේ පොලිසිය වැඩිදුරටත් කරුණු දැක්වීය.

 



අදහස් (5)

කුලියාපිටිය ඩිෆෙන්ඩර් අනතුරේ රියදුරුට ඇප

Sj Monday, 02 May 2022 08:05 PM

සල්ලිවලට හැමදේම යටයි. අහිංසකයෙක් මිය ගියා. අනේ අපේ රට...!

:       1       26

නිසල්Monday, 02 May 2022 10:36 PM

මුදල් බලය සියල්ල අභිබවනු ඇත.

:       0       0

Neela Monday, 02 May 2022 08:27 PM

"එහිදී පොලිසිය අධිකරණය හමුවේ කියා සිටියේ සැකකරු අධික වේගයෙන් නොසැලකිලිමත් ලෙසින් රිය පැදවීම හේතුවෙන් අදාළ අනතුර සිදුව ඇති බවයි." මෙය නොසැලකිලිමත්කම නොවේ. දැන දැනම අධික වේගයෙන් රිය පදවා කරන ලද මනුෂ්‍ය ඝාතනයක්. නිල්-රතු සංඥා දාපුවාම ප්‍රභූ කෙනෙක් වෙනවාද? මෙය අපරාධමය වරදක් ලෙස සලකා දඬුවම් දිය යුතුය.

:       0       0

උපාලි Monday, 02 May 2022 09:01 PM

මහේස්ත්‍රාත්තුමා විසින්නී තීඥ බන්ධුල විජේසිංහ මහතාට මින්ඉදිරියට වැඩබලන මහේස්ත්‍රාත් තනතුර නොදිය යුතුයි. අධිකරණය හෑල්ලුවට ලක්වෙනවා. ජනතාව කුපිත වෙන වැඩ තමයි වැඩබලන විනිසුරු කරලා තියෙන්නේ.

:       0       0

Indika Monday, 02 May 2022 10:14 PM

මිනිභෙක් මැරැනාම ඇප දෙන්න පුලුවන්ද? එක දවසෙන්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 173 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 670 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1069 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site