
එකිනෙකාට ආපහාස කරමින් වාග් ප්‍රහාර හුවමාරු කරගත් ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කොලොම්බියා ජනාධිපති ගුස්ටාව් පෙට්රෝ අතර හමුව ධවල මන්දිරයේ දී පැවැත්විණි.
කොලොම්බියා ජනාධිපතිවරයා ධවල මන්දිරයට පැමිණියේ ට්‍රම්ප්ගේ ඇරැයුමකට අනුව, ට්‍රම්ප් සමඟ සාකච්ඡා පවත්වා පවතින මත ගැටුම් අවසන් කිරීමටය.
ලෝක නායකයන් බොහෝ දෙනකු ප්‍රසිද්ධියේ ට්‍රම්ප් විවේචනය කරද්දී, නොබියව ට්‍රම්ප් විවේචනය කළ රාජ්‍ය නායකයකු වන්නේ ජනාධිපති ගුස්ටාව් පෙට්රෝ ය.
ට්‍රම්ප්ගේ අණින්, වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝ සහ බිරිඳ සීලියා ඇමෙරිකන් ඩෙල්ටා ෆෝස් සෙබළුන් විසින් ඇමෙරිකාවට කුදලාගෙන ඒමෙන් පසු ට්‍රම්ප් දැඩි ලෙස විවේචනය කළ අයකු වන්නේ ද ජනාධිපති ගුස්ටාව් පෙට්රෝය.
වෙනිසියුලාව මෙන්ම කොලොම්බියාව ද ලතින් ඇමෙරිකා රාජ්‍යයකි. ට්‍රම්ප්, වෙනිසියුලා ජනාධිපති මදුරෝ අල්ලාගෙන ඒමට හමුදාව යෙදවුයේ ඔහු මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවන බවට චෝදනා නගමිනි.
ඇමෙරිකාවට කොකේන් මත්ද්‍රව්‍ය ලැබෙන්නේ වෙනිසියුලා මත්ද්‍රව්‍ය කල්ලි හරහා බවත්, එස කල්ලිවලට මදුරෝ සහ බිරිඳ සීලියා සම්බන්ධ බවටත් චෝදනා එල්ල වී ඇත.
ඒ සම්බන්ධයෙන් නිව්යෝක් නුවර අධිකරණයක නඩු විභාගයක් ද පැවැත්වෙයි.
ජනාධිපති ගුස්ටාව් පෙට්රෝ ජනාධිපති ට්‍රම්ප්ට දොස් නගද්දී, ජනාධිපති ගුස්ටාව් පෙට්රෝ ද මත්ද්‍රව්‍ය කල්ලි හා සම්බන්ධ බවට ට්‍රම්ප් පෙරළා චෝදනා නැගීය. මදුරෝට අල්ලා ගත් ආකාරයට කොලොම්බියා ජනාධිපතිවරයා අල්ලා ගැනීමට හමුදාව එවන බවට ට්‍රම්ප් පෙරළා පිළිතුරු දුන්නේය.
කෙසේ නමුත් ධවල මන්දිරයට ගොස් ට්‍රම්ප් හමුවී සාකච්ඡා පැවැත්වීමට ජනාධිපති ගුස්ටාව් පෙට්රෝ තීරණය කළ අතර, ට්‍රම්ප් ඔහුට ඇරැයුම් කළේය.
ධවල මන්දිරයට පැමිණි ජනාධිපති ගුස්ටාව් පෙට්රෝ සුහඳව පිළිගත් ට්‍රම්ප් ඔහු සමඟ සාකච්ඡා පැවැත්වීය. එම සාකච්ඡා ඇමෙරිකාවටත් කොලොම්බියාවටත් වාසි සහගත ලෙස අවසන් වුණු බව ඇමෙරිකන් මාධ්‍ය පසුව වාර්තා කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd