(යොහාන් භාසුර)
මෑතකදී විවෘත කළ නව කැලණි පාලම හෙවත් ‘කල්‍යාණි රන් පිවිසුමෙන්’ දුර ගමන් සේවා සාමාන්‍ය බස් රථ ධාවනය කිරීමෙන් කොළඹට පැමිණෙන ජනතාව දැඩි අපහසුතාවට පත්වන බවට චෝදනා එල්ල වේ.
එම පාලමේ මාර්ග සැළසුමට අනුව කොළඹට පැමිණෙන ජනතාවට හතරේ කණුව, කැලණිය දුම්රිය ස්ථානය, පැළියගොඩ සහ කැලණිය ගුවන් පාළම යන ස්ථානවලින් බසයෙන් පිටවීමට නොහැකි වීමෙන් මෙම තත්වය උදාවී තිබේ.
බස් රථවල කොන්දොස්තර මහතුන් එම මගීන් ඔරුගොඩවත්තෙන් බස්සවා ත්‍රිරෝද රථයක යන ලෙස උපදෙස් දෙන අතර මේ හේතුවෙන් ඇතැම් මගීහූ දැඩි අපහසුතාවට පත්වෙති.
ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ උසස් නිලධාරියෙක්ගෙන් මේ පිළිබඳව කළ විමසුමකදී පැවසුවේ ඒ පිළිබඳව දැනුවත්ව නොසිටි බවත් සාමාන්‍ය දුරගමන් සේවා සම්බන්ධයෙන් පියවරක් ගන්නා බවත්ය.
මාර්ග සංවර්ධන අධිකාරියේ උසස් නිලධාරියෙක්ගෙන් මේ පිළිබඳව කළ විමසුමේදී පැවසුවේ බස් පමණක් නොව සෙසු සැහැල්ලු වාහන ද මෙම තත්වයට මුහුණදීම පිළිබඳව අවධානය යොමු කර පැරණි කැලණි පාලම අසළින් විකල්ප මාර්ගයක් ඉදිකිරීමට මේ වන විට සැළසුම් කරමින් සිටින බවත් එහි ඉදිකිරීම් තවත් මාස තුනකින් පමණ ආරම්භ කරන බවත්ය.
බස් රථ පාලමෙන් ධාවනය කිරීම පිළිබඳව ප්‍රවාහන අමාත්‍යංශය කටයුතු කළ යුතු බවත් මාර්ග සංවර්ධන අධිකාරියේ උසස් නිලධාරියා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රජය කලොත් කරන්නේ අමන ගොන් වැඩමයි.වග කිව යුතු නිලධාරීන් මේ ගැන නොදැනුවත් වන්නේ කෙසේ? ඔවුන් නිදිද ?
අනේ අනේ මේවා කාට කියන්නද? පටි කපන්න නම් සර් ඉදිරියෙන් හිටියා...
මේ ආණ්ඩුව බලන්නේ කෝටිපති ගජමිතුරන්ට සහ වාහනවලින් යන සල්ලිකාරයින්ට සැප පහසුව සලසන්න. බස්වල ගමන් කරන මධ්‍යම පාන්තිකයාට හෙණ ගැහුවත් ආණ්ඩුවට ප්‍රශ්නයක් නොමැත. මුලින්ම කොඩි අරන් ඇවිත් මේ ආණ්ඩුවට ඡන්දෙ දීපු විදේශ ශ්‍රමිකයාට වැටෙන්නම දුන්නා. ඉන්පසු කඩේගිය සංචාරක කර්මාන්ත සේවය කරන්නත්, ගොවියාට සහ රජයේ සේවකයාට දුන්නා ශොට් එක...
ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ උසස් නිලධාරීන් මේ පිළිබඳව දැනුවත්ව නොසිටියේ නම් ඔවුන් ඒ තනතුරු දැරීමට සුදුසු නොවේ. ජනාධිපති තුමාටම ගැලපෙන නිලධාරි…!
මධ්‍යම පාන්තිකයා සහ නිර්ධන පන්තිය අපහසුවට ලක් කරන ඉහල පෙලේ පොහොසතුන්ට පමණක් සෙත සැලසෙන සංවර්ධන ව්‍යාපෘති වලින් පලක් තිබේද ?