
( බී.ජි. චතුරංග )
හෝමාගම ප්‍රදේශයේ සිට අනුරාධපුරයට පැමිණ නිවසක් කුලියට ගෙන, සොරකමේ නිරත වූ පුද්ගලයෙකු, සොරකම් කරන ලද රුපියල් ලක්ෂ විස්සකට වැඩි ලැප්ටොප් පරිගණක 7ක් , ස්මාර්ට් ජංගම දුරකථන 15ක් සමග අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.
ෙමෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ හෝමාගම කිරිවත්තුඩුව ප්‍රදේශයේ ස්ථිර පදිංචිව සිට දැනට අනුරාධපුර ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේ කුලී නිවසක තාවකාලිකව පදිංචිව සිටින 42 හැවිරිදි පුද්ගලයෙකි.
අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදු කල ප්‍රශ්න කිරීම් වලදී , දහයියාගම ප්‍රදේශයේ ජංගම දුරකථන අලෙවි සැලකට ඇතුළු වී ජංගම දුරකථන 20ක් සොරා ගැනීම , රාත්‍රී කාලයේ ආයතනයකට ඇතුළු වී 450000ක් වටිනා ලැප්ටොප් පරිගණක 3ක් සොරකම් කිරීම , ජාත්‍යන්තර පාසල් ගොඩනැගිල්ලක් බිඳ රුපියල් 60000ක් වටිනා ලැප්ටොප් පරිගණකයක් සොරකම් කිරීම , වෙළඳ සැලක් බිඳ රුපියල් ලක්ෂ 8කට වැඩි දේපල සොරා ගැනීම , පුද්ගලික ආයතනයකට ඇතුළු වී 60000ක් වටිනා ලැප්ටොප් පරිගණකයක් සොරකම් කිරීම ඇතුළු සොරකම් රාශියක් පිළිබඳ තොරතුරු අනාවරණය වූ බව පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
693
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1117
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කුලියට නිවසක් ගෙන හොරකමේ ගිය අයෙක් පොලිස් දැලේ