(යොහාන් භාසුර)
ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සුදුසුකම් ලැබීමේ තරගයට කලම්බෝ ස්ටාර්ස් පිල අද (21) රාත්‍රී සුදුසුකම් ලබාගැනීමට සමත් විය.
ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඊයේ (21) රාත්‍රී පැවැති දෙවැනි සුදුසුකම් ලැබීමේ තරගයේදී ඇන්ජලෝ මැතිව්ස් මෙහෙයවන කලම්බෝ ස්ටාර්ස් පිල කඩුලු 7 කින් කුසල් මෙන්ඩිස් මෙහෙයවන ගෝල් ග්ලැඩියේටර්ස් පිල පරාජය කිරීමට සමත් විය.
කලම්බෝ ස්ටාර්ස් පිල සහ කැන්ඩි ෆැල්කන්ස් පිල අතර තෙවැනි සහ අවසන් සුදුසුකම් ලැබීමේ තරගය ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී හෙට (22) පස්වරුවේ පැවැත්වීමට නියමිතය.
ගෝල් ග්ලැඩියේටර්ස් පිල ඕවර 18 කදී කඩුලු 9 ට 108 (සහන් ආරච්චිගේ 53, ඉමාද් වසීම් 17, කසුන් රාජිත 9/2, මොහොමඩ් නබී 20/2, බෙනි හොවෙල් 17/3) කලම්බෝ ස්ටාර්ස් පිල ඕවර 16.5 කදී කඩුලු 3 ට 109 (රවී බොපාරා නොදැවී 43, ඇන්ජලෝ මැතිව්ස් 20)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd