IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


කුලියාපිටි තරුණයාගේ ලේ සහිත තවත් වෑන් රියක් මාතලේ

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

කුලියාපිටියේ පෙම්වතියගේ නිවෙසට ගිය සුසිත් ජයවංශ නැමැති තිස් හැවිරිදි තරුණයා පැහැරගෙන අතුරුදන් කිරීමට යොදාගත් බවට සැලකෙන වෑන් රථය මාතලේ, විල්ගමුව සතිපොළ ආසන්නයේ අතහැර දමා ගොස් තිබියදී  සොයාගත් බව විල්ගමුව පොලිසිය සඳහන් කරයි.

මාතලේ කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂා කිරීමේ ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් මෙම වෑන් රථය සියුම් ලෙස සෝදිසි කිරීමේදී වෑන් රථය තුළ තැවරී තිබූ ලේ පැල්ලම් බවට සැක කළ හැකි රතු පැහැති පැල්ලම් දෙකක් සොයා ගැනීමට හැකිවී ඇතැයි පොලිසිය පැවැසීය.

එම පැල්ලම්වල සාම්පල් වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ විශේෂඥයන්ට යැවීමට පොලිසිය කටයුතු යොදාගෙන යයි.

තරුණයා අතුරුදන් කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන සිඟිති නමැත්තා ගේ මස්සිනා කුලියාපිටිය ප්‍රදේශයේ වාහන කුලියට ලබා දෙන ස්ථානයකින් දින දෙකකට යැයි කියා පසුගිය අප්‍රේල් 22 වැනිදා මෙම වෑන් රථය ඉල්ලාගෙන ගොස් තිබූ බව පොලිසිය කියයි.

ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන සිඟිති නමැත්තාගේ මස්සිනා ඊට කලින් මෝටර් රථයක් මෙම ස්ථානයෙන් කුලී පදනම මත රැගෙන ගොස් එය නැවත බාරදී විල්ගමුවෙන් සොයාගත් මෙම වෑන් රථය කුලී පදනම මත රැගෙන ගොස් තිබූ බව ද පොලිසිය සඳහන් කළේය.

 



අදහස් (0)

කුලියාපිටි තරුණයාගේ ලේ සහිත තවත් වෑන් රියක් මාතලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 442 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 246 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1035 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site