
(ඩයනා උදයංගනී)
ජාතික කලාභවනේ ප්‍රතිසංස්කරණ කටයුතු ලබන වසරේදී අවසන් කිරීමට හැකිවන පරිදි අවශ්‍ය ප්‍රතිපාදන ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
දීර්ඝ කාලයක් තිස්සේ සිදුකරන මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු මෙම වසරේදී අවසන් කිරීමට සැලසුම් කර තිබුණත් රට තුළ පැවති තත්වය හේතුවෙන් අවසන් කිරීමට නොහැකි වූ බවත්, දැනට එහි ප්‍රතිසංස්කරණ කටයුතුවලින් සියයට 80ක් පමණ නිම කර ඇති බවත් ඇමතිවරයා සඳහන් කළේය.
ඉතිරි කටයුතු නිම කිරීම සඳහා වන සැලසුම් සහ ඇස්තමේන්තු මොරටුව විශ්ව විද්‍යාලයේ ගෘහ නිර්මාණ පීඨයේ ව්‍යාපෘති උපදේශක ඒකකය විසින් පිළියෙල කර ඇති බව ද ඇමතිවරයා කීවේය.
බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (20) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙම අනුමැතිය හිමිව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd